IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන්නැයි උද්ඝෝෂණ

වන්නි රොමේෂ් මධුෂංඛ
ලංකාවේ සියලු බන්ධනාගාරයන්හි සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අද (22) වව්නියාව නගරයේ විරෝධතා පෙලපාලියක් සංවිධානය කර තිබුණි.


වව්නියාව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පෙලපාලිය වව්නියාව බසාර් වීදිය ඔස්සේ ගමන් කොට වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඒ-9 මාර්ගයේ හිඳගැනීමට පියවර ගත්හ.


දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පවුල් එකමුතුවත් වව්නියාවේ පිහිටි සිවිල් සමාජ ඇතුලු බහුජන සංවිධාන කිහිපයක් විසින් මෙම විරෝධතා පෙලපාලිය සංවිධානය කර තිබුණි.


මේ හේතුවෙන් වාහන ගමනාගමනයට තරමක් බාධාසිදු වුවද වව්නියාව පොලීසියේ මැදිහත් වීමෙන් වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමට පියවර ගත් අතරම මාර්ගයේ හිඳගත් විරෝධතා කරුවන්ද ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු විය.


විරෝධතාවය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවේයි සේනාධිරාජා, සෙල්වම් අඩෙයික්කලනාදන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා පලාත්සභා මන්ත්‍රී පී.සත්‍යලිංගම් ඇතුලු දේශපාලන නියෝජිතයින් පරිසක්ද එක්ව සිටියහ.


විරෝධතාවයට එක් වූ පලාත්සභා මන්ත්‍රී පී.සත්‍යලිංගම් මහතා කියා සිටියේ ,
‘ නව ආණ්ඩුව බලයට පත්වී අවුරුදු 3ක් ගත වෙලා තියනවා ඒ වගේම යුද්දයෙන් පසුව වසර 09 ක් ගත වෙලා තියනවා නමුත් වසර ගණනවාක් පුරාවට ලංකාවේ සිරමරදිරිවල කිසිම නඩු විභාගයක් නැතිව මේ දේශපාලන සිරකරුවන් සිරගත වෙලා ඒ අයට කිසිදු පියවර අරගෙන නැහැ. මේ වෙද්දිත් අනුරාධපුරයේ ආහාර ගැනීම වර්ජනය කරන අපේ සහෝදර කොටසක් ඉන්නවා ඒ අය විතරක නෙවෙයි ලංකාවෙම ඉන්න මේ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉකමන් පියවරක මේ රජය ගත යුතුයි මොකද සාමය ගැන කතාකරන මේ රජය මේ අය ගැන නොසැලකිල්ලක් දක්වන්නේ ඇයි මේ අයට නඩු තියනවා නම් ඒවා අහල ඉවර කරන්නැත්තේ මේ අයගේ පවුල් හැමදාම දුක් විඳිනවා.

 

අපි බලාපොරොත්තුවෙන් හිටියා අලුත් රජය මේ අයට විසඳුමක් දෙයි කියලා නමුත් අලුත් රජය පත්වෙලත් අවුරුදු 3 ක් ගෙවුනා පරික්ෂණයක් තිබුණා නම් මේ වෙනකොට ඒවා ඉවර කරන්නත් කල් තිබුණා ඒ නිසා රජය දන්නවා මේ අය ඇයි හිරකරලයි ඉන්නේ කියලා හේතුවක් නැතිව මේ අයටත් මේ අයගේ පවුල් වලටත් හිරිහැර දුක් දෙන්නේ නැතිව මේ අය ඉක්මනින් නිදහස් කරන්න කියලා ඉල්ලනවා‘‘ යනුවෙනි.



අදහස් (3)

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන්නැයි උද්ඝෝෂණ

Bamunuarachchi Sunday, 23 September 2018 12:15 AM

ලංකාවේ දේශපාලන හිරකරුවන් කියා කොටසක් නැත දේශපාලන හේතුන් මත දැනට කව්රුත් හිරේ ලගින්නේ නැත. දේශපාලනය කරන ගමන් හොරකම් කලයි හේතු සහිතව ඔප්පු උන අය පවා දේශපාලනය තුළ යහතින් රැදී සිටිනු පෙනේ. එමනිසා මේ ඊනියා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම නැවත ත්‍රස්තවාදය රාජ්‍ය අනුග්‍රහය ඇතිව රටේ ස්ථාපිත කිරීමකි.

:       0       30

Perera Sunday, 23 September 2018 01:42 AM

අනේ ඔව් ඔය දේශපාලන හිරකරුවෝ ටිකයි, නැති බැරි කම් නිසා හොරකම් කරපු උන් ටිකයි, ඔන්න ඔහේ එලියට දාන්න.

:       0       1

jayantha Sunday, 23 September 2018 08:39 AM

මත්පැන්වලට පමණක් අවසරදී මතකුඩු තහනම් කිරීමට විරුද්ධව නැගීසිටි කෙනෙක් තමයි වෙලේ සුදා. එයත් දේශපාලන සිරකරුවෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18430 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site