IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නව ව්‍යවස්ථාව ගෙනාවොත් අවි අතට ගන්නවා. නැ‘හිර ජනතා සංවිධානය


අමදෝරු අමරජීව
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පා  ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව ඉදිරිපිට අද (28) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි.
නැගෙනහිර ජනතා සංවිධානය මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනන් උතුරු නැගෙනහිර එක් කරන බවත් එය රට බෙදීමක් විය හැකි බැවින් එය හකුලා නොගන්නේ නම් තමන් ඇතුළු තම සංවිධානය ආයුද අතට ගැනීම වැලැක්විය නොහැකි බව නැගෙනහිර ජනතා සංවිධානයේ කැඳවුම්කරු ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රි ජයන්ත විජේසේකර මහතා පැවැසීය.



අදහස් (38)

නව ව්‍යවස්ථාව ගෙනාවොත් අවි අතට ගන්නවා. නැ‘හිර ජනතා සංවිධානය

jayampathi Saturday, 28 October 2017 12:16 PM

ප්‍රසිද්ධියේ මේ විදියට අවි අතට ගන්නවා කීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කිරීමක් නොවන්නේද? මේ සම්බන්ධව යම් කිසි නීතියක් ක්‍රියාත්මක කිරීම සුදුසුයි.

:       7631       4795

RaveendraSaturday, 28 October 2017 03:23 PM

ජයම්පති, ඔබගේ අදහසට අප ගරු කරන්නෙමු. ලක්මවගේ දූ දරුවන් වන අප එක් ප්‍රධාන දෙයක් සිහි තබාගත යුතුමය. අප කුඩා අවදියේ ගුරුතුමිය කියාදුන් ඔවදන වන " පුතේ දුවේ ඔබලා උපන් මවුබිම තමාගේ මව මෙන් රැකගැනීම ඔබලාගේ යුතුකම වේ " අපගේ සිතිවල තවමත් රැදී තිබෙන්නේ මක්නිසාදයත් ඔබට නම් පුදුමයක් වේ. අපට නම් පළමුවත්, අපගේ මවුබිම දෙවනුවත්, අපගේ මවුබිම තුන්වනුවත්, අපගේ මවුබිම හැර වෙන කිසිවක් නොමැත. අප කිසිදු පක්ෂයකට ගැතිවී නොමැත. රතු, කොළ,නිල් යන මොන නිවට කාලකන්නි පක්ෂවල පිරිස බලයේ සිටියට අපට නම් අදාලම නැත. පළමුව දෙවනුව සහ තුන්වනුවත් අපගේ මාතෘභූමිය වියයුතුමය.

:       498       5889

!anuraSunday, 29 October 2017 01:51 AM

ප්‍රසිද්ධියේ කියන්නේ අවංක අය. හොරෙන් කරන්නේ වංක අය! ඒ නිසා ප්‍රසිද්ධියේ අදහස් කියන අයට අපි ගරු කරනවා.

:       0       77

bamunu Sunday, 29 October 2017 02:24 AM

නව ව්‍යවස්ථාවෙන් රට දෙකඩ වුණොත් එ්ත් අපිට ආයුධ අතට ගන්න වෙනවා නේද? නරකද කලින් අනතුරු ඇඟවීමක් කරන එක? නිය පොත්තෙන් කඩා ගන්න පුළුවන් තැන දී අපි එහෙම කරමු. එ්කනේ අපි ස්කොලේ යන කාලෙදී විවාදවලදී කීවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයට නැහැ කියලා. මේ අවි අතට ගන්න යන්නේ නැතිවී යන සිංහලයාගේ අයිතීන් රැක ගන්න. එකට විරුද්ධ වන්නාට මෙරට සිංහල පුරවැසිකම අයිති නැත.

:       245       3575

ජයරත්න Saturday, 28 October 2017 01:24 PM

ජනමත විචාරණයේ පරාජය විපක්ෂය දැන්ම බාර අරගෙන. බහුතර මතයට විරුද්ධව වැඩ කරන්න ගියොත් කලින් ඒ පාරේ ගිය අයට වුන දේම තමයි වෙන්නේ. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       5065       1940

janatha anura Sunday, 29 October 2017 04:21 AM

උන්නැහේ ලංකාවේද ඉන්නේ ජාති ද්‍රෝහිකම පරම්පරාගත දේශපාලනයෙන් වෙලාගෙන මේක අපි පරද්දනවා. දේශපාලන බේදයෙන් තොරව මේවා බලය අරන් දෙන්න. විදේශිකයන් ගත් පොරොන්දු නැතිනම් ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය.

