IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පුත්තලම වෙරළට ගසාගෙන එන්නේ විදේශීය කසළද ?

හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
පුත්තලම සින්නපාඩුව වෙරළ තීරයට විදේශ රටවල භාවිතා කළ බවට සැකකරන වෛද්‍ය උපකරණ රැසක් ගොඩ ගසා ඇති බව ගම්වැසියෝ පවසති. 


මේ දිනවල මුහුද රළු වීමත් සමඟ විශාල වශයෙන් මෙසේ පුත්තලම මුහුදු තීරයට අයත් උඩප්පුව සිට කල්පිටිය දක්වා කිලෝමීටර් 30 කට වැඩිදුරක් මෙසේ අපද්‍රව්‍ය මුහුදු රළට ගසා ගෙන විත් වෙරළ තීරයේ ගොඩ ගැසී ඇති බව ධීවරයෝ කියති.


සින්නපාඩුව ග්‍රාමීය ධීවර සමුපකාර සමිතියේ සභාපති ඩබ්ලිව්.ආර්.ජේම්සන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. 


‘මේ වන විට විශාල වශයෙන් විවිධ අපද්‍රව්‍ය  අපේ වෙරළ තීරයට ගොඩ ගසමින් තිබෙනවා. ඇත්තටම වෙරළ දිහා බැලුහාම පුදුම අපද්‍රව්‍ය තොගයක් තිබෙන්නේ. අනික මේ අපද්‍රව්‍යවල විවිධ දෑ තිබෙනවා. ඒ කියන්නේ විදේශ රටවල භාවිතා කරපුවා ද නැද්ද කියන්න බැරි සේලයන් බොතල්, බෙහෙත් විදිමට ගන්නා සිලින්ජර්, විවිධ ඖෂධ වර්ග අඩංගු කුඩා කුප්පි සහ විවිධ රසායනික ද්‍රව්‍ය සහිත කෑන් වර්ගත් තිබෙනවා. ගැඹුරු මුහුදේ ධීවරයින් භාවිතා කරන කැඩි ගිය දැල් ආම්පන්නත් තියෙනවා. ඒවා නම් ඉන්දියාවේ වෙන්න ඇති කියලා හිතෙනවා. මේ වෙරළ කලාපය සංචාරක කලාපයක් ලෙස නම්කර තිබියදීත් පුදුම කරදරයක් වෙලා තිබෙන්නේ’ 
 
මෙම අපද්‍රව්‍ය අතර මේ වන විට දහස් ගණනින් භාවිතා කළ ප්ලාස්ටික් බෝතල් දැකගත හැකි අතර එයට අමතරව විදුරු බෝතල් ද විසිරි තිබෙනු දැකගත හැකිය . 


මේ පිළිබඳව කළ විමසිමේදී අදහස් දැක්වු වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මධුනී ප්‍රනාන්දු මහත්මිය මෙසේ කීවාය.
 
‘අපි මේ පිළිබඳව දැනගත් විගසම අපේ කණ්ඩායම් මේ ප්‍රදේශවලට යොමු කළා. මොකද ජනතාවගේ සෞඛ්‍යට හානි කරන දෙවල් තිබෙනවා  නම් ආරක්ෂිතව ඉවත් කරන්න. නමුත් අපේ නිලධාරින් කියන විදිහට විශාල වශයෙන් වෛද්‍ය අංශ විසින් භාවිතාකර ඉවත දැමු දේවල් නොමැති බවයි දැනගත්තේ හැබැයි . විශාල වශයෙන් වෙනත් අපද්‍රව්‍ය තිබෙන බවට මට දැනුම් දුන්නා . අපි කඩිනමින් මේ සියල්ල ඉවත් කරන්න කටයුතු කරනවා’  

සමූද්‍රිය පරිසර අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් නිළධාරි ප්‍රියංගා සමරසේකර මහත්මිය මේ සඳහන් කළාය.


