IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නවගත්තේගමින් දුර්ලභ බෝදිලිමෙක් හමුවෙයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 

වදවියාමේ තර්ජනයට ලක්වී ඇති විශාල බෝදිලිමෙක්  නවගත්තේගම මැද්දාව ප්‍රදේශයෙන් හමුවි වනජීවි නිළධාරින්ට භාර දි ඇති බව කියයි.
 
දිගින් අඩි දෙකකට ආසන්න මෙම බෝදිලිමා ග්‍රෑම් 400 කට ආසන්න බරකින් යුක්ත බව වනජිවි නිළධාරින්  පවසයි .
 
වදවියාමේ තර් ජනයට මුහුන දි ඇති බෝදිලිමා උරග ගණයට අයත් වියලි කලාපයේ වැඩි වශයෙන් දැක ගත හැකි බව කියයි.
 
පරිසරයේ විවිධ අවස්ථාවන් අනුව තම ශරිරයේ වර්ණය වෙනස් කිරිමේ සුවිශේෂ හැකියාවන් බෝදිලිමාවන්ට හැකියාව පවතින බව වනජීවි නිළධාරින් පවසයි.
 
කලබලවුණ ගමන් ඒ වර්ණය වෙනස් කිරීමක් පෙන්නුම් කිරිමටත්  එසේම දිගු ඇලෙනසුලු දිවක් බෝදිලිමන්ට පිහිටනවා.
 
 මෙම දිව උපයෝගි කර ගනිමින් ඈත ගොදුරු පහසුවෙන් අල්ලා ගැනිමට  විශාල හැකියාවක් බොදිලිමා සතුව පවතිනවා.
 
එසේම බෝදිලිමගෙ පාද වල ඇඟිලි 5න් දෙකක් ඉදිරි දිශාවටත් අනික් තුන පසුපස දිශාවටත් පිහිටනව ( Zygodactylous ) ඒ වගේම එක දිශාවෙ තියෙන ඇඟිලි එකකට එකක් ඇලිල පිහිටා තිබිම දැක ගත හැකියි.
 
බෝදිලිමට  ඇස් දෙක වෙන වෙනම එකකින් එකක් නිදහස්ව චලනය  කිරිමේ සුවිශේෂ හැකියාවක් පැවතිමත් සමඟ ගොදුරු ඩැහැ ගැනිමට මෙම එක් වාසියක් බව සදහන් කරන්න පුළුවන් .
 එසේම ගොදුරක් ඉලක්ක කරද්දි ඇස් දෙකම ඒ ඉලක්කයට ස්ථානගත කිරිමටත් හැකියාව විශේෂයි.

 නවගත්තේම වන ජිවි කාර් යාලයේ නිළධාරින් මෙම බොදිලිමාව ආරක්ෂීතව රැගෙන විත් ආරක්ෂිත ස්ථානයකට මුදා හැරිමට කටයුතු කර තිබෙනවා .

 


 
 



අදහස් (13)

නවගත්තේගමින් දුර්ලභ බෝදිලිමෙක් හමුවෙයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 July 2020 12:50 PM

