IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නොනැසෙන මිත්‍රත්වය - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කෘතිය එළි දකියි

හර්ෂණ තුෂාර සිල්වා

ශ්‍රී ලංකාව පාකිස්තානය අතර පවතින ද්විපාර්ශවීක සබඳතා දකුණු ආසියානු කලාපයේ ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්වන බව කතානායක කරු ජයසූරිය මහතා අද (14) පස්වරුවේ පැවැසීය. 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශවීක සබඳතා දශක හතක අතීතයකට උරුමකම් කියන බව පැවැසූ කතානායක කරු ජයසූරිය මහතා දෙරටේ සබඳතා කලාපීය වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද වැදගතක්මක් උසුළන බව කීවේය.

පාකිස්තානයේ 70 වැනි නිදහස් දිනයට සමගාමීව  අර්ෂාද් කාසිම් විසින් රචිත ‘නොනැසෙන මිත්‍රත්වය - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය’ (ඇන් එන්ඩියුරින් ෆ්‍රෙන්ඞ්ෂිප් - ශ්‍රී ලංකා ඇන්ඞ් පාකිස්තාන්) කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් කතානායක කරු ජයසූරිය මහතා එම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය දෙරට මුහුණ දුන් දුෂ්කර අවස්ථාවවලදී එකිනෙකාට උපකාර කරගත් බව ද කතානායකවරයා මෙහිදි සිහිපත් කළේය. 

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක, හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ,  සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ,  ශ්‍රී ලංකාවේ පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් ආචාර්ය සර්ෆාස් අහමද් ඛාන් සිප්රා, ජාතික ඒකාබද්ධති සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය ඒ.එච්.එම් ෆවුසි, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීහූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.  

ඡායාරූප කුෂාන් පතිරාජ



අදහස් (6)

නොනැසෙන මිත්‍රත්වය - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කෘතිය එළි දකියි

kumar (galf) Tuesday, 15 August 2017 05:35 AM

ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරා පකිස්තානය,

:       0       0

Senarath Tuesday, 15 August 2017 07:02 AM

පාකිස්ථානය අපට යුද්ධෙදි ගොඩක් උපකාර කල කුහක කමින් තොරව. ඒ වගේම 1996 ලෝක කුසලනයේදීත් ඔඋන්ගේ රටේ ජනතාව අපේ ක්‍රීඩකයන්ට ලොකු ශක්තියක් උනා. ඒ නිසා මේ කෘතිය ඉතා වැදගත්.

:       0       0

raaman Tuesday, 15 August 2017 08:28 AM

කෝ අපේ මහ ඩබල? ඒ දෙන්නා ඉන්දියාවට බයේ ආවේ නැද්ද?

:       0       0

srimala Tuesday, 15 August 2017 08:28 AM

චායාරුප අනුව අපේ කට්ටිය අතරත් නොනැසෙන මිත්‍රත්වයක් තියෙන බව හොඳට පේනවා - අර එහෙ මෙහෙ ඉන්න පාක්ෂිකයන් තමයි ඇනකොටා ගන්නේ ,

:       0       0

chris Tuesday, 15 August 2017 11:16 AM

දෙරට අතර සබදතාවය කෙසේ වෙතත් පක්ෂ අතර සබද තාවය නම් කට දෙපැත්තෙන් දෝරෙ ගලනවා . අබසරනය් ශ්‍රී ලංකා.

:       0       1

de silva Tuesday, 15 August 2017 01:25 PM

ගමේ ගොඩේ ඉන්න පක්ෂදෙකේ පාක්ෂිකයෝ දබරකර ගත්තට පාර්ලිමේන්තුවේ ඉන්න මැති අමෙතිවරු එකට කන බොන එක කණ්ඩායමක් බවත් , මේගොල්ල රටේ සරය උරබෝන්නේ , එකිනෙකාගේ සහයෝගය මත බවත් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29473 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23634 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site