IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පිටවල පතනේ පැරණි ගස් කපති

( ඉන්දික අරුණ කුමාර )

නකල්ස් කඳු පංතියට අයත් පිටවල පතන ප‍්‍රදේශයේ ඉපැරණි ස්වභාවික ගස් කිසියම් පිරිසක් විසින් අද (29) විනාශ කරනු ලැබ ඇතැයි  මාතලේ දිස්ත‍්‍රික් රාජ්‍ය නොවන පාරිසරික එකමුතුව කියයි.

පිටවල පතන ආසන්නයේ ඇති තොරතුරු මධ්‍යස්ථානය ආසන්නයේ මෙම ගස් කැපීම සිදුවන බව ද ඔවුහු පවසති.

ජෛව විවිධත්වයෙන් අනුන වසර ගණනාවක් පැරණි පරිසර පද්ධතියක් වන එම ප‍්‍රදේශය අධි සංවේදී කලාපයක් බව පරිසර එකමුතුව පවසයි.

පසුගිය රජය සමයේ එහි ඉදිකෙරුණු තොරතුරු මධ්‍යස්ථානයට ප‍්‍රදේශයේ විවිධ සංවිධාන රැසක විරෝධය එල්ල වූ අතර ඒ හේතුවෙන් මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ වැඩ අතර මග නැවතී තිබිණි.

මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉළුක්කුඹුර තොරතුරු මධ්‍යස්ථානයේ බීට්ටු වන නිලධාරිවරයෙකු  පැවසුවේ පතන ප‍්‍රදේශයේ වන විනාශයක් සිදු නොවන බවයි.

සිය සාමාජීකයින් අද දවස පුරා පිටවල පතන තොරතුරු මධ්‍යස්ථානය අවට සුද්ද පවිත‍්‍ර කළ බවත් හෙතෙම පැවසීය.ලබන මස විවෘත කිරීමට නියමිත තොරතුරු මධ්‍යස්ථානය අවට පිරිසිදු කිරීම එහි අරමුණ බව ද ඒ මහතා කීය.ඉපැරණි ශාක විනාශ නොකරන බවත් එම ස්ථානයේ නව පැල සිටුවන බවත් හෙතෙම පැවසීය.



අදහස් (11)

පිටවල පතනේ පැරණි ගස් කපති

Yamuna = Pitawala Wednesday, 30 August 2017 07:42 AM

ඉන්දික අරුණ කුමාර මහතාණෙනි, මෙතන තණකොළ උදලු ගෑම සහ කටුපඳුරු ඉවත් කිරීමක් කලේ සංචාරකයන්ගේ පහසුව සඳහායි... කෝටි ගණන් අපතේ යන තොරතුරු මධ්‍යස්ථානය නැවත ස්ථාපිත කිරීමටයි . ඉපැරණි ස්වභාවික ගස් කැපුවේ කොහිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. හැම දෙයක්ම වපර ඇහින් බලන්න පුරුදු වෙන්න එපා... වගකීමක් ඇතිව වාර්තාකරණය කරන්න.

:       22       48

indika aruna kumara Wednesday, 30 August 2017 10:02 AM

ඔබතුමියත් ප‍්‍රවෘත්තිය නැවත සම්පූර්ණයෙන් කියවා බලන්න.

:       0       14

Yamuna- PitawalaWednesday, 30 August 2017 10:26 AM

ඔබගේ අදහස හිස් මුදුනින් පිළිගනිමි. නමුත් පාරිසරික එකමුතුවක් කියූ කතාවක් පදනම්ව "පිටවල පතනේ පැරණි ගස් කපති" යනුවෙන් වාර්තා කිරීම යෝග්‍ය නොවන බව අපේ හැඟීමයි. ඡායාරූප ගත්තේ ඔබතුමා නම් එහි නිවැරදි තොරතුරු සමාජ ගත කිරීම ඔබගේ වගකීමක් ලෙස දකිමි.. ස්තුතියි !!!

:       1       30

රජින්ද Wednesday, 30 August 2017 10:06 AM

රටක අගයක් ස්වභාවික සුන්දරත්වයක් විඳින්න. මේ රටේ දේශපාලකයන් කිසිදා ඉඩ දෙන්නේ නැත. රටේ කිසිවක් ගැන කිසිදු ජාතික හැගීමක් නැති මොවුන් මුළු මහත් දේශයම දිනෙන් දින විනාශ මුඛයට ඇද දමමින් පවතී. පසුගිය රජය සමයේ මේ රටේ ස්වභාවික පරිසර පද්ධතියට සිදුවූ ව්‍යවසනය යහපාලන රජය විසින්ද අඛණ්ඩව සිදු කරමින් පවතී. දේශපාලන මුදලාලිලාගෙන් තොරවූ පාර්ලිමේන්තුවක් මේ රටේ පත් වෙනතුරු ස්වභාවධර්මයා ගැන කිසිඳු තැකීමක් සිදු නොවේ.