:       141       3340

Sathyayaa Saturday, 28 October 2017 01:38 PM

ඉස්සර නම් කිව්වේ කාගේ කාගේත් කිල්ලෝටවල හුණු කියලයි. දැන් දැන් අහන්න හම්බ වෙන්නේ කාගේ කාගේත් ඉනේ පිස්තෝලයක් නැත්නම් සාක්කුවේ බෝම්බයක් කියලයි. බලයෙන් පහවීමේ හෝ බලය ලබා ගන්න බැරි වේදනාවෙන් කරන මර ලතෝනියක් වගේ තමයි මේ අවි ගන්න කතා ගැන අහන්න ලැබෙන්නේ.

:       1804       1669

SASATH Saturday, 28 October 2017 01:52 PM

ඕක තමයි යහපාලනය කියලා කියන්නේ හලෝ..

:       421       27

parakkrama Saturday, 28 October 2017 02:11 PM

ඉදිරියේදී සම්මත කර ගැනීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා නොයෙක් පාර්ශව ඉදිරිපත් කළ පිළිගත හැකි හෝ තෝරා බේරා ගතයුතු යෝජනා හා අදහස් අඩංගු කෙටුම්පතක් හෝ යම් දල සටහනක් සැකසී ඇති බවත් , එය මෙරට සියලු දේශපාලන නායකයින්ගේ පරිශීලනයට පත්ව ඇති බවත් තමයි මට වැටහෙන්නේ. මහ ජනතාව නොයෙක් ක්‍රියාකාරකම් සඳහා පෙළගැස්වීමේ යෙදෙන නායකයින් හෝ ඊට අනුකුලතාව දක්වන්නන් මේවා කියවා බලා තේරුම් ගෙන ද මෙලෙස ආණ්ඩුවට එරෙහිව අපවාද පෙළඹවීමට උත්සාහ දරන්නේ කියන දෙගිඩියාවෙන් හා සැකයෙනුයි මාත් සිටින්නේ. මොකද එය මා දැකලාවත් නැති නිසා ය. ඇත්තද නැත්තද නොදත් නිසා ය. නායකයින් කියන කියන දේවලට ඇහුම්කන් දීගෙන නොයෙක් දේ කිරීමටයි වැඩිදෙනකු පුරුදුවෙලා ඉන්නේ. මට ඇති මේ කුකුස හුඟ දෙනෙකුට ද ඇති බවයි මා සිතන්නේ. මගේ සිතුවිල්ල හරිද වැරදි දැයි කවුරු හරි පෙන්වා දුන්නොත් සතුටුයි. ආණ්ඩුව පැත්තේ සියලු නායකයින් කියා සිටින්නේ මෙසේ ප්‍රසිද්ධියට පත්කොට ඇත්තේ සියලු පාර්ශව එක්ව හවුල්ව සාකච්ඡා කර සුදුසු තීරණවලට එළැඹ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසිය යුතු බවක් ය. එම කාර්යය අප පත්කළ කෑගහන හා කෑනොගහන නියෝජිතයින් සිදු කරනු ඇතැයි සිතමි.

:       415       4197

RaveendraSaturday, 28 October 2017 05:38 PM

පරාක්‍රම මයා වෙත, ඔබගේ ඉතාම සාදාරන සහ අවට පරිසරයෙන් දක්නට ලැබෙන ලක්ෂණ , විස්තර අපහටද හොදින් දැනෙන අතර බලයේ රැදී සිටීමට නිවට හිගන කාලකන්නි දේශපාලුවන් කෙසේ හෝ පිටස්තරයන්ගේ ඕනෑ එපාකම් අනුව තීන්දු තීරණ ගන්නා අසීලාචාර තුප්පහි දේශගුණයක් අපගේ මවුබිම ඉදිරියේ තිබෙන බවනම් ඉතාමත්ම හොදින් පැහැදිලිවේ.ලෙඩා මලත් බඩ සුද්දවී ඇත යන නිවට නියායෙන් සිටින මෙම කාලකන්නි රැලගෙන් මිටවඩා කිසිවක් ඔබටවත් අපටවත් බලපුරොත්තුවිය නොහැක. ලොකු තැන එකක් කියන අතර දෙවෙනියා තව දෙයක් කියන පාලනයක ලක් මවගේ දරුවන් වන අප කෙසේ මෙම තක්කඩි විස්වාස කරන්නේමුද ??මෙය " රතු, කොළ, නිල" යන කාලකන්නි තුන්කට්ටුවටම පොදු ලක්ෂණයකි.

