(ළහිරු හර්ෂණ)
ධර්මන් වික්‍රමරත්නගේ 54 වන කෘතිය වන ‘‘කොම්රේඩ් ලයනල්‘‘ කෘතිය දොරට වැඩුම අද (05) කොළඹ 5 ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර , ආචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
‘‘ “කොම්රේඩ් ලයනල්’’ ග‍්‍රන්ථය තරුණයෙකුගේ කතාවකි. තරුණයෙකුගේ පමණක් නොව ජවිපෙ ක්‍රියාධරයෙකුගේද කතාවකි. එයටත් වඩා ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ජවිපෙ 2 වැනි කැරැල්ලේ දී එහි ප‍්‍රායෝගිකත්වය ක‍්‍රියාවට නැගූ කැරලිකරුවෙකුගේ සත්‍ය කතාවකි.
මෙම කතාවේ කතා නායකයා ලයනල් රණසිංහය. ඔහු 1961 කුරුවිටදී ඉපිද හොරණ ජීවත් වූවෙකි. උසස් පෙළ හදාරමින් සිටියදී 1981 ජවිපෙට එක්විය. වෘත්තියෙන් හොරණ නගරයේ රටකජු වෙළෙන්දෙකි. පසුව 1986 දී ජවිපෙ 2 වැනි කැරැල්ලේ ඉදිරිපෙළ ක‍්‍රියාකාරිකයෙකුව ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ ජවිපෙ උපායමාර්ගික ගමන් මඟ අනුව එය ක‍්‍රියාවට නඟමින් විජය කුමාරතුංග, කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, රහස් පොලිස් අධ්‍යක්ෂ ටෙරන්ස් පෙරේරා, එජාප මහ ලේකම් නන්දලාල් ප‍්‍රනාන්දු සහ කොළඹ එජාප නාගරික මන්ත‍්‍රී ජයන්ත මල්ලිමාරච්චි ඇතුළු 41ක් ඝාතනය කළ ලයනල් රණසිංහගේ ජීවිතය අලලා ලිය වූ සත්‍ය කතාවකි.‘‘
ධර්මන් විකරසත්මරත්න මහතා විසින් "කොම්රේඩ් ලයනල්" කෘතිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ප්‍රධානය කල අයුරු ඡායාරූපයේ දැක්වේ.
ධර්මන් වික්‍රමරත්න මහතා විසින් "කොම්රේඩ් ලයනල්" කෘතිය ලයනල් රණසිංහ මහතාගේ සහෝදරයෙකු වෙත ප්‍රධානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ධර්මන් වික්‍රමරත්නගේ 54 වන කෘතිය දොරට වඩී
මේනකා Tuesday, 05 November 2019 03:39 PM
මම ජේවීපී නොවෙයි. ධර්මන්ගේ සමහර පොත් කියවලා කියවලා තියෙනවා භාගයක් අතින් දාලා ලියන්නේ. බයියෝ ඔහුගේ බොරු කියවනවා.
Sugath Wednesday, 06 November 2019 05:57 AM
මෙතන ඉන්න අය දැක්කම පොත ගැන හිතා ගන්න පුළුවන්.