IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නිමක් නැති දුක් කඳුළු : කාට කියන්නද, කාට පෙනෙන්නද ?


අනුන්ගේ කුණුවලින් තමන් උපන් බිම පුරවනවාට විරුද්ධව වසර ගණනක් තිස්සේ විරෝධතා පැවැත්වූ ඔවුන්ට එකළ හිමි වූයේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර පමණි. ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබිණ. 

විසඳුම් සොයා ඔවූහු දේශපාලන බලධාරීන් වෙත ගියහ.දේශපාලන බලධාරීන් කීවේ පාර්ලිමේන්තුව නිවාඩු බවකි. අවුරුදු නිවාඩුවෙන් පසුව විසඳුමක් දෙන බවකි. එහෙත් අවුරුදු නිවාඩුව නිමා වීමටත් පෙරම ඔවුන්ගේ ජීවිත ගමන නිමා වී තිබේ. 
කුණු කන්දට එරෙහිව එදා සටන් කළ සටන් සගයෝ රැසක් අද වන විට කුණු කන්දක් යට මිහිදන් වී ගොසිනි.

දේශපාලන බලධාරීන්ට මේ තවත් එක් සිදුවීමක් පමණද. දේශපානඥයන් නම් ඔවුන්ට තිත්ත වී තිබේ. 

ඡායාරූප - ෂෙහාන් ගුණසේකර



අදහස් (18)

නිමක් නැති දුක් කඳුළු : කාට කියන්නද, කාට පෙනෙන්නද ?

jayantha Saturday, 15 April 2017 11:05 AM

අදහස් ප්‍රකාශ කිරීමේදී පරුෂ වචන භාවිත කරන්න සිදුවෙන අවස්ථාවක්. ජාතිය සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද, මැලේද, ආදිවාසිද කියනඑක නොව මේ හැමෝම මනුෂ්‍යයෝය. වසර ගණනාවක් තිස්සේ එන ප්‍රශ්නයක්. හිටපු සියලුම රජයවල් වගකීම බාරගත යුතුවෙනවා. අහිංසක ජීවිත කුණු කන්දට යටකළ ශාපය කිසිදාක ගෙවන්න බැරිවේවි. රජයකට වැහිනැති හෙන ඉල්ලන්න තරමට මේ අයගේ ජීවිත විනාශ වෙලා. එංගලන්තයෙන් ආව කුණුකන්ද බාරගන්න. අපේ දේශපාලකයින්ට දෙන කොමිස් කුට්ටිය මදිවුනා. ඡන්දේ දෙන අපි අපිටම තලාගන්න ඕන.

:       30       313

Asaranaya Saturday, 15 April 2017 01:57 PM

රටේ අගමැති, ආපදා කළමණාකරන ඇමැති, විදේශ ඇමැති, පළාත් පාලන ඇමැති මෙකි නොකී සේරම ඇමැතිවරු අලුත් අවුරුද්ද සැමරීමට පවුල් පිටින් රට සවාරි ගිහින් එන කල් ඉන්න වෙනවා දුක තුනී කරගන්න. රටකට ගිය කලක්. ගිය ආණ්ඩුවටත් මේ ආණ්ඩුවටත් බැරි උණා විසඳුමක් දෙන්න. හෙට ඉදන් කොළඹ කුණු තව දෙපොළකට කුණු කඳු ගහන්න ගෙනියන්න බලාපොරොත්තුව තියෙන්නේ.

:       1       269

NIMALLALITHA Sunday, 16 April 2017 02:44 AM

මේ හඬන, තැවෙන මිනිසුන්ගේ අඳෝනාවේ සාපය වග කිව යුතු හැම බලධාරියෙකුටම අත්වේවා. !!!

:       70       141

chandra weerasinghe Sunday, 16 April 2017 11:29 PM

මේ සිදුවෙන (අ)ස්වාභාවික විපත් කලබල අනුව මෙම රජය වහා පිටුදැකිය යුතු වේ . මහින්ද රාජපක්ෂ පාලනය හා මෙම පාලන සාමය සංසන්දනය කර බලන්න!! චන්ද්‍රයා

:       0       46

jaya Sunday, 16 April 2017 06:53 AM

කෝ මේ රංජන්, කොහෙද? මේ රංජන්, ඔය කුණු ටිකවත් අයින් කරමු නේද? රංජන්.

:       1205       15

පුෂ්පා Sunday, 16 April 2017 12:27 PM

මේක පාලකයන් විසින් දැන දැනම සිදු කළ දෙයක්... කිසිවෙකුට අත සොදා ගත නොහැකියි.

:       60       25

a.b. Srila Sunday, 16 April 2017 01:23 PM

අපි දැන් දැවෙන ප්‍රශ්නවලට බුද්ධිමත් විසඳුම් බලාපොරොත්තුව සිටින දුගී මනසක් ඇති මිනිසුන් වන්නෙමු. මේ අසරණ මිනිසුන් සේම අප හිස මත රටම කඩා වැටී අඬන්නට දිනයක් මේ දේශපාලකයෝ උදාකරනු නොඅනුමානයි... එතකන් අපි නිකමුන් සේ බලසිටිමුද?