:       0       4

බණ්ඩාර(කැකිරාව) Wednesday, 30 August 2017 10:09 AM

මේ ප්‍රවෘත්තිය නම් පක්ෂග්‍රාහී බවක් පේනවා. "යමුනා" කියන කතාව ගොඩක් සාධාරණයි. මේ ෆොටෝ වලින් එලෙස කරපු ලොකු විනාශයක් ගැන නම් පෙනෙන්නේ නැහැ.

:       1       42

hemantha Wednesday, 30 August 2017 10:12 AM

දැන් මාධ්‍ය වාර්තා විශ්වාස කරන්න බැහැ.

:       1       22

indika aruna kumara Wednesday, 30 August 2017 11:02 AM

යමුනා මහත්මියට ස්තුතිවන්ත වෙමි. රටේ යම්කිසි සංවිධානයකට හෝ පුද්ගලයෙකුට අදහස් දැක්වීමට අයිතියක් ඇත. එහිදී චෝදනා එල්ලවන පාර්ශවයන්ගෙන් ද තොරතුරු විමසීම හා එම අදහස්වලට ඉඩ ලබාදීම මාධ්‍යකරුවාගේ වගකීම වේ. එය අප විසින් ඉටුකර ඇත. එපමණක්ද නොව පිටවල කලක් තිස්සේ සිදුවන විවිධ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දි තොරතුරු රැසක් විවිධ මාධ්‍යායතන විසින් සාක්ෂි සහිතව හෙළිකරන ලදී. එවැනි අවස්ථාවල දි මැදිහත්වූ පුද්ගලයින් පිළිබඳ අපට තොරතුරු වාර්තා නොවීය.

:       1       0

indika aruna kumara Wednesday, 30 August 2017 11:16 AM

බණ්ඩාර මහත්මයාට පිටවල පතන පිළිබඳව පවතින අවබෝධය පිළිබඳ කණගාටු වෙමි. නකල්ස් පරිසර පද්ධතියට අයත් පිටවල පතන අධිසංවේදි කලාපයක් වගේම සංරක්ෂිත ප‍්‍රදේශයක්... මේ ප‍්‍රදේශයේ සෑම පැළෑටියක්ම ඉතාමත් පැරණි ඒවා අනිත් කාරණේ වෙනත් ප‍්‍රදේශවලදී හමු නොවන ශාක මෙන්ම අල වර්ග, මල් වර්ග රැසක් මේ පරිසර පද්ධතියේ පිහිටා තියෙනවා. විනාශ වන්නේ ලොකු හා කුඩා ශාක ද යන්න නෙවෙයි.

:       0       1

SLJ Wednesday, 30 August 2017 11:21 AM

වගකීමකින් යුක්තව පරිසර කළමනකරණය පිලිබඳ අපගේ ජනතාව දැනුවත් කරන්න ඕනේ. දෙවැනි පොටෝ එකේ මල්ලි දිරච්ච අත්තක් කපනවගේ පෙන්නේ. මාධ්‍ය වාර්තාව සමබර වුණත් සිරස්තලය පැත්තකට බරවෙලා.

:       0       1

ලග්ගල banda Wednesday, 30 August 2017 02:40 PM

මේ පිටවල පතන නෙතට රසඳුනකි. මෙවන් ස්ථානයක් ලොවේම නැත. කිසියම් හරකුන් වැනි මොලේ ඇති පිරිසක් කොන්ක්‍රීට් වනාන්තරයක් අටවා එහි සුන්දරත්වට ඉමහත් හානි කර ඇත. අඩුම ගණන පොල් අතු හා ඉල්ලුක් ගොඩනැගිල්ලක් තනා අවශ්‍යතාව පිරිමැහුවා නම් මෙවන් දෙයක් සිදු නොවේ. ඊයේ මම එහි යන විට දැක්කේ නැවත ඉදිකිරීම සිදුවෙන බවයි. අනාගත පරම්පරාවට දිය යුත්තේ ස්වභාවිකත්වය මිස කොන්ක්‍රීට් ගොඩක් නොවේ.

:       0       3

RAAWANA MUNUPAA Thursday, 31 August 2017 02:36 PM

තණකොළ කපන්න නෙමෙයි කන්න දෙන්න ඕනෑ මොලේ නැති අයට. ලංකාවට අවේණික පතන් අල, ගල්පර මැඩියා වැනි බොහෝ වටිනා කුඩා සතුන් සහ ශාක ජීවත් වෙන්නේ ඔය භූමියේ බව තේරුම් ගන්න මොලයක් නැහැ. ලෝකෙටම අහිමි වෙන අපේ සම්පත් ගැන වගකීමෙන් කටයුතු කරන විදිය ලංකාවේ නිසා අරුමයක් නොවේ. මහත්මයා ඔබ වැනි අයවත් මේවා ගැන අවදියෙන් සිටින එක මාධ්‍ය ලෝකෙටම හොඳ ආදර්ශයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28689 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site