හිරාන් ප්‍රියංකර ජයසිංහ
වාරකන් සමයත් සමඟ පුත්තලම වෙරළ තීරයට ගසා ගෙන විත් තිබු සායනික අපද්‍රව්‍ය ඇතුළු කැලි කසළ අද (21) දින සිට සම්පුර්ණයෙන් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබුණි.
පසුගිය 10 වැනි දා සිට පුත්තලම වෙරළ තීරයට අයත් සින්නපාඩුව වෙරළට ඉන්දියාවේ භාවිත කරන ලද බවට සැකකරන සායනික අපද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩ ගසා තිබූ අතර ඒ පිළිබඳව මාධ්‍ය මගින් දැනුම්වත් කිරීමත් සමඟ අදාළ අංශ මේ පිළිබඳව සොයා බලා ඇත.
අදාළ සායනික අපද්‍රව්‍ය උඩප්පුව වෙරළ තීරයේ සිට කල්පිටිය දක්වා සැතපුම් 30 කට වැඩි දුරක් ගොඩ ගසා තිබිණි.
ප්ලාස්ටික් බෝතල් ලක්ෂ ගණනින් ද වීදුරු හා අනිකුත් බෝතල් විශාල ගණනින් ද වෙරළ තීරයට ගොඩ ගසා තිබුණේ ගමන් කළ නොහැකි පරිද්දෙනි.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු වූයේ ප්‍රදේශයේ ධීවර සමිතිවල සාමාජිකයින් 100 කට ආසන්න පිරිසකගේ සහ පොලිස් හා නාවික නිලධාරින්ගේ මැදිහත්වීමෙනි.
මේ පිළිබඳව අදහස් දක්වා සිටි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක මධුනී ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය.
“ පසුගිය සති කිපය පුරා පුත්තලම වෙරළ තීරයට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසා තිබූ බව අපිට වාර්තා වුණා. අප එවා වහාම ඉවත් කිරීමට පියවර ගත්තා. ඒ සඳහා අනිකුත් රාජ්‍ය ආයතන එක් වුණා. සායනික අපද්‍රව්‍යවලට අමතරව තවත් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයකින් වෙරළ අපිරිසිදුව තිබූ ආකාරය නිසා අපි අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත අද දිනයේ ජනතාව සහ නාවික හමුදාව පොලිසිය එක්ව පිරිසිදු කිරීම ආරම්භ කළා. මෙය දිගටම ක්‍රියාත්මක කරන්න අපි සුදානම්. පුත්තලම වෙරළ තීරය කිලෝ මීටර් 325 කට ආසන්න දුරක් පවතින නිසා එය ඉතාමත් ක්‍රමානුකුලවයි කළ යුත්තේ.”
මෙහිදි මෙම පිරිසිදු කිරීම්වලට එක්ව සිටි නිලංකා ප්‍රනාන්දු මහත්මිය,
“ හැම වාරකන් සමයකම අපේ වෙරළ තීරයට අපද්‍රව්‍ය ගොඩ ගැසීම සිදු වෙනවා. නමුත් මෙවර රෝහල්වල භාවිතා කරන අපද්‍රව්‍ය වෙරළට ගොඩ ගසා තිබුණා. අපි දින කිහිපයක් වෙරළට ආවෙත් නැහැ බයට. නමුත් දැන් අපිට සතුටුයි මේ වෙරළ පිරිසිදු කිරීම ගැන.”
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුත්තලම වෙරළේ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරිම අරඹයි
sudam Wednesday, 22 August 2018 04:43 AM
මේ වෙරල තීරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම ඇරබුනේ දැන් සතියකටත් කලින්. දැන් ඒ අපද්‍රව්‍ය බොහෝ දුරට ඉවත් වෙලා. ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අපි ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ඒ සායනික අපද්‍රව්‍ය වෙනම එකතු කර වෙන් කරා. ඒ වගේම හොද සංගණනයක් කරලා තිබුනා ඒවා ගැන.