බෝදිලිමා යනු කටුසු විශේෂයකි. බෝදිලිමා, බෝදිලි මුවා, යක්කටුස්සා ආදී වශයෙන් බෝදිලිමා හඳුන්වනු ලබයි මේ සතා නපුරු දරුණු පෙනුමක් තිබුණාට බොහෝවිට මොවුන් අහිංසකයින් වෙති. කොළකටුසු පවුලට අයත් කටුස්සන් ලිසාඩ් යනුවෙන්ද, දුඹුරු කටුස්සන් කෑමලියොන් යනුවෙන්ද හැඳින්වේ. මා වසර 8ක කාලයක් තිස්සේ කටුස්සන්ගේ ඡායාරූප ගෙන තිබුණත් මෙවන් විශාල බෝදිලිමෙකුගේ ඡායාරූපයක් ගෙන නැත. බහුලව දක්නට ලැබෙන කොළ කටුස්සා මෙන් නොව බෝදිලිමාගේ ඇලෙනසුලු දිව වඩා දුරක් දික්කොට සතුන් අල්ලා ගනී. සාමාන්‍ය කොළ කටුස්සා එසේ නොව වේගයෙන් දිව ගොස් සතා අල්ලාගනී. කටුසු වර්ග පරිසරයට අනුව තම වර්ණය වෙනස් කර ගනී එය ඔවුන්ගේ සන්නිවේදනය සඳහාද බියවූ විටද ආදී වශයෙන් යෙදෙන දෙයකි. කොළපාට කටුස්සා මිනිසා සපා නොකන අතර දුඹුරු කටුස්සා හෙවත් කෑමලියොන් සපා කන අවස්ථා ඇත.. දෙවතාවක් කටුස්සන් මා පසුපස එළවු අවස්ථා ඇත. එහෙත්, බෝදිලිමා ඇතුළු කොළ කටුස්සන් අහිංසකයෝ වෙති. දුඹුරු කටුස්සන් මෙසේ අල්ලාගෙන සිටිය නොහැකිය. කූරන්, බත්කූරන් සමනළයින්, තණකොළ පෙත්තන් ආදී සතුන් මොවුන්ගේ ආහාර වෙයි. නයා, පොළඟා මොවුන් ආහාරයට ගැනීමට දැඩි ආශාවක් දක්වයි. මොවුන් ඡායාරූප ගැනීමේදී පරිස්සම්වීම වැදගත්...

:       53       402

සමිත සේනක අලුත්ගමගේ.Friday, 03 July 2020 03:19 PM

කටුස්සන් සම්බන්ධයෙන් මට සිනහ යන රසවත් අත්දැකීම් තියෙනවා. කටුස්සන් සමනලයන්, මී මැස්සන් තණකොළ පෙත්තන් අල්ලා කන හැටි මා දැක තිබෙනවා. දවසක් මා සුදු සමනළයෙකුගේ ඡායාරූපයක් ගනිමින් හිටියේ මැක්රෝ ලෙන්ස් එක තුළින්.. ලංකාවේ අය නොදන්නවාට මා මේ ඡායාරූප ගැනීමට අති දක්ෂයකු බව ලෝකය පිළිගන්නා කාරණයක්... පෙරකී සුදු සමනලයාගේ ඡායාරූපය ගෙන ඉවර වෙනවා සමඟම වේගයෙන් පැමිණි කටුස්සෙකු මගේ අතට උඩින් සමනලයාගේ ඇඟට පැන්නා... ක්ෂණයකින් මා සමනලයා ස්පර්ශ කළා. වහා පියාඹා ගිය සමනලයා අල්ලන්න කටුස්සා අඩි එකහමාරක් පමණ උඩ පැන්නා. මට හරි හිනා වැඩේට.. තවත් දිනෙක, නිදිකුම්බා මලක වසා සිටි මී මැස්සෙක්ටත්, මේ දේම වුණා. ඒ සතාගේ ජීවිතේත් මං බේරුවා. තවත් දිනෙක කොළ කටුස්සෙක් මා ඉදිරියේදීම තණකොළ පෙත්තෙකු ඇල්ලුවා. එය මා විශිෂ්ඨ ලෙස ක්ෂණිකව සේයාරුවට නැඟුවා.. එය ලොව විශිෂ්ඨ සේයාරුවක් ලෙස සම්මානයට පාත්‍ර වුණා. මේ සතුන් හා සොබාදහම කියන්නේ මා ඇතුළු පරිසර හිතකාමීන්ගේ ජීවිතයයි. මේ සුන්දර සතුට කෝටි ගානක් දීලාවත් ගන්න බැහැ. මේවා මේ රටේ අයට දැනගන්න ලැබෙන්නේ මේ ලංකාදීප පුවත්පතට මා ආදරය කාරණා නිසයි.

