IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නීතියෙන්වත් ආරක්‍ෂාවක් නැති බූරුවෝ ගම්වදිති


(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය අර්ධද්වීපයේ වෙසෙන අපූරුතම සත්ත්ව සම්පතකි කල්පිටියේ වෙසෙන බූරුවන්. දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද  ආකර්ෂණයට ලක්වන මෙම සත්ත්වයන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය ගිලිහී ගොස් ඇත.

මේ වන විට ස්වභාවික හේතු, මිනිස් ක්‍රියාකාරකම් ආදී විවිධ හේතු නිසාවෙන් කල්පිටි බූරුවන් සීඝ්‍රවශයෙන් වදවීමේ අවදානමකට ලක්ව ඇත.  

කල්පිටි කළපුව කඩොලාන සෙවන හා වැළි කදු අතර නිම්න සිය වාස භූමිය කර ගත් මෙම සත්ත්වයන්ට තම වාසස්ථාන අහිමි වී ඇත. ඒ නිසා ඔවුන් ගම් බිම් කරා පැමිණ ඇත. 
         
මේ නිසා කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ මාර්ග අනතුරු ඇති වන ස්ථානයක් බවට පත් වී ඇත කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා පවසයි.

අතීතයේ දී ලුණු කර්මාන්තයේ ප්‍රධාන ප්‍රවාහකයින් වූ බූරුවන් ගම් වැදීම නිසා මිනිසුන්ගේ පහරකෑම් වලට ලක්වීමට සිදුවේ.

බූරුවන්ගේ අවිනිශ්චිත හෙට දිනය පිළිබදව අප කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක එම්.එම්.කේ.මොරතැන්න මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ වණ සත්ව හා වෘක්ෂලතා ආඥා පනතන් බූරුවා 
පැහැදිලිවම  ගෘහ අශ්‍රිතම සත්ත්වයෙකු වශයෙන් නම් කර ඇති බැවින්  බූරුවාන්ට අවශ්‍ය ආරක්ෂාව හා සංරක්ෂණය පනතින් නොලැබෙන බවයි.

 

 



අදහස් (11)

නීතියෙන්වත් ආරක්‍ෂාවක් නැති බූරුවෝ ගම්වදිති

Chandra Tuesday, 30 January 2018 04:54 AM

රට හදන තැන් වලට ඇරියෝත්නම් මොවුන්ට ආරක්ෂාවක් සපයාගන්න පුළුවන්. දැන් අපේ පැති වල නම් ඔක්කොමල ගිහිල්ල.............කිසි ප්‍රශ්නයක් නැහැ .

:       0       66

sampath Tuesday, 30 January 2018 05:43 AM

මොවන් නිදහස බුක්ති විඳිනවා වියහැකි.

:       0       3

sam Tuesday, 30 January 2018 05:57 AM

දියවන්නාව සමග හුවමාරු කරගත්තනම් රටට වැඩක් ගන්න තිබුනා

:       1       49

කමිල සංජීව Tuesday, 30 January 2018 06:07 AM

පුත්තලම ප්‍රදේශයේ ඉතිහාසය හා බැඳුණු මෙම අහිංසක සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ඉක්මන් වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඩෙල්ෆ් දූපතේ ඉන්න කැළෑ අශ්වයන්ගේ ඉරණමත් මේ හා සමානයි. යටත් විජිත යුගයේ සැකසූ නීති වල මෙම සතුන් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවයක් නොවූයේ එකල එම සතුන් බහුලව ගෘහාශ්‍රිතව සිට ඇති බැවින් එම නිසා වනජීවී නීති අදට ගැලපෙන ලෙස වෙනස් විය යුතුය. කණගාටුවට කරුණ පාලකයින් උනන්දුවෙන් සංශෝධනය කරන්නේ මහජනයාට පනවන දඩ මුදල් පමණක් වීමයි.

:       1       201

amali Tuesday, 30 January 2018 06:10 AM

පාර්ලිමේන්තුවේ ඉන්න අයට නම් ආරක්ෂාව තියෙනවා.

:       0       67

parakkrama Tuesday, 30 January 2018 06:38 AM

චන්ද්‍රා , ඔබේ යෝජනාව නම් හොඳයි.

:       0       18

janatha anura Tuesday, 30 January 2018 10:05 AM

කෙහෙල් මල් වෘක්ෂ ලතා පනතක් ගැන කියව කියවා බුදියාගන්න නිලධාරීන් ගෙදර යැවිය යුතු කාලය එළඹ ඇත. කිසිම දෙයකට පිළියමක් උන් ළඟ නොමැති නිසා වෙනි.......

:       1       104

janatha anura Tuesday, 30 January 2018 10:07 AM

පොල් බූරුවෝ ඉතාම අලංකාර දර්ශනයක් පාර්ලිමේන්තුවට යන්න ඉල්ලුම්පත්‍රයක් දාන්න පුළුවන් මේ අයට උඩින්ම මිනිස්සු ඡන්දෙ දෙනවා ජයවේවා බුරුවනි!!!!!!!!!!!!!!

:       0       6

maithree Tuesday, 30 January 2018 10:08 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී කට්ටිය බලන්න ඉන්න උජාරුව

:       0       1

David Tuesday, 30 January 2018 10:51 AM

අපේ රටේ නීති අවශ්‍ය විදියට වෙනස් වෙන්න පුදුම කාලයක්නෙ යන්නේ. බැලුවොත් නීතිවලින් භාගයක් විතර තියෙන්නේ සුද්දගේ කාලේ නීති. සුද්දාගෙන් නිදහස් වෙලා අවුරුදු 70 යි.

:       0       2

Buruvo Tuesday, 30 January 2018 11:04 AM

අපිට මේ කියන උන් අපිට වඩා බූරුවන්ය.....අපි නමින් බූරුවන් බව ඇත්ත නමුත් තමන්ගේ පොකට්වලට ගහල සුර සැප විදින උන්ට ඡන්දය දෙන උන් නියම බූරුවන්ය......

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 269 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site