IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නුවරඑළියේ සුන්දරත්වයට බැකෝ ප්‍රහාරයක්


ඡායාරූප හා සටහන - නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි

නුවරඑළිය බදුල්ල මාර්ගයේ පුරහල ආසන්න මාර්ගයේ දෙසට පැතිර තිබූ සයිප්‍රස් ගස් ගණනාවක අතු මාර්ගයට අවහිරයක් වන බැවින්, මහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් ඒවායේ අතු කපාදමන ලදී.

එයින්, ගස්වලට බරපතල හානි ගෙන දී ඇත. ගස් අතු කැපීම සඳහා ඕනෑතරම් කුඩා යන්ත්‍ර ඇතිමුත් බැකෝ යන්ත්‍රයක ඉතා විශාල තල භාවිතා කරමින්, ගස්වලට හානි ගෙනදෙමින් එම අතු කපා ඉවත්කිරීම නුවරඑළිය ප්‍රදේශයේ පරිසරයටල අලංකාරයටද හානියක් යැයි බොහෝ දෙනා අප්‍රසාදය පළකරති. 

මෙම ක්‍රියාව නිසා ගස් පෙළ මැරීයාමේ තර්ජනයට ලක්විය හැකි බවද පරිසරවේදිහු කියති.



අදහස් (27)

නුවරඑළියේ සුන්දරත්වයට බැකෝ ප්‍රහාරයක්

sam Saturday, 25 November 2017 09:56 AM

නුවර එළියට ආවේනික " සයිප්‍රස් සුවඳ" නැතිවෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

:       0       142

suresh UK Saturday, 25 November 2017 09:57 AM

ලංකාවෙ ඉන්නෙම කුජීත ගොන්නු තමයි. කුඹුරු හාන්නවත් හොඳ මදි...

:       1       459

janatha anura Saturday, 25 November 2017 10:13 AM

මෙවැනි මෝඩයින් ප්‍රාෙද්ශීය සභාවලින් ඉවත් කළ යුතුය. අධ්‍යාපනයක් නැති උදවිය පරිසරය ගැන දන්නේ කොහොමද? ගස් අතු කැපීමට ආරක්ෂක ක්‍රමවේදයන් ඇත.

:       0       266

rUCHI Saturday, 25 November 2017 10:44 AM

යකෝ මේ අයට ස්වබාවික දේවල් පේන්න බැහැනේ. නිකන් මොලයක් නැති කාලකන්නි සත්තු වගේ හැසිරෙන්නේ. ගහක්, කොලයක් වුණත් අතපත ගන්න ඕනේ හදවතේ භක්තියකින් ආදරයකින්. ගහක අත්තක් වුණත් කොච්චර ලස්සනට ගහෙන් ඉවත්කරන්න පුළුවන්ද? අැයි මෙහෙම තිරිසන් විදිහට හැසිරෙන්නේ?

:       0       450

rohan Saturday, 25 November 2017 11:44 AM

මොලේ කලඳක් නැති නිලධාරීන්ද නුවරඑළියේ ඉන්නේ? මොනතරම් අනුවණ ක්‍රියාවක්ද මේ කරන්නේ?

:       0       335

himal Saturday, 25 November 2017 01:23 PM

පොල් ගහකට නැඟගන්න, කුඹුරු වැඩකට, කුලී වැඩකට මිනිහෙක් හොයාගන්න තියෙන අමාරුව... ගහකට නැඟලා අතු කපන්න වෙන විකල්පයක් නැති වුණා වෙන්න පුළුවන්.

:       115       9

kumar (Gulf)Saturday, 25 November 2017 03:59 PM

අර උපාධි ගත්තු රැලක් ඉන්නේ, එයාලව පුහුණු කරන්න ගස් කපන්න.

:       32       252

piayl batuwangala Saturday, 25 November 2017 03:04 PM

රටක විනාශය අතළඟයි වගේ.. ස්තුතියි...!!!

:       1       128

සිරි Saturday, 25 November 2017 04:19 PM

මම මේ රටේ වැඩ කරන ආයතනය තියෙන්නෙ විශාල ඉඩමක. එහි විවිධ ගස් විශාල සංක්‍යාවක් තියෙනවා. නඩත්තු අංශයේ ඉන්නවා ගහකොළ ගැන හොඳින් දන්නා වැඩ පරීක්ෂකවරයෙක්. ඒ දැනුම ඒ තනතුරට අත්‍යවශ්‍ය සුදුසු කමක්. ඔහුගේ සුපරීක්ෂාව යටතේ තමයි මාසයකට වරක් ගස් වල දිරා ගිය අතු, පාරට නැමුන අතු ආදිය ඉවත් කරන්නෙ. ඒ සඳහා පාවිච්චි කරන්නෙ ඉහලට ලඟාවිය හැකි උපකරණ ඇති ට්‍රක් රථයක් සහ සරල උපකරණ පමණයි. නඩත්තු කටයුතු කරන ගස්. ඒවායේ උද්භිද වර්ග, නඩත්තු කටයුත්ත, එය අවශ්‍ය වන කාරණය ආදී කරුණු දින කීපයකට පෙර ආයතනයේ හැමදෙනාම වෙත ඊ මේල් හරහා දන්වනව. ආයතනයකට මෙහෙම කරන්න පුලුවන්නම් උද්භිද විද්‍යාත්මක වටිනාකම් වලින් පොහොසත් නගර සභාවකට එසේ කල නොහැක්කේ ඇයිදැයි යන්න විමතියට කරුණක්.