“ මේ පිළිබදව අපිටත් තොරතුරු ලැබුණු විගස මේ ප්‍රදේශවලට අපි පැමිණියා . එහිදි අපිට දැන ගන්න ලැබුණු තොරතුරු තරම් විශාල වශයෙන් වෛද්‍ය අංශ භාවිතා කරනු ලැබු සිලින්ජර් ඇතුළු දෑ හමුවුණේ නැහැ . ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි අපිට එවැනි දෙවල් හමුවුණේ. නමුත් අපි මේ වන විට කිලෝමිටර් 10 කට වැඩිදුරක් වෙරළ තීරය පරික්ෂාවකට ලක් කරමින් මේ මොහොත වන විටත් ඉදිරියට යමින් තිබෙනවා’



අදහස් (6)

පුත්තලම වෙරළට ගසාගෙන එන්නේ විදේශීය කසළද ?

රජින්ද Tuesday, 14 August 2018 03:10 PM

මේ රට කොහොමත් මුළු ලෝකෙම තියෙන කසල කන්න බලාගෙන ඉන්න එකම රට. ඒ නිසා මේ රට දැන් ප්‍රසිද්ධ ජාවාරම් වලට සහ මේ වගේ කුණු වලට. මේ රටේ ජීවත්වෙන මිනිස්සුම තනිකර කුණු ගොඩවල් ටිකක් විතරයි. තව ටික දවසකින් මේ රටට වෙන දේ හිතාගන්නවත් බැරි වේවි. චීනෙන් හම්බන්තොට ආයෝජන කලාපයේ කරන්න යන්නෙත් මේ රටේ පරිසරය ආයෙත් හදාගන්න බැරි තරම් භයානක කර්මාන්තශාලා ගේන එක, ඉන්දියාවත් එහෙ ජනතාව ප්‍රතික්ෂේප කරන භයානක රසායනික කර්මාන්තශාලා ගේන්න හදන්නෙත් මෙහෙට. ඔය රටවල වගේ මාස්ක් එකක් දාගෙන හුස්ම ගන්නකොටයි පිටරටවලින් බොන්න වතුර ගේන්න වෙනකොට මෙහෙ ඉන්න අයට උඩ බලාගෙනයි ඉන්න වෙන්නේ.

:       123       509

sanjeewaWednesday, 15 August 2018 05:50 AM

එකනම් ඇත්ත, දැන් සිංගප්පූර් ගිවිසුමක් හල එහෙ තියෙන කුණු මෙහෙට ගෙන්න මෙහෙ කුණු මදිවෙලාද කොහෙද!!!

:       101       313

ranjith Tuesday, 14 August 2018 08:48 PM

මේවා සිංගප්පුරු ගිවිසුමෙන්න් ලංකාවට ආපු බාන්ඩ. කරුණාකරලා රනිල්ගෙන් හරි මලික්ගෙන් හරි අහන්න මොනවද කියල.

:       90       75

bandaThursday, 16 August 2018 01:54 PM

මෝඩ කතා කියන්න එපා මහත්තයෝ

:       0       0

indunil Wednesday, 15 August 2018 04:25 AM

ෆොටෝ වලනම් ගොඩක් තියෙන්නේ වෛද්‍ය උපකරණ වගේ ...

:       0       5

purawasiya Wednesday, 15 August 2018 05:03 AM

වතුර වීදුරුවේ කිඹුලන් දකින මිනිස්සු ඉන්නේ. කේරලයට තමිල්නාඩුවට මුළු ඉන්දියාවටම හොදටම වැස්ස ජලාශ ඔල්ලෝම වේලි ඇරිය ඉතින් මහා කුණු කන්දක් මුහුදට එක උනාම .දියවැල් අපේ රට පැත්තට අරන් එනවා .මුහුදු යන මිනිස්සු දන්නවා ඉන්දියන් සාගරයේ කුණු තියෙන්නේ දුපත් වගේ විසාලෙට කියල .ඕක ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්

:       72       115

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18721 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site