IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පී.සීට බිම දාගෙන පහර දෙයි

(උපුල් හේරත්)

මිහින්තලේ කල්ලංචිය පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සැරයන් වරයකුට යතුරු පැදියකින් පැමිණ නාඳුනනා දෙදෙනකු මහමඟ බිම දමාගෙන බරපතල ලෙස පහර දි ඇතැයි පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක් වූයේ කල්ලංචිය පොලිසියේ  සැරයන් වරයෙති.

මෙම සැරයන්වරයා මිහින්තලයට පැමිණ ආපසු ත්‍රිකුණාමල මාර්ගයේ පිහිටි කරුවලගස්වැව විහාරස්ථානයේ ඉදිරිපිට පිහිටි වෙළෙඳ සළකට යන අතරතුරේ දී යතුරු පැදියකින් පැමිණ තරුණයන් දෙදෙනකු  මෙම සරයන්වරයාට බිම දාගෙන අතින් පයින් පහර දී ඇත .

ඒ අසල සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ද එම ආරවුල නැවත්විමට කල උත්සාහය අසාර්ථක වී ඇතැයි ඒ අසල සිටි පිරිස කියති .

පහර කෑ සැරයන්වරයා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව  නිකුත් කරන ලද නිල් පැහැති ටී ෂර්ට් එකක් හා ඊට අදාළ කලිසමක් ද පැළඳ සිටි අතර ,කිසියම් හේතුවක් නිසා සෑහෙන වෙලාවක් මෙම පොලිස් නිලධාරියාට දිගින් දිගටම පහර දීම් සිදුකළ වීඩියෝ දර්ශන ගත කළ අයකූ කියා සිටියේය.

මෙලෙස පහර දුන් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතා කරන අයවලුන් බව ඒ අසල සිටි පිරිස කියයි .

මෙම සිද්ධිය සැල වූ වහාම මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව සිරිවර්ධන මහතා විසින් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බව කී ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ඒ වන විටත් එම සිද්ධිය අවසන් වී එම දෙ පිරිස පිටත්ව ගොස් ඇති බවයි .

තුවාල ලත් පොලිස් නිලධාරියාට මිහින්තලේ පොලීසියට පැමිණ පැමිණිලි කිරීමට දැනුම් දුන් නමුත් මෙතෙක් ඔහු නො පැමිණි බව ස්ථානාධිපති වරයා සඳහන් කළේය .

කෙසේ වෙතත් පොලිස් නිලධාරියකුට මහමග බිම දාගෙන ඉතාමත්ම කෲර ලෙස වධ හිංසා පැමිණීම බරපතළ වරදක් හෙයින් ඉතාමත්ම කඩිනමින් එම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ස්ථානාධිපති වරයා අවධාරණය කළේ ය .

 



අදහස් (19)

පී.සීට බිම දාගෙන පහර දෙයි

Krishan Saturday, 24 September 2022 10:42 AM

පොලිස් නිලධාරියකුට මහමග බිම දාගෙන පහරදීම බරපතල වරදක්... එතකොට පොලිසිය නිවැරැදි මිනිස්සුන්ට මහමඟ බිම දාගෙන පහරදීම බරපතළ වරදක් නොවේ. එහෙමද මිහින්තලේ ඕඅයිසි කියන්නේ...? පසුගිය කාලේ මහරගම ආසන්නයේ වරදක් නොකරපු ලොරි රථ රියදුරෙකුට පාරේ මැදදී පහරදුන්නේ ට්‍රැෆික් රාලහාමි කෙනෙක්... ඒවා බරපතල නොවේද? මේක දැක්කොත් මිහින්තලේ ඕ.අයි.සී. උත්තරයක් දෙන්නකෝ...! ඔයාලා නීතිය හදන අය.. ඔය රාලහාමි නොයෙන්න ඇත්තේ මොකක් හෝ ඔහුගේ වරදක් ඇති... එක්කෝ කුඩුකාරයින්ගෙන් සල්ලි අරන් ඇති.. ඒවා නොදුන් නිසා ගහන්න ඇති. අහුවුණු වේලාවේ...

