IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නොරෝච්චෝලේ වන්නන්කුලම් වැව අවසරයකින් තොරව පුරවති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල නගරයේ පිහිටි පැරණි වන්නන්කුලම්  වැව කිසිදු අවසරයකින් තොරව නීති විරෝධි ලෙස පුරවමින් තිබේ.

නොරෝච්චෝල නගරයේ සිට ඉලන්තඩිය දෙසට ගමන් ගන්නා මාර්ගයේ  පිහිටි මෙම වැව බොරළු දමා පුරවා ඇවිදින මංතිරු හා ළමා උද්‍යානයක් සැකසිමට යැයි පවසමින් දේශපාලඥයකුගේ  මැදිහත් විමකින් මෙය සිදු කෙරෙන බව  ඇතැම්හු චෝදනා කරති.
 
ගංවතුර සමයේදී නොරෝච්චෝල නගරයේ ගංවතුර පාලනයට මෙම වන්නන්කුලම් වැව් මහත් දායකත්වයක් දක්වයි.
 
වගාවන් සදහා ජලය සපයා ගැනිමක් සිදු නොවන නමුත් නොරෝච්චෝල නගරයට තිබු සුන්දර ස්ථානයක් වු මෙම වැව අවස්ථා ගණනාවක දී විවිධ පුද්ගලයින් විසින් මෙම වැවට අයත් භුමිය අනවසරයෙන් අත්පත් කර ගැනිම සිදුව ඇති බව ද කියයි.
 
මේ වන විට වැව මැදින් හා තවත් තවත් පසෙකින් නීති විරෝධී ලෙස ගොඩ කරමින් මාර්ග සකසා තිබේ.

 
එසේම වැවේ ස්ථානයක් පුරවා ඇති අතර ඒ ආසන්නයේ වැව පිරවිමේ අරමුණින් බොරළු ටිපර් 100 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන විත් ගොඩ ගසා ඇත.
 

කෙසේ වෙතත් මේ පිළිබදව කළ  විමසිමේදී පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස්  එස්.එස්.පී .සේනාධිර මහතා පවසා සිටියේ මෙවැන්නකී.
 

“ මේ පිළිබදව අපිට කල්පිටිය ගොවිජන සේවා ප්‍රදේශීය නිළධාරි මාව දැනුවත් කළා .කඩිනමින්ම මම මේ පිළිබදව සොයා බැලුවා. මේ සදහා කිසිම ආයතනයකින් නිත්‍යානුකුල අවසරයක් නැතුවයි කරලා තිබුණේ. මම වහාම අපේ නිළධාරින් දැනුවත් කළා මෙම කටයුත්ත නවතා දමන්නත් ඒ වාගේම වැවට හානි කර ලෙස කර තිබු සියල්ල ඉවත් කරන්නත් .
 
ඒ එක්කම මේ වන විට අදාල නිති විරෝධී කටයුත්තට අදාල නිතියට අනුව ක්‍රියා කරන්නත් අදාල කටයුතු මේ වන විට කරගෙන යනවා යැයි ඔහු පැවසිය .

එසේම කල්පිටිය ගොවිජන සංවර් ධන ප්‍රාදේශීය නිළධාරිනී ඩබ්ලියු .එම්.ඩි.පි. විජේසිංහ මහත්මිය පවසා සිටියේ මෙවැන්නකී.
 
“ අපි මේ වන අදාල නිතිමය කටයුතු කළා .මේ වැව මේ ප්‍රදේශයේ තිබුන පැරණි වැවක් .එය නැවත හාර වැව ප්‍රතිසංස්කරණය කරන්නත් ඉදිරියේදිම කඩිනමින් කරන්න සුදානමක් තිබෙනවා .



අදහස් (9)

නොරෝච්චෝලේ වන්නන්කුලම් වැව අවසරයකින් තොරව පුරවති

sharm warn Tuesday, 07 July 2020 09:07 AM

ගොඩක් හොඳයි, එහෙම තමයි ඉඩම් අල්ලගන්න ඕනෑ... පස්සේ මේකෙත් මාලිගා හදයි. මොකක් හරි නඩුවක් එනකොට අයිතිකාරයෙක් නැති... තවමත් මේ රටේ මිනිසුන්ට කාලකණ්ණි දේශපාලුවන් කවුද කියලා අඳුනාගන්න බැරි හැටි...

:       0       12

Siripala Tuesday, 07 July 2020 11:11 AM

ගෝඨාභයට ජය වේවා.!