:       1       96

රාජේශ් ඛන්නා Saturday, 25 November 2017 09:06 PM

නගර සභාවේ වැඩ අධිකාරී නිදිද?

:       0       103

nilu Saturday, 25 November 2017 10:50 PM

අපේ රටේ ඉන්නේ මොන ජාතියේ බුරුවො ටිකක්ද කියල හිත ගන්න බැහැ. එක කාලකන්නි සෙට් එකක් උමා ඔය කියල මගුලක් පටන් අරන් ලස්සනට තිබුන බණ්ඩාරවෙල නගරය දැන් ගිලා බහිනවා. උන්ට බොන්න තියෙන වතුරටිකත් නැති කරලා දැම්මා. . අපේ රටේ ලස්සනට කියලා පෙන්නන්න තියන්නේ ඔය සුන්දර නගර දෙකයි. ඒකත් කාල දාපල්ලා. පුදුද අවාසනාවන්ත කමක් අපේ රටට ලබලා තියෙන්නේ. හරි දුකයි.

:       0       133

chandra Sunday, 26 November 2017 04:20 AM

වනාන්තරය විනාශ කරන්නේ කෙසේදැයි ලොවට ආදර්ශයක්. එහෙනම් බලන්න, අපේ පරිපාලනය සත්තු වගේ වැදගත් ප්‍රෙද්ශ විනාශ කරන ආකාරය බලන්න. අපේ ස්වභාවය පිළිබඳව ඉතා කණගාටුදායකය.

:       0       0

shafeek Sunday, 26 November 2017 04:33 AM

අධ්‍යාපනයක් නැති උදවිය......

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 26 November 2017 06:04 AM

කරත්ත දක්කපු, කසිප්පු පෙරාපු නගරයේ බලපුලුවන් කාරයෝ පරිපාලනයට ගියාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

:       0       135

indika Sunday, 26 November 2017 06:26 AM

මුන්ට පිස්සු. කව්ද මේකේ වගකීම ගන්නේ. රජයේ ආයතන වල ප්‍රශ්නය ඕක තමා එක පුද්ගලයෙක් වගකීම ගන්නේ නැහැ. එක නිසා මෝඩ වැඩ කරනවා. බේරිලා යනවා. පුද්ගලික ආයතනයක වෙනස ඕක තම.

:       0       108

mohomed faizel Sunday, 26 November 2017 08:10 AM

තුට්ටු දෙකේ වැඩක් වගේ පේන්නේ...

:       0       57

කරුණාජීව Sunday, 26 November 2017 08:37 AM

මෑන් ලිෆ්ට් හෝ බකට් ට්‍රක් වැනි වාහනයක් පාවිච්චි කලානම් උඩට ගිහින් චෙන්සෝ එකකින් ලස්සනට වැඩේ කරන්න තිබුණා. සුදුසුකම් නැති අය, දේශපාලන පන්දමෙන් රැකියාව ලබාගත්තාම ඔයිට වඩා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ.. වගකිව යුත්තෝ නූගත් නම් කම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි ඔය දකින්න තියෙන්නේ..

:       0       47

saranalis Sunday, 26 November 2017 10:48 AM

යහපාලනය කියන්නේ මේක තමා... සිංහල ජාතිය වනසනවා.

:       105       84

රූපසිංහ Sunday, 26 November 2017 11:09 AM

මෝඩයින් සිටින රාජ්‍ය පරිපාලයේ ඉහල පුටු රත් කරන මෙන්ම ප්‍රජාතන්ත්‍රවාද යන්ත්‍රණයේ විව්‍යස්ථාදායකයේ ඉහලම තැනට උන් පත්කරන්නේ අපේ මෝඩ ඡන්ද දායකයින් වීමයි මෙතන ප්‍රශ්නය....