:       13       37

priyantha Sunday, 16 April 2017 05:08 PM

මෙන්න මේ වගේ දේවල් ජ්‍යාතන්තර අධිකරණයට ගෙනහින් වගකිවයුත්තන්ට දඩුවම් කල යුතුයි. තමන්ට යන එන වාහනයට කෝටි ගණන් වියදම් කරගන්න දේශපාලුවෝ ඉන්න රටක අහිංසක ජනතාවට හිමිවන ඉරණම මෙය පමණි. දින සීයෙන් රට හදන්න ඉල්ලා ගත්ත මිනිස්සු දැන් මොනවද කරන්නේ... උනුත් හැදෙනවා මිසක් මිනිස්සුන්ට කරන දෙයක් නැත .

:       0       10

chris Sunday, 16 April 2017 09:06 PM

දෙවියනි ඔබ කොහිද?දැන් උබලාට සතුටුයිද? ජඩ දේශපාලකයනි, අබ සරණයි ශ්‍රී ලංකා !!!

:       0       0

Chanak Los Angeles Sunday, 16 April 2017 11:07 PM

දෙසපාලකයන්ට බත් ටික අතට අරගෙන කටට ඔබන්න හදන කොට හිතට වද දෙන්න ඕනේ මම මේ කන්නේ ජනතාවට බොරු පොරොන්දු දීල බලයට පත්වෙලා එම පොරොන්දු ඉෂ්ට නොකරමින් ගන්න වරප්‍රසාද වලින් නේද දෙවියනේ කියලා ....

:       0       8

ajith Monday, 17 April 2017 03:55 AM

ඒකාබද්ධේද මොකද්ද එකේ කට්ටිය කෝ .. අවුරුදු සමරනවද තාම. ඒ අය තමයි 75% වගකියන්න ඕන

:       20       1

hasantha Monday, 17 April 2017 04:35 AM

කොළඹ නගර සභාව දන්නා කාලේ ඉඳන් පාලනය කලේ යූ.එන්.පී එකයි. එහෙම තියලත් ඔවුන් තාම පරණ ආණ්ඩුවට චෝදනා කර කර ඉන්නවා.

:       0       24

roshan Monday, 17 April 2017 04:42 AM

වගකිව යුත්තේ කව්ද? වගකිව යුත්තන් වගකීම් කවදා ඉටුකරයිද? හෙට මේ කුණු කන්දේ ඉතිරි ටිකත් කඩා වැටේවි... !!! එහෙත් වගකිව යුත්තන් සදා නිහඬව සැපසේ කල් ගෙවාවී, අපි ජීවත් වෙමුද? මරාගෙන මැරෙමුද? කාට කියන්නද මේ ගැන දෙවියෝද? නිහඬය .. සැබවින්ම ඇත්තේ අධික දුකකි. වේදනාවකි. පසුතැවීමකි ..

:       0       3

mahinda Monday, 17 April 2017 06:28 AM

දේශපාලකයින්ට වාහන ගන්න බිලියන ගණන් ඉල්ලනවා. හැබැයි මේවට විසඳුම් දෙන්න සල්ලි නෑ. හැම ආණ්ඩුවම හිතන්නෙ තමාගේ බඩ ගැන තමා...

:       0       4

nihal pathmasiri Monday, 17 April 2017 07:02 AM

පක්ෂය, පාට, විදේශයන්ට ගැති බව කුමක් වේවා...!!! අද පාර්ලිමේන්තුවේ සිටින හැම දෙශපාලකයෙකුටම ඡන්දය දෙන අපි අතේ තමයි වරද තියෙන්නේ. ගෙදරට ඡන්දය ඉල්ලාගෙන දේශපාලන වහල් බව නිසා මේ අයට ඡන්දය දෙනවා.

:       0       5

Nishard Preena Monday, 17 April 2017 10:37 AM

නිදහස ලැබුන දා ඉඳල අපි රැවටෙනවා.. රවටනු ලබනවා. අපි දුක් විඳිනවා. මේ ගොල්ලො සැප විඳිනවා. දේශපාලනඥයින් කරන අපරාධ වලට පීඩිතයින්ගේ අඳෝනාවන්ට වැඩි කාලයක් යන්නට මත්තෙන්, මේ අය ඔක්කොමල රැස්වෙලා ඉන්න වෙලාවකට දියවන්නාවට උල්කාපාතයක් පාත් වෙයි.

:       0       0

sopi Monday, 17 April 2017 10:44 AM

කුණු වෙච්ච දේශපාලනයේ ඕජස අහිංසක සිවිල් ජනතාව මත කඩා වැටුණා. මේ දුක්බර මොහොත සැමගේම නෙත්වලට කඳුලකුත් සිත්වලට පසුතැවිල්ලකුයි ගෙන ආවා......

:       0       0

vipula Tuesday, 18 April 2017 06:31 AM

නගරසභාව එදා පටන්ම උන්ප් වුන නිසා යුද්දෙට වඩා දරුණු වුන යෝජනා සම්මත කරගන්න. හැබැයි මහින්ද මහත්තය මේකට විසදුම දුන්නත් ඔහු අද ගෙදර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 271 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site