:       94       62

Nimal Karunaratne Tuesday, 07 July 2020 12:40 PM

දෙල්ගොඩ, මීගහවත්තේ තියෙන වැව දැනට හොර ඔප්පු ලියා අල්ලාගෙන ඉන්න කෙනාට එරෙහිව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර නොගන්නා හේතුව කුමක්ද ? මේ පිළිබඳව මම කිහිප වතාවක් දෙල්ගොඩ ගොවිජනසේවා නිලධාරිනිට සහ දෙල්ගොඩ ප්‍රාදේශීය සබාපති ටත් දැනුම් දුන්නත් තවමත් නිශ්ශබ්දයි.

:       0       237

රාණි සෙනෙහෙලතා Wednesday, 08 July 2020 04:07 AM

වටිනා පුරාන වැව ගොඩ කරලා ඉවර වුණාට පස්සේ බොරු ප්‍රකාශ කරන රජයේ නිලධාරිවරු. කෝ අනුරාධපුර පොලිසිය, නිදිද? ටිපර් එක්කම අත්අඩංගුවට නොගත්තේ පවතින මේ රජය මේ බැලූවැඩේට සම්බන්ධ නිසා නේද?

:       0       57

nimal karunaratne Wednesday, 08 July 2020 04:49 AM

දෙල්ගොඩ, මීගහවත්තේ තියෙන වැව දැනට හොර ඔප්පු ලියා අල්ලාගෙන ඉන්න මිනිහට එරෙහිව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර නොගන්නා හේතුව කුමක්ද? මේ පිළිබඳව මම කිහිපවතාවක් දෙල්ගොඩ ගොවිජන සේවා නිලධාරිනියට සහ දෙල්ගොඩ ප්‍රාදේශීය සභාපතිටත් දැනුම් දුන්නත් තවමත් නිශ්ශබ්දයි. දෙල්ගොඩ ප්‍රාදේශීය සභාව කියනවා අපිට අයිති නැත.., මේක අයිති ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට කියලා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කියනවා මේක අයිති දෙල්ගොඩ ප්‍රාදේශීය සභාවට කියලා. කාටද මේවා අයිති? ඇයි මහජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා මහජන මුදල් කාබාසිනියා කරමින් මේ කරන නාඩගම කුමක්ද?

:       0       328

මනොද දයාරත්න Wednesday, 08 July 2020 05:09 AM

නුවර වැව, කලා වැව, නාච්චදූව වැව, බසවක්කුලම වැව - මේ සියලු වැව් ගොඩ කර ඒ ඉඩම් විකුණා මිලියනපතියන් වෙන්න. පරම්පරා ගණනකට හම්බ කරගන්න. ඉතුරු කැලෑ ටිකත් කපලා දාන්න..

:       0       60

rana Thursday, 09 July 2020 06:45 AM

අපි දැනුවත් නැත, සොයා බලන්නම්, පසුව වෙන දෙකුත් නැත, හැමදාම එකම දෑ, අපොයි අපෙ රට ?

:       0       0

Adiri Thursday, 09 July 2020 07:47 AM

රටේ පාලනයක් නැද්ද?

:       0       43

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 09:17 AM

පහත්බිම් ගොඩ කිරීම නීතියෙන්ම තහනම් ක්‍රියාවක්... වැව් ගොඩකිරීම එයටත් වඩා අතිශයින් නීති විරෝධී ක්‍රියාවක්.. මෙයින් වෙන පරිසර හානිය සුළුපටු නොවේ.. එනමුත් වැව් ගොඩ කරනකම් බලන් සිටින නිලධාරි පැලැන්තිය තමන්ගේ රාජකාරිය ඉටුකරන හැටි අගනේය. මේ පස් පුරවන්නන් වාහන සමගම නීතියේ රැහැනට හසුකර දීමට මේ නිලධාරී පැලැන්තියට නොහැකිවූයේ මන්ද? සමහරවිට මෙම වැව පිරවූ අයගේ බල පුළුවන්කාරකම්වලට හෝ දේශපාලන බලයට ඇති බිය නිසා විය යුතුයි. නොඑසේ නම්, ඔවුන්ගේ මුදලට නිලධාරීන් ගැතිවිය හැකියි.. මේ කොයික වුණත්, මේ වැව ගොඩකිරීම ගැන අදාල තක්කඩින් නීතිය රැහැනට ගැනීමට පොලිසිය ඇතුළු සියලු වගකිව යුතු අංශ වහාම ක්‍රියාකළ යුතුයි. අහිංසක මිනිසෙකු පැලයක් සිටවීම මට ඉඩමකින් සුළු ප්‍රමාණයක් හෝ ගොඩ කළහොත් ගොවිජන සේවා අංශ මහා ඉහළින් රාජකාරි කරනු පෙනේ.. වාරිමාර්ග අංශද එසේය. එහෙත් වැවක් ගොඩකරනා තුරු ඔවුන් තද නින්දේය. කරුමෙක මහත...!!!

:       0       136

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28430 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site