:       330       402

විජිත් Friday, 03 July 2020 03:57 PM

නියමයි.. සමිත. මේ දුර්ලභ ඒ වගේම පරිසර දාමයේ එක් පුරුකක් වන මෙයා ගැන... එයාගේ ඔරිජිනල් උප්පැන්න සහතිකයේ ඇති ඔක්කොම දත්ත ලස්සනට අපිට වැටහෙන විදිහට ඔයා කියලා දීලා තියෙනවා එකම එකක් හැර... ඒක මම අන්තිමට කියන්නම්. මේ ගොල්ලන්ගේ විශාල කට්ටිය අපේ රටේ ඉතාමත්ම විරලයි.. ග්රෑම් 400ත් අපේ රටේ විදිහට ලොකු ප්‍රමාණයක්... අප්‍රිකාවේ වෙසෙන මේ හාදයාගේ නෑයින්... කිලෝ 1 - 1.5 වෙන අවස්ථා ඕන තරම්ලු. වරක්.. මගේ හිතවත් දකුණු අප්‍රිකානු සුදු මිතුරියක්, ෆොටෝ මිටියක් පෙන්නුවා... ගෙදර අම්මා තාත්තා, නංගි... මේ ඔක්කොම පාට පාට තඩිම තඩි බෝදිලිමළාව වඩාගෙන ඉන්නවා. ඒ ගොල්ලන්ව ගෙදර අතහැරලාලු ඉන්නේ... දන්නවාද? අපේ ආච්චි කියලා තියෙනවා. බෝදිලිමාට ගල් ගහන්න එපා. එයා මැරුණොත්.. ආපහු එනවාලු. හරියටම රෑ 12.00ට මැරුණු බෝදිලිමා නැගිටිනවාලු.. නැගිටලා හෙමින් හෙමින් එයා මැරුව කෙනාගේ ගෙදරට එනවාලු... ඇවිත්.. බුලත් හෙප්පුවෙන් බුලත් කොළයක් අරන්, බුදු පහනේ තෙල් ටිකක් ගාලා ඒ කොලය බුදු පහනෙන් රත්කරලා.. එයාගේ තුවාල තවාගන්නවලු... ඊට පස්සේ එයාට අායෙත් එයාගේ ජීවිතය ලැබෙනවාලු.. ඔයාට ලියන්න අමතකවුණු කරුණ එයයි. පසුව හමුවෙමු...

:       63       402

පූජාSaturday, 04 July 2020 08:33 AM

සමිත සහ විජිත් හැම දෙයක්ම ලියලා තියන නිසා මට මෙහි ලියන්න දෙයක් ඉතුරු වී නැහැ.. මම මෙයාලා ගැන අහලා තියෙන්නේ වෙනස්ම කතාවක්.. ගැබිණියක්ව කවුරු හරි ඝාතනය කළොත්, එයා බෝදිලිමෙක් වී මරපු කෙනාගේ ගෙදර ළඟට වෙලා රෑ 12න් පසුව ඒ විදිහටම විලාප දෙනවලු.. මට මේ කතාව කීවේ මගේම නොවන හිතවත් ආච්චි අම්මා කෙනෙක්... මේක මගේ අදහසක් නොවන බව කරුණාවෙන් සලකන්න..

:       30       404

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 04 July 2020 09:23 AM

විජිත්, මම අසා තිබෙන්නේ වෙනත් කතාවක්.. සමහර ගම්වල ජනවහරේ පවතින්නේ බබෙක් ඉපදීමට ගිය අවස්ථාවකදී නැති වූ කාන්තාවක් බෝදිලිමා වෙස්ගෙන අවතාරයක් වී පැමිණෙන බවයි මේ මගේ අදහසක් නෙවෙයි.. සමාජයේ පවතින මතයක්.. සත්‍ය අසත්‍ය කුමක්දැයි කියා දන්නේ නැහැ.. මා වැරදි නම් දන්නා කෙනෙකු එය නිවැරදි කරන්න. වෙනත් මේ වගේ දේ දන්නා අය ඉන්නවා නම් කරුණාකර අප දැනුවත් කරන්න..

:       81       155

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 05 July 2020 03:48 AM

පූජා, මේවා ගැන, නොපෙනෙන ලොව ගැන ලොව දියුණුම රටවල පර්යේෂණ සඳහා විශාල ලෙස මුදල් වියදම් කෙරෙනවා... මේ පිළිබඳව තොරතුරු ගන්න විශ්වයට යවන්නේ, රන් (අවුරම්) තැටි. එයට හේතුව ඇවුරම් ලෝහයේ ඔක්සයිඩ නොබැඳෙන නිසා තොරතුරු වෙනස් වෙන්නේ නැහැ..