:       10       72

CharithTuesday, 27 September 2022 09:46 AM

රටේ පොදු නීතිය, සාමය, ආරක්ශාව රකින්න ඉන්න මිනිස්සුනම් ගමේ ලොකුම තක්කඩි වෑඩ කරන්නෙ මෙහෙම තමයි වෙන්නෙ. ගමේ ඉන්න ලොකුම හොරු, තක්කඩි පොලීසියනම් තව මොන කතාද? මේකට කමෙන්ට් කරපු, පොලිසියට සුදු හුනු ගාන්න හදපු අය එක දවසක් පොලිසියට ගිහින් බලන්න සාදාරන හේතුවකට අන්න එතකොට තේරෙනව තක්ක්ඩියො කවුද කියල

:       0       0

dhamneth Saturday, 24 September 2022 10:55 AM

පොලිසියට බඳවා ගැනීමේදී පණකෙන්ද තියෙන ක්‍රීඩා සහතික තියෙන තරුණ අය බඳවා ගත යුතුයි...

:       6       31

SISIRASaturday, 24 September 2022 06:48 PM

යතුරු පැදියකින් පැමිණ නාඳුනනා දෙදෙනාගේ පහරදීමට යම් හේතුවක් තිබෙන්නට හැකියාව පවතියි. නමුත් පොලිස් නිලධාරින් පළමු පුහුණුවීමේදී කරාටේ වැනි සටන් ක්‍රම පුහුණුවක් ලබාදීමෙන් පහරකෑම වළක්වා ගත හැකිවේ. දෙවනුව පොලිස් නිලධාරීන් සෑම වසර 3කට වරක්ම ඔවුන්ට කරාටේ පුහුණුව නැවත කළයුතුවේ.

:       3       2

Malika Saturday, 24 September 2022 11:42 AM

නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න අය කරන දහජරා වැඩ ගැන මහජනයා කිපිලා ඉන්නේ. මෙයත් මොනවා හරි අසංවර වැඩක් කරන්න ඇති යුනිෆෝම් එකට මුවා වෙලා. මේ ඒ වරදට දීපු දඬුවමක් වෙන්න පුළුවන්. මේ ක්‍රමය වැරදියි තමයි. ඒත් මේ පටන් ගැම්මක් වෙන්නත් පුළුවන්. ජනාධිපති සිට රටේ සියලු දෙනාටම එකම විදියට හරිම විදියට නීතීයක් තිබුණා නම් මෙහෙම නොවෙන්න තිබුණා...

:       7       51

චින්තක Saturday, 24 September 2022 12:54 PM

පිංතූරයේ විදියට නම් උප පරීක්ෂක කියලා කරවපු දෙයක් වගේ පේනවා...

:       2       51

Perera Saturday, 24 September 2022 01:50 PM

පොලිසිය ඔය ගුටිකන්න පටන් ගත්තා විතරයි.

:       7       47

සිරි බිරිස් Saturday, 24 September 2022 02:00 PM

පහුගිය දවස්වල තෙල් පෝලිම්වල කරපු දේවල් දැක්කාම මෙහෙම ගහලා මදියි කියලත් හිතෙනවා...

:       6       41

Kumara Saturday, 24 September 2022 02:58 PM

හොඳටම කන කාලෙ ළඟයි. ඔය පෙර නිමිති...

:       5       38

Ano Saturday, 24 September 2022 04:37 PM

පීඩිත පංතිය VS පීඩිත පංතිය...

:       3       21

Asoka Saturday, 24 September 2022 07:01 PM

අද රටේ නීතියක් නොමැති නිසා මිනිස්සු නීතිය අතට අරගෙන මෙලෙස පොලිසියට විරුද්ධව හැසිරීම සාධාරණයි...

