(ඩයනා උදයංගනී)
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්කෙරුණු වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටි කාර්යාලයේ දී අද (29) පෙරවරුවේ පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමෙන් පසු එම ධූරය පුරප්පාඩු වී තිබිණි.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා 2001 වසරේ සිට 2003 වසර දක්වා මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කර ඇති අතර හොරණ මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස මෙන්ම මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කර ඇත.
ඔහු මොණරාගල බඩල්කුඹුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙසත්, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ මාතෘ හා ළමා සෞඛ්‍ය නිලධාරී ලෙසත් සේවය කොට ඇත.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වැඩ අරඹයි
Thiva Thursday, 29 October 2020 10:26 AM
කෝ මාස්ක්??? අවවාදයට වඩා ආදර්ශය වටිනවා... නිදහසට කරුණු කොතෙක් තිබුනත් වැරදි ආදර්ශයක්
sugath Thursday, 29 October 2020 11:39 AM
රටේ දැන් තිබෙන තත්වයට අවශ්‍ය වන්නේ අලුත් සෞඛ්‍ය ඇමතිවරයෙක්.
hesa Thursday, 29 October 2020 07:56 PM
මොනවා වුණත් බලද්දී දැන් වසංගතය පැතිරීම ඉතා වේගවත්නේ...