:       0       103

SenaratSunday, 29 October 2017 07:26 AM

ඔබ කියනදේට එකඟවෙනවා. එ්ත් අපිට රජය ගැන කිසිම විස්වාසයක් නැහැ. ඔවුන් නොකරන බවට පොරොන්දු දී, ඒ දේම කරපු අවස්ථා තියෙනවා. ඔවුන් සියල්ල සාධාරණීකරණය කරන්න හදන්නේ වචන හරඹ වලින්. මහබැංකු වංචාවේදී හොරු බේරන්න දමපු ෆුට් නොට් සාධාරණීකරණය කරන්න හැදුවේ එම ෆුට් නොට් වලින් කෝප් වාර්තාවේ තීරණය තවත් ශක්තිමත් වෙනවා කියලයි. සියල්ල සිදු වුණු පසුව ජනපති කියාවි "මම දැක්කෙත් පත්තරෙන් " කියලා. අද රට පත්වෙලා තියෙන්නේ ඒ තත්වෙටයි. සියල්ල තීරණය වෙන්නේ ලැබෙන ඩොලර් කුට්ටිය මතයි. ඒ නිසා ඡන්දෙන් පත් වුණු හෝ නීත්‍යානුකූල නොවන ආකාරයට පත් වුණු ජනතා නියෝජිතයන්ගෙන් සාධාරණයක් වෙනවා කියලා හිතන්න බැහැ. කතානායක ගැනත් ජනතාවගේ විශ්වාසයක් නැහැ.

:       1114       4506

Don Saturday, 28 October 2017 02:44 PM

මේ මිනිසුන්ට නම් කොහොමටවත් තේරෙන්නේ නැහැ.

:       221       263

හර්ෂ Saturday, 28 October 2017 02:54 PM

ප්‍රජාතන්ත්‍රවාදි නොවුණු ක්‍රමයට රට පාලනය කරන විට තමා ආයුධ අතට ගන්නේ ජනතාව. එය ජවිපෙ එකේ ඊනියා සන්නද්ධ අරගලය වගේ නොවෙයි. සැබෑ අරගලයක් වනු ඇත.

:       585       3603

Sathyayaa Saturday, 28 October 2017 10:17 PM

ලස්සන වැඩේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිනීවලට අන්තිම පස් පිඩත් හෙලු මිනිස්සුම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ සන්නද්ධ අරගලයක් කරන හැටි පාරම්බැමයි. විප්ලවය ප්‍රජාතන්ත්‍ර වාදයට එරෙහි න්‍යායක් බව නොදැන කරන කතාවක් වගෙයි.

:       101       1

Nimal Saturday, 28 October 2017 03:00 PM

අවි අතට ගන්නවා, මෝඩකම තිබ්බපලියට පම්පෝරි ගහන්න එපා. එ්කෙන්ම තේරෙනවා නව ව්‍යවස්ථාව ගැන දන්න දෙයක් නෑ කියල .... ඔයාලා කව්ද අවි අතට ගන්න ...

:       3810       926

anura Sunday, 29 October 2017 04:23 AM

බම්බුව තමයි දන්නේ... ඒක තාම ජනතාවට ඉදිරිපත් කරල නැති කොට කොහොමද ව්‍යවස්ථාව දකින්නේ උන්නැහේ?

:       68       40

SamSunday, 29 October 2017 06:57 AM

නිමල්, ලංකාවෙ කකුලයි, වෙන රටක කකුලයි තියන් ඉන්න ඔයාට මේවායේ බරපතලකම තේරෙන්නෙ නෑ. යුද්දෙන් දිනාගන්න බැරි වුණුදේ, නිකන්ම එජාප ය කරලා දෙනකල් බලන් ඉන්නද කියන්නේ. එව්වා සුම්මා තමයි.

:       111       3102

arschfikaaSunday, 29 October 2017 11:05 AM

එහෙනම් මොනවාද යුද්ධ කරලා දහස් ගණන් මිනිස්සු මරලා ලබාගත්තු දේ? දෙමළ අය කියනවා ඒ ගොල්ලන්ගේ ජනයා 145000ක් මෙරුවා කියලා උඹලගේ මිනීමරු කළු රණවිරුවෝ එහෙනම් මොකක්ද කළේ? යුද්ධය ඉවරකෙරුවා කියනවා නම්, දැන් රට හදන්න.

