IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නුවරඑළියේ ඉපැරණි සයිප්‍රස් ගස් කපා දමති

(රංජිත් රාජපක්ෂ)                      

නුවරඑලිය නගරයේ ග්‍රැන්ඩ් හෝටලයට පිවිසෙන ප්‍රධාන මාර්ගය අසල පිහිටි තවත් ප්‍රධාන හෝටලයක් ඉදිරිපිට තිබු වසර 135 කට වඩා ඉපැරණි සයිප්‍රස් ගස් දෙකක් අද (28) දින කපා දැමිමට එරෙහිව පරිසර හිතකාම් තරුණයන් පිරිසක් විරෝධතාවයක නිරත වුහ.

එම සංචාරක හෝටලයේ රථ ගාල අසල තිබු සයිප්‍රස් ගස් පහක් එකම රටාවකට මිය ගොස් ඇති බවත් මෙය ඉතා සැලසුම් සහගතව එම ස්ථානයෙන් ගස් කපා ඉවත් කර එම හෝටලයේ රථ ගාල පුළුල් කිරිමට කිසියම් පිරිසක් විසින් ඉතා සුක්ෂම ලෙස මෙය සිදු කරන බව විරෝධතාකරුවෝ පවසති.

එලිසෙබඩ් මහ රැජින සිහි කිරිම පිණිස නුවරඑලිය නගරය පුරා සයිප්‍රස් ගස් ගණනාවක් රෝපණය කර තිබු අතර , එම හෝටලය ඉදිරිපිට තිබු ඉතා විශාල සයිප්‍රස් ගස් දෙකක් මිට ප්‍රථම එම හෝටලයේ පාලන අධිකාරිය විසින් කපා දමා තිබෙන බව ඔවුහු කියති.

මිට ප්‍රථම එම ස්ථානයේ තිබු සයිප්‍රස් ගස් කිහිපයක් කපා ඉවත් කිරිම සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා වෙත කරන ලද පැමිණිල්ලක් මත මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉපැරණි ගස් කපා දැමීම සම්බන්ධයෙන් ආයතන වලින් පුර්ණ අනුමැතියට යටත්ව සිදු කරන ලෙසට අදාළ බලධාරින්ට උපදෙස් ලබා දී තිබුණි.

සයිප්‍රස් ගස් දෙකක් කපා දැමිම සම්බන්ධයෙන් අප නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ මිය ගොස් ඇති සයිප්‍රස් ගස් කපා ඉවත් කිරිමට අදාළ සංචාරක හෝටලය විසින් තම ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයෙන් සහ එම ආයතන වලින් පුර්ණ අනුමැතියක් ලබාගෙන ඇති බවයි.



අදහස් (18)

නුවරඑළියේ ඉපැරණි සයිප්‍රස් ගස් කපා දමති

thilak Tuesday, 28 July 2020 10:00 AM

තාමත් එලෙසබත් දෙවින්නාන්සේව අමතක කරන්ට අමාරුයි වගේ.

:       132       127

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 28 July 2020 11:17 AM

කිසියම් රටාවකට සයිප්‍රස් ගස් පහක්ම මියයාම ගැන නම්, කිසියම් කුතුහලයක් ඇතිවෙනවා ...

:       1       152

මුණසිංහ Tuesday, 28 July 2020 11:33 AM

සයිප්‍රස් ගස් ලංකාවට කෙතරම් උචිතද?

:       16       21

NishanWednesday, 29 July 2020 11:38 PM

සයිප්‍රස් ගස් එපා රථ ගාලක් තමයි ඕනෑ. එහෙමද?

:       0       0

Jinna Tuesday, 28 July 2020 11:45 AM

ග්‍රෑන්ඩ් හෝටලය වර්ජනය කරන්න

:       0       67

dewa Tuesday, 28 July 2020 12:45 PM

හෙට අනිද්දා වෙනකොට අපේ පුරාණ දේවල්වලට අබසරණයි.