:       0       127

රූපසිංහ Sunday, 26 November 2017 11:18 AM

මෙවැනි ප්‍රශ්න සිදු නොවීමට කල යුතුව ඇත්තේ ප්‍රංශයේ ඡන්ද දායකයන් කලාසේ කිසිදු සාම්ප්‍රදායික ප්‍රධාන පක්ෂයකට ඡන්දය නොදී නව පක්ෂයක් බලයට පත් කිරීමයි. ලොව බලවත් රටක් වූ මෙම රට වසර දෙකක්වත් පැරණි නොවූ පක්ෂයකට සියයට අසුවකටත් වඩා වැඩිව ඡන්දය දීමෙන් පෙනී ගියේ එරට ජනතාවටද ඉපැරණි පක්ෂ ක්‍රමයෙන් වැඩක් නොවීමයි. එහෙම කලොත් මෙවැනි මෝඩ වැඩ ඉටුනොවේවි....

:       0       23

රාජේශ් ඛන්නා Sunday, 26 November 2017 07:44 PM

රටේ පාලකයෝ සහ පිරිවර බලයේ ඉන්නම වලිකනවා මිසක් මේවා ඒ අයට ප්‍රශ්න නොවෙයි. රට හදන්න ඕනේ කොතනින්ද කියලවත් හිතන්න ඒ අයට අවශ්‍යතාවයක් හෝ දැනුමක් තියෙනවද මන්ද ? පුවත්පතට පුළුවන්නේ මේ විනාශය සඳහා ගිය වියදම සොයාගෙන පළකර රටේ ප්‍රධාන පුරවැසියන් දැනුවත් කරන්න.

:       0       0

kasun Monday, 27 November 2017 01:56 AM

නුවරඑළිය නගරාධිපති ඉතාම අත්තනෝමතික ලෙස සිදු කරන මෙම ක්‍රියා නුවරඑළිය පරිසරය විනාස කරමින් ඇත. එකම බලාපොරොත්තුව ඔහු සතු නුවරඑළිය විශාල හෝටල් පමණි. සිරිසේන පවුලේ ලඟම හිතවතකු වන මොහු අරලිය හෝටල් සඳහා පාරවල් තාර දැමීම හා අලංකරණය, කාණු සැදීම හා බිම් සැකසීම මහජන මුදල් යොදවා නොමිලේම කර දුන්න කෙනෙක්... නුවරඑළිය නගරාධිපතිගේ සහෝදරයා නමින් විසල් හෝටල් ද තුරඟතරග පිටිය ඉදිරිපිට මොහුට අයත්... සහෝදරයා නුවරඑළිය නගරයේ විසල් ඉඩම් මංකොල්ලයක් බලය යුතු ලෙස යොදා ගනිමින් දැනට සිදු කරනවා.

:       13       21

kavantissa Monday, 27 November 2017 02:18 AM

මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි, පාලන ක්‍රමයට ඇතුල් වී සිටින නුසුදුසු අයගේ ප්‍රමාණය වැඩිවීමක් බවයි පෙනෙන්නේ. මේ ගස් විනාසයට සම්බන්ද වූ සියලු දෙනාම ගැන විභාගයක් පවත්වා නුසුදුස්සන් රක්ෂාවෙන් දඬුවම් කර දැමිය යුතු නොවේද?

:       0       5

Sugath Monday, 27 November 2017 04:41 AM

ලස්සනට පිලිවෙලට අතු ටික කපන්න chainsaw එකක් තියා අඩුගානෙ පොරවක්වත් තිබ්බෙ නැද්ද මේ අයට.. මේව අදික්ෂනය කරන්න මොලයක් තියන කෙනෙක් නැද්ද මෙතන..

:       0       109

Kumari Monday, 27 November 2017 05:36 AM

ඔන්න ලංකාවේ අධ්‍යාපන මට්ටම දැන් තේරෙනවද ලංකාව කොහාටද යන්නේ කියල. හානි නොවෙන්න ගහක් නෙවේ අත්තක් කපාගන්න බැරි අය තමා ආයතන වල ඉහල සිට පහලට ඉන්නේ. ලෝකේ රටවල නගර අලංකරණය සහ නගර සැලසුම් දැක්කම අපේ රට ගැන දුක හිතෙනවා.

:       0       108

කුමාර් (ගල්ෆ්) Monday, 27 November 2017 06:34 AM

සුගත් චේන්සෝ, මෙයාලට හොයාගන්න බැරිවෙන්නැති, ඒ මොකෝ ඔක්කොම රජය කැලේ හොරට කපන දේශපාලකයන්ගේ හෙන්චයියලා ඔක්කොම චේන්සෝ අරන් ගිහිල්ලා !!!

:       0       1

Sam Monday, 27 November 2017 09:31 AM

මේකට මෙහෙම දුක හිතෙනවා නම් විල්පත්තුව ඇතුළු අනෙක් වන විනාශය ගැන කවර කතාද? අර සතියකට වතාවත් ඩ්‍රෝන් වලින්දෙන රිපොර්ට් එකක් මෙම විනාශ නවතන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26981 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23516 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site