:       505       1

Chanak Los angeles Saturday, 28 October 2017 04:59 PM

මේ කුලී හේවායෝ .. මොවුන් ක්‍රියාකරන්නේ රටේ සම්පත් ගිලපු හිටපු හොර සමාගමේ රොබෝලා වශයෙනි . ඉඩ දුන්න හොඳටම ඇති ... පොරෝවට නොයවා මේවාට අනුබලදෙන හස්තය මැඩලිය යුතුයි ... අවි ආයුධ අතට ගන්නවා කියා ප්‍රසිධියේ කීම ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු රජයකට තර්ජනය කිරීමක් ..

:       505       1

de silva Saturday, 28 October 2017 09:48 PM

ඇත්තටම මේ කෙටුම් පතේ උතුර නැගෙන හිර එක කරනවා කියල ලියල තිබෙනවද ? එහෙම තිබෙනවා නම් එක අනිවාර්යයෙන් අපට එපා , මේක මේ තියෙන විදිහටම තිබෙන්න හරින්න

:       0       17

Kamal Sunday, 29 October 2017 03:09 AM

ගල්කටස්ද අතට ගන්නේ? අපේ හමුදාවට පව් නොදී ඉන්න.

:       2584       29

PA-RA Sunday, 29 October 2017 04:24 AM

දැන් හරිනේ, දැන් මොකද කියන්නේ? කෝ නීතිය, වහාම බලධාරීන් උසාවි නියෝගයක් අරගෙන ඔය කියන අවි වහාම සොයා ගන්න. නැත්නම් ලැබිලා තියන ලංකාවේ ස්වෛරීභාවයට ඇති විශාල බලපෑමක් වනු ඇත.

:       69       95

JIFFRI Sunday, 29 October 2017 05:54 AM

මේකෙන් මහජනයා එකක් තේරුම් ගත යුතුයි. මෙයාලා කියනවා ආයුධ උස්සනවා කියලා. තව කට්ටියක් කියනවා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනෑ කියලා. මේකෙන් වැටහෙන්නේ කුමක්ද? රටේ ඉන්න අපේ තරුණ තරුණියන්ව උසි ගන්වන එකයි.

:       226       331

kap Sunday, 29 October 2017 08:16 AM

තාම කාටවත් බෑ හරියටම ඕකේ තියෙන්නෙ මොන වගේ වගන්තිද? කාරණාද කියලා විස්තර කරන්න. හැමෝම නැට්ට ගිනි අරන් කෑ ගහනවා. කරුණාකරලා අවි ගන්න ඉස්සරවෙලා කියන්නකෝ මේකේ හොඳ නරක දෙක වෙනවෙනම සංසංදනය කරලා... අවි ගත්තොත් ඉතින් අවියෙන්ම තමයි නහින්න වෙන්නේ. අතීතයේ ඉඳන් ගොඩක් කස්ටිය ඕක ඔප්පු කරලා තියෙනවා.

:       42       15

Adiri Sunday, 29 October 2017 10:39 AM

සිංහලයන්ව එලවමින් රට අල්ලා ගැනීම 2009 ඉඳන් සිද්ධ වෙනවා. උතුරේත්, නැගෙනහිරත්, ඒ ගැනත් නීතියෙන් පියවර ගන්න මෙච්චර කල් මෙයාලා කොහේද හිටියේ?

:       73       2345

Hari Sunday, 29 October 2017 10:48 AM

අවි අතට ගන්න වෙනවා තමයි. 1818 වගේ කැරලි ඇති වුණෙත් රටට ප්‍රශ්නයක් නිසානේ. අවි අතට ගන්නේ රටට, ජාතියට, ආගමට තියන ආදරේ නිසා මිසක් වෙන දෙයකට නෙමේ.

:       68       111

kapSunday, 29 October 2017 11:16 AM

ඔයා දෙමළ ත්‍රස්තවාදය සාධාරණීකරණය කරන්න හදනවා වගේ...

:       25       137

Rajah Sunday, 29 October 2017 12:48 PM

මෙවැනි අති බිහිසුණු ප්‍රකාශ කරන මොවුන්ව වහාම අත්අඩංගුවට ගත යුතුයි.

:       240       117

nimal Sunday, 29 October 2017 04:22 PM

අවි අතට ගත්තට කමක් නැහැ. වෙඩි තියන්න කපන්න කොටන්න යන්න එපා. එ්ත් ඉතින් 2/3 කැමත්තෙන් සම්මත වන ව්‍යවස්ථාවකට විරුද්ධ වෙනවා නම් අනේ ඉතින් ව්‍යවස්ථාවක් කවදාවත් හදන්න බැරි ද?