:       3       26

helaya Tuesday, 28 July 2020 12:45 PM

වසර 100 ට වැඩි පොදු දේපොළ හෙරිටේජ් පෞරාණික ගණයට වැටෙනවා නොවේද.?

:       1       7

lanka Tuesday, 28 July 2020 12:48 PM

මේ යන විදියට ජය ශ්‍රී මහා බෝධියත් කපා දමයිද දන්නේ නැහැ.

:       1       38

josiya Tuesday, 28 July 2020 12:52 PM

මේ ගස් මැරුණද.? මැරුවද.? කියලා සොයාබැලිය යුතුය.

:       0       15

Sathish Tuesday, 28 July 2020 02:11 PM

සුන්දර කඳු වලින් වටවුණු නුවර එලිය මිට අවුරුදු 50 ක් 60 කට විතර කලින් ලස්සනට තිබෙන්න ඇති , නමුත් දැන්නම් තනිකරම තියෙන්නේ හැමතැනම ඉවක් බවක් නැතිව ඉදිකරපු කුඩා සංචාරක නවාතැන් සහ ටකරන් කඩ ,ඇල්ල ප්‍රදේශයටත් තව ටික කලකින් වෙන්නේ ඔය ටිකම තමයි.

:       0       65

nandana Tuesday, 28 July 2020 03:00 PM

ඔය විදියට ගියොත් රටේ අලුතින් ගොඩ නැගිල්ලක් හෝ පාරක් හදන්නට බැරි වෙයි. මේවා නිකම් අර්ථයක් නැති විරෝධතා පමණයි.

:       67       2

Pradeep Tuesday, 28 July 2020 03:53 PM

අපේ රටේ මහ වනාන්තර හෙලි කරන විට නිහඩව සිටින ඇතැමුන් මෙවන් රටටත් පරිසරයටත් හිතකර නොවන විදෙස් ශාක කපා දමන විට හඩ නැගීම හාස්‍යජනකයි.

:       57       28

chandima Tuesday, 28 July 2020 07:15 PM

පේන විදියට නම් පාර අයිනේම තියෙන ගහක අත්තක් කඩා වැටිලා වගෙයි පෙන්නේ.

:       5       1

‍රන්ජිත් Wednesday, 29 July 2020 12:06 AM

නුවර එලියේ අනන්‍ය තාවක් වුනේ ටවුන් එක වටා සිටුවා ඇති මේ සුන්දර ගස් පේලිය....

:       1       14

Eranga Wednesday, 29 July 2020 05:49 AM

ඔවා කපන්න ඇත්තේ සුදු අරලිය මල් ගස් වවන්න වෙන්න ඇති... නිකමට කිව්වෙ...

:       2       8

ANO Wednesday, 29 July 2020 10:32 AM

කොහෙද යන්නෙ මල්ලෙ පොල්... මෙතන තියෙන්නෙ එලිසබත්ගේ ප්‍රශ්නයක් නෙවේ. ගස් කැපීම පිළිබඳ ප්‍රශ්නයක්..

:       0       0

sidath Wednesday, 29 July 2020 10:55 AM

සයිප්‍රස්, ටර්පන්ටයින් ගස් තමා කඳුකරයට හෙනේ. කඳුවල තිබුණු කැලෑ එළිකරලා තේ සහ මේ වගේ මෙලෝ රහක් නැති, පස නිසරු කරවන ගස් හිටෙව්වා.. අද පොඩි වැස්සටත් කඳුකරය නායයනවා.. උද්ඝෝෂණ කරන්නම ඕනනම් ආන්න සිංහරාජය, විල්පත්තුව ඉවක් බවක් නැතුව කපනවා.. ඒවාට විරුද්ධව විශාල හඬක් නගන්න...

:       0       0

jonana Thursday, 30 July 2020 07:34 AM

ඡන්දෙන් පස්සේ අබමසරණයි පුතේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7639 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18278 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9438 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36904 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24345 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site