:       1       9

Prabha Saturday, 24 September 2022 07:02 PM

සාජන් ලොක්කා සද්ද නැතුව ගෙදර ගියේ ඇයිද කියලා නේද හොයලා බලන්න ඕනි.

:       3       5

Bamunuarachchi Saturday, 24 September 2022 07:04 PM

මට පෙනෙන්නේ උප පරීක්ෂක ගොබ්බයෙක්. එකෙන්ම දීපන් අනෙක් එකාට. උඹලා මොන ගොබ්බයෝද තමන්ගේ එකාට හරි උනත් වැරදි උනත් ගහනකම් බලාගෙන ඉන්නේ. අඩුම ගන්නේ පොලිසියට රැගෙන ගිහාම වත් මුදෙන්නාට ඇතිවෙන්න වටකරලා බෙදන්න.

:       7       5

විජිත් Saturday, 24 September 2022 07:20 PM

මොකක්හරි අසික්කිත වැඩක් කරන්න ඇති. ඔය කාකි කෝට් බෑය දාගත්තාම පොලිස් කාරයින්ගේ ඇගෙන් රාජ උෂ්ණය පිටවෙන්න ගන්නවලු. එතකොට ඔවුන්ට හිතෙන්නේ "මම තමයි ලෝකෙට ලොක්කා - මට ගහන්න කවුරුවත් නැහැ.." කියලා. මෙය 99%ක් පමණ පොලිස් ලොක්කෝ පොඩ්ඩෝ ඔක්කෝටම තිබෙන මානසික රෝගයක්. මේ යන විදිහට ගියොත් තව ටික දවසකින් පොලිස් කාරයින් ඔක්කෝටම මහපාරේදී ගුටිකාලා මැරෙන්න වෙන්නත් පුළුවන්. ඒ ඔවුන් කරන අසික්කිත වැඩ නිසා. කෙසේවෙතත් නව රජයක් පත්වුණු දවසක මේ පොලිසියම වසා දමා,පොලිස් කාරයින් ඔක්කොම පෙන්ෂන් නැතිවම ගෙදර යවා, නව උගත් බුද්ධිමත් ඒ වගේම අවංක, කිසිම දේශපාලුවෙකුට නොනැමෙන ශක්තිමත් " තරුණයින් " ගෙන් යුත් අලුත්ම පොලිසියක් හැදුවොත්... වාසනාවන්..!

:       2       9

RAHIM Saturday, 24 September 2022 08:22 PM

අවුලක් නැහැ. පොලීසිය මිනිස්සුන්ට ගහනව මිනිස්සු පොලීසියට ගහනව. එකට එක.

:       2       7

tikira Saturday, 24 September 2022 08:38 PM

මේ ගමේ නම ' කලංචියාලු' . මාර අලකලංචියක් සිද්ධ වෙලා තියෙන්නේ.

:       0       1

pakeer Saturday, 24 September 2022 09:26 PM

මේ ලොකු පොලිස්කාරයා කිසි දෙයක් නොකර ඉන්න සීන් එකක් තමයි පේන්නේ.. හිනාත් යනවා.

:       0       3

මැක්ස් Saturday, 24 September 2022 11:04 PM

පොලිස් නිලධාරියකු මතු නොව කිසිවකුට මෙසේ පහර දීමට කිසිවකුට අයිතියක් නොමැත. එය වීර ක්‍රියාවක් සේ දක්වා මෙහි කොමෙන්ටු කොටා ඇති අයට ඇත්තේ මොන විදිහේ මානසික මට්ටමක්දැය් සිතීමත් පිළිකුල්ය.

:       4       5

බිම්සර Sunday, 25 September 2022 03:40 PM

උප පොලිස් පරීක්ෂකවරයා මරු. බලාගෙන ඉන්නවා ගහනකන්...!

:       1       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6190 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7640 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18280 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1256 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9438 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 594 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site