:       12       0

Nuwan Sunday, 29 October 2017 05:34 PM

විමල් කියන කුලී කාරය තමයි මුලින්ම බෝම්බ කතාවක් කියල අවි ආයුද අතට ගන්න කතා වලට උත්තේජනයක් දුන්නේ , නැවතත් වසර ගණනක යුද්දයකට අර අඳිමු ...මගේ රටට දළදා හිමි සරණයි

:       21       3

Mohamed rismi Sunday, 29 October 2017 06:26 PM

අනේ අපිට හරි බයයි , දැකලත් නැති ව්‍යවස්ථාවකට ආයුධ අතට ගන්නවා කියන මේ කට්ටියව අත් අඩංගුවට ගත යුතුයි ආයුධ අතට ගන්නේ පොල් කඩන්නද

:       133       39

Rohana Sunday, 29 October 2017 11:24 PM

අවි ගත්තෝ අවියෙන් නසිති . අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවම දැක්කෙත් නැත . සකච්ඡා කරලා විසදුම් සොයා ගමු. පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබුනේ .

:       1       1

rocky Monday, 30 October 2017 02:19 AM

ජාත්‍යාලය! මාතෘ භූමිය! මුන්ට පිස්සු. තම තමන්ගේ අඹු දරුවන් ගැනවත් කැක්කුමක් නැති සමහර එවුනුත් මවු බිමට තියන ප්‍රේමය ගැන කතා කොරනවා! පළමුවත් මවුබිමලු! දෙවනුවත් මවු බිමලු! තුන්වෙනුවත් මවුබිමලු!! මවුබිම විකුණන් කන්නෙත් මේ ඔක්කොම එකතු වෙලා තමයි!

:       65       1

Nanada Monday, 30 October 2017 03:19 AM

අවි නොවේ අතට ගන්න ඕනේ උදලු පිහිය නගුල , මහා පොලව අස්වද්දන්න. රටේ තරුණ පරපුරේ කොටසකට පිස්සු.

:       18       3

දිල්ම Monday, 30 October 2017 03:54 AM

මේ දේ වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ හොර හිත නිසා. ඔය හැදුවයි කියන එක හැම පුරවැසියටම මොකක්ද කියල දැන ගන්න අයිතියක් තියනවා. ඒක නිසා ඒක පිලිගත හැකි මාධ්‍යයක් ඔස්සේ ප්‍රසිද්ධ කලා නම් ඉවරයි. මොකද හොරාට ව්‍යවස්ථා හදල ඒ හදන ව්‍යවස්ථාව පිළිගන්න අපේ රට කියන්නේ රනිල් මහත්තයාගෙ වත් සිරිසේන මහත්තයාගෙවත් බූදලයක් නෙමෙයිනේ. ඒ දෙන්න හැරෙන්න මේකේ තවත් මිනිස්සු 21,203,008 ඉන්නව කියන ඒක ඒ දෙන්නට මතක් කරල දෙන්න මේ රටේ කවුරුත් නැති එකයි කරුමෙ

:       0       19

kavinda Monday, 30 October 2017 04:48 AM

අනේ මන්දා මේ මිනිස්සු මේකියන තරම් රටට ආදරය කලාද? එහමනම් කොටින්ට විරුද්දව අඋද ගත්තනම් අව්රුදු 30ක සටන මාස3කින් ඉවර කරන්න තිබුනා.. තමන්ගේ යහපත වෙනුවන් තමඊ ගොඩක් අය වැඩකරන්නේ සමහර අය කියන ආකාරයට රටට දැයට ආදරය කරනවානම් මේ රටේ කිසිම තැනක කුණු රොඩ්ඩක් වත් තියෙන්න විදිහක් නැහැ .නමුත් තමන්ගේ ගෙදර කුණු ටිකත් පාරට ගෙනත් දාන දෙසප්‍රේමී අය තමයි ගොඩක් ඉන්නේ

:       0       12

sahan Monday, 30 October 2017 12:56 PM

අවි අතට අර ගන්න !!! අපේ රටේ මිනිස්සු කුපිත කරන්න හදනවානේ....

:       5       0

sahan Monday, 30 October 2017 12:57 PM

ජයන්ත ඔබේ අවියත්, මහා කෙනාගෙ වගේම තමයි, හරියට වැඩක් කර ගන්න බැහැ...

:       9       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28037 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site