(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සූපවේදීන් ඇතුලූ සේවක මණ්ඩලය එක්ව ස්ට්‍රෝබෙරි පළතුර යොදාගෙන සකස් කළ විශාල ‘පීසාවක්‘ අතුරුපසක් ලෙස සකසා පිළිගැන්වීම අද (17) එම හෝටලයේදි සිදු කළේය.
මෙම ස්ට්‍රොබෙරි පීසාව සදහා ස්ට්‍රොබෙරි කිලෝ 200 උපයෝගි කරගෙන තිබු අතර එය නිපදවීම සඳහා උපයෝගි කරගත් අනෙකුත් අමුද්‍රව්‍ය සමඟ එහි මුළු බර කිලෝ 1400 කි.
මෙම ස්ට්‍රොබෙරි පීසාව පුද්ගලයින් 6000 ආහාරයට ගත හැකි බව මෙම පීසාව නිපදවු සූපවේදීහු පවසති.
එහි විශ්කම්භය අඩි 25 හා උස අගල් 6 යුක්ත වේ’නුවරඑලිය ග්රැන්ඞ් හෝටලයේ ප්‍රධාන සූපවේදින් වන ප්‍රියන්ත වීරසිංහ සහ විරාජ් ජයරත්න යන මහත්වරුන් සහ සේවකයන් සිය දෙනෙකුගේ සහභාගිත්වයෙන් නිර්මාණය කරන ලද මෙහි මුළු බර කිලො 1400කි
මෙය එළිදැක්වීමෙ අවස්ථාවට සංචාරක මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාලාල් මහතාද සහභාගී විය.
නුවරඑලිය ග්රැන්ඞ් හෝටලයේ සාමාන්‍යධිකාරී රිසාන් රසීම් මහතගේ උපදෙස් පරිදි මෙම පීසාව නිර්මාණය කර ඇත.
ශ්‍රි ලංකාවේ නුවර එළියේ පමණක් වැවෙන ස්ට්‍රොබෙරි වගාව ලොව පුරා ප්‍රචලිත කිරිමේ අරමුණින් හා නුවර එළිය ප්‍රදේශයේ ස්ට්‍රොබෙරි වගාකරුවන් දිරි ගැන්විමට මෙම පිසාව නිර්මාණය කිරිම තුළින් අවස්ථාව ලැබෙන බව නුවරඑළිය මහ නගර සභාවේ පුරපති චන්දන ලාල් කරුණරත්න මහතා පැවසිය.
මෙය අද සිට දින 10 දහයක් එම හෝටලයේ ප්‍රදර්ශනය කිරිමට කටයුතු කර ඇත. මෙම හෝටලය මගින් මීට ප්‍රථම අර්තාපල් වලින් නිෂ්පාදනය කරන ලද ලෝකයේ ලොකුම කෙක් ගෙඩියද නිර්මාණය කර එළි දක්වා ඇත.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුද්ගලයින් 6000 කට ආහාරයට ගත හැකි ස්ට්‍රෝබෙරි පීසාවක් නුවරඑළියෙන්
nuwan Friday, 17 August 2018 10:33 AM
ලෝකේ ලොකුම පාර්ලිමන්ට් ජෝක් එකත් ලංකාවේ තියෙන එකේ.... ලෝකෙන් ලොකුම පීසාව හැදුවම මොකද?
Chanak Los angelesSaturday, 18 August 2018 12:54 AM
ඇයි ලෝකයේ ලොකුම හොරකම ?
Marshall Wickramaratne Friday, 17 August 2018 12:02 PM
චෙෆ් !! ඔබට අපේ සුබ පැතුම්... !!!
adiri Friday, 17 August 2018 12:23 PM
දවස් 10ක් තියා ගන්න මොන තරම් විස දාල ඇතිද? කාටද මේක පස්සේ කන්න දෙන්න යන්නේ?
sumanapala Friday, 17 August 2018 02:03 PM
මේක කුඩා කරන්න. අපරාදේ කෑම විනාශ කරනවා.
same Friday, 17 August 2018 03:30 PM
වැඩක් නැති දේ මොලේ කළඳක් නෑ
අප්පුහාමි Friday, 17 August 2018 04:13 PM
අපේ රට ගැන මට ඇතිවෙන්නේ පුදුම ආඩම්බරයක්. වෙන මොනවද අපට ඕනේ? අපිට ගහන්න කවුරුවත් නෑ. නoගී මල්ලි යන්න නුවරඑළි, ගහන්න සෙල්පියක්
prasad Saturday, 18 August 2018 03:47 PM
පීසා වැඩිපුර කන රටවල ස්ට්‍රෝබෙරි දාන්නේ නැහැ. මේ පීසා එක දින 10ක් තියාගත්තට පස්සේ කන්න පුලුවන්ද? හෝටල් ගැන දන්නා කෙනෙක් කියන්නකෝ මෙච්චර ආහාර විනාසයක් නොකර මේක ප්‍රමෝට් කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?(හදපු දවසෙම ප්‍රදර්ශනය කරලා, හවසට ලාබෙට වික්කා නම් ඉවරයිනේ )