ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්‍යවකාශ ආයතනය පවසයි.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නාසා ආයතනයේ විද්‍යාඥයෝ මෙම කරුණු ප්‍රකාශ කළහ.පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක දුරින් පිහිටා ඇති කුඩා සෞරග්‍රහ මණ්ඩලයක මේ ග්‍රහලෝක හත පිහිටා ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති.
වාණිජ ජෙට් යානාවකින් පැයට කිලෝමීටර 926කින් ගමන් කළ ද එම තාරකාව පිහිටා ඇත්තේ වසර මිලියන 44කට වඩා දුරින් යැයි ද නාසා විද්‍යාඥයෝ තවදුරටත් පෙන්වාදෙති.
මෙම නව ග්‍රහයන් හත් දෙනා කුඩා තරුවක් වටා භ්‍රමණය වෙමින් පවතින බව ද විද්‍යාඥයෝ පවසති.විද්‍යාඥයන් එම තරුව නම් කර ඇත්තේ ‘ට්‍රැපිස්ට් 1’ යන නමිනි. මෙම තරුව අප සූර්යයා මෙන් නොව, ඊට වඩා සිසිල් යැයි ද පැවැසෙයි.
මීට පෙර වෙන වෙනම ජීවය ජීවය පැවැතීමට හිතකර සාධක ඇති ග්‍රහලෝක විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇතත්, ජීවය පැවැතිය හැකි යැයි අනුමාන කළ හැකි ග්‍රහයන් හතකින් සමන්විත ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට හැකිවුණු පළමු අවස්ථාව මෙය බවත් එම නිසා මෙම සොයා ගැනීම ඉතා වැදගත් සොයා ගැනීමක් බවත් නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මෙම ග්‍රහයන් හතෙන් තුනක් ඔවුන්ගේ මවු තාරකාව වටා කක්ෂ ගත වී ඇත්තේ ද්‍රව මතුපිටක් එසේත් නැතිනම් මතුපිට ජලය ඇති දුරකින් යැයි ද විද්‍යාඥයෝ පෙන්වා දී ඇත. අනෙක් ග්‍රහයන් හතරට සාපේක්ෂව මෙම ග්‍රහයන් තුනේ ජීවය තිබීමේ අවස්ථාව වැඩි යැයි ද නාසා විද්‍යාඥයෝ පවසති.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් සොයා ගැනේ