:       0       101

Champa Friday, 03 July 2020 04:15 PM

මේ ඉන්නේ කැමිලියන් කියන දුර්ලභ වර්ගයට අයිති සතෙක්. ශ්‍රී ලන්කන් කැමීලියන් අපට ආවේණික සතෙක්. ලෝකයේ දිගම කැමීලියන් අඩි දෙකහමාරක් වගේ. ඒ හින්දා මේ සතා අඩි දෙකක් දිගයි කියන්නේ හරිම දුර්ලභයි. මොවුන්ට විවිධාකාර විදහට පාට වෙනස් කරන්න පුළුවන් වගේම, අංශක 360කට ඇස කරකවන්නත්, එක පාර ඇස් දෙකෙන් දෙපැත්තක් බලන්න වගේම එකම තැනට ඇස් දෙක යොමු කරන්නත් පුළුවන්. තමන්ගේ ශරීර ප්‍රමාණය වගේ දෙගුණයක් විතර දුරට දිව දිගු කරන්නත් පුළුවන්. මෙයා බෝදිලිමෙක් කියලා කිව්වේ කොහොමද? මෙතන මූණත් වෙනස්. මෙයා කෑගැහැව්වද? බෝදිලිමාට හරිම අමිහිරි, භයානක, කන් පසාරු කරගෙන යන කට හඬක් තියෙන්නේ. හැතැප්ම භාගයක් විතර දුරට ඇහෙනවා රෑට කෑගහන කොට. බෝදිලිමා හෝ බෝදිලියා කියලා හරියටම කියන්න පුළුවන් ඒ හඬින් විතරයි.

:       0       13

lanka Friday, 03 July 2020 11:34 PM

මේ සතා හිටපු තැන ආරක්ෂිත නැහැ කියන්නේ කොහොමද? අලුතින් ගෙනියන තැන ආරක්ෂිතයි කියන්නේ කොහොමද? අලුතින් ගෙනියන තැන මේ සතාට බෝවීමට සහකරුවන් ඉන්න තැනක් නොවුණොත් මොකද වෙන්නේ? ඒ නිසා ඌට සුදුසුම තැන තමයි එතැන...

:       0       0

සරත්චන්ද්‍ර Saturday, 04 July 2020 12:07 AM

ඇයි මේ කලබලය? අර හම්බන්තොටින් මැද කොළඹට පැනපු බෝදිලිමා පාට වෙනස් කරමින් දාන සෙල්ලම් පෙනෙන්නේ නැද්ද? මේ බෝදිලිමා නම් දැනටමත් වඳවී යනවා වගෙයි පෙනෙන්නේ...

:       0       0

ලුම්බිණි Saturday, 04 July 2020 12:56 AM

චීන්නුන්ට එහෙම ඔය විස්තර දැන ගන්න තියන්න එපා.

:       0       0

anura Saturday, 04 July 2020 03:48 AM

අපොයි මේ සතාට දෙවියන්ගේම පිහිටයි. දැනටමත් මස් වැද්දෝ සැළැසුම් සකස් කරලා ඉවර ඇති.

:       0       0

පූජා Sunday, 05 July 2020 04:07 AM

සමිත, ඔබ ලීව මන බඳින විස්තරකිරීම් වලට ස්තුතියි.

:       0       0

පූජා Sunday, 05 July 2020 04:07 AM

සමිත, ඒ දීර්ඝ කරුනු දැක්වීම් ඇත්තෙන්ම මන බඳින සුලුයි. ඔබගේ සටහන කියවගෙන යන විට ප්‍රශ්නාර්තයක් සිතට නැගුනා. ඔබ කියනවා , කිසිවෙක් ඔබේ දක්‍ෂතා දන්නේ නැහැ කියලා..නිකම්ම වාචිකව කීවාම, දන්නේ කොහොමද සමිත,?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28423 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site