IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පන්දහස ඉල්ලා දෙවැනි දිනටත් උද්ඝෝෂණයේ

(රංජිත් රාජපක්ෂ)   

         
අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යටතේ පාලනය වන වටවල ග්‍රාමසේවා වසමේ වතු හතක වතු කම්කරුවන් (08) දින සිට රු 5000 පළමු අදිරයේ සහ දෙවන අදිරයේ  මුදල ලබා ගැනිමට වටවල සමෘද්ධි කාර්යයාලය අසල රැදි සිටිම නිසා නොසන්සුන්කාරි තත්ත්වයක් (09) දින ඇති විය.
 

වටවල පොලිස් වසමට අයත් කැරොලයිනා , වටවල වත්ත , දියගල , අග්‍රාඔය,වටවල සමන්පුර ඇතුළු ගම්මාන කිහිපයක වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින්ට (08) දින එම මුදල ලබා ගැනිමට පැමිණෙන ලෙස නෝටන්බ්‍රිජ් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරින් විසින් කල දැනුම් දිමක් මත වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසින් (08) දින සිට සමෘද්ධි කාර්යයාලය ඉදිරිපිට රැදි සිටියි.
 
රු 5000 දිමනාව ලබා ගැනිමට පැමිණි වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් චෝදනා කර සිටින්නේ රු 5000 දිමනාව ලබාදිමට සමෘද්ධි කාර්යයාලය මගින් නිර්දේශ කර ඇති නාම ලේකණයේ මිය ගිය අයගේ නම් කිහිපයක්ද ඇතුලත් වි ඇති බවයි.
 
නොටන්බ්‍රිජ් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරින් නිසි අධික්ෂණයකින් තොරව වතු කම්කරුවන්ට රු 5000 දිමනාව ලබාදෙන බවට පොරොන්දු වි දින දෙකක් තිස්සේ තමන්ව රස්තියාදු කල බව එම දිමනාව ලබා ගැනිමට පැමිණි ප්‍රතිලාභින් කියා සිටියි.
 
රු 5000 දිමනාව ලබානොදිම සම්බන්ධයෙන් එම දිමනාව ලබා ගැනිමට පැමිණි ප්‍රතිලාභියෙකු නොටන්බ්‍රිජ් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරියෙකුට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් කරුණු විමසිමේදි ඔහු කියා සිටියේ තම කාර්යයාලයේ අතපසුවිමක් නිසා එම මුදල ලබා දිමට නොහැකි වු බවයි.

ඉදිරි දින කිහිපය තුලදි එම මුදල ලබාදිමට කටයුතු කරන බවද නොටන්බ්‍රිජ් සමෘද්ධි කාර්යයාලයේ දේවනාත් නැමති නිලධාරියා දුරකථනය ඔස්සේ කියා සිටිහ.
 
රු 5000 දිමනාව ලබා ගැනිමට පැමිණි  පිරිස මුඛ ආවරණ පැලද සිටියදි පුද්ගල දුරස්ථ භාවය රදා නොපවත්වා ගනිමින් රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

 



අදහස් (15)

පන්දහස ඉල්ලා දෙවැනි දිනටත් උද්ඝෝෂණයේ

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 June 2020 03:00 PM

මේ අසරණ මිනිසුන් 5000/= ගන්න මෙහෙම රස්තියාදු වෙනවා. මේ අය උපයන මුදල්වලින් මේ අයගේ නායකයන් සුර සැප විඳිනවා.

:       0       415

Hafeel Tuesday, 09 June 2020 05:47 PM

ඒක තමයි තොන්ඩමන්ගේ දියණිය අවමංගලයට ඇවින් තියන්නේ තනි ගුවන්යානයකින්. ඒ තරම් වත්කම් තියනවා නම්, මේ මිනුස්සු මෙහෙම දුක් විඳිනවා.

:       0       1

විජිත් Tuesday, 09 June 2020 03:09 PM

මේ සිටින්නේ අපේ රටේ ආර්ථිකයට ඉහළම දායකත්වයක් දෙන ඉතාමත්ම අසරණ ජීවිත රැසක්. නොයෙකුත් දේශපාලුවන්ගේ රැවටිලි බස්වලට රැවටී රැවටිත්.. තම ජීවිත පමණක් නොව තම දරුවන්ගේ ජීවිත පවා තේ වත්තටම කැපකළ මේ මිනිස්සුන්ගේ ජීවිත මහාම මහා ඛේදවාචකයක්.. ඔවුන් ඉපදුණුදා සිට සිටින මේ නිවාස හඳුන්වන්නේ ලයින් නිවාස කියලා. චූටිම චූටි කාමරයක් සහ පිටතින් කුස්සියක් පමණයි ඒවාවල තියෙන්නේ. නිවාස පේලියටම එක වැසිකිලියක් තිබෙනවා. ළමයින්ට ඉගෙන ගන්න වතු පාසලක් තියෙනවා. හැබැයි ඉහළට ඉගෙන ගන්න නගරයට යන්න ඕනෑ. ඒ පහසුකම නැතිනිසා මේ දරුවන් බොහෝ දෙනෙක් තම රැකියාව වත්තෙන්ම හොයා ගන්නවා. මම හිතන්නේ 5%ක් වත් දරුවන් උසස් අධ්‍යාපනයක් ලබන්න වාසනාවන්ත නැහැ. දරුවන් උසස් අධ්‍යාපනයට යොමුවෙනවාට... වතු සමාගමේ නිලධාරීන්ගේ වැඩි සතුටක් නැහැ. මොකද මේ වැඩිහිටි පරම්පරාවෙන් පස්සේ ශ්‍රම බලකාය නැතිවුනොත් තේ නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. පිටින් ශ්‍රමය හොයාගන්නත් බැහැ. ඒ වගේමයි මේ වතු ලයින්වල ඉන්න අයගෙන් බොහෝ දෙනෙක් මධු විතට වහ වැටිලා. රෑට ගෙවල් වල ගෝරි ගොඩයිලු. මහත්වරුනේ මේ ඉන්නෙත් ඔබ අපි වගේම පණ තියෙන.. එ්ත් බාගෙට මැරුණු ජීවිත රැසක්. ඒ ගොල්ලන් ඉල්ලන්නේ ඒ ගොල්ලන්ගේ ජීවිතයි..

:       0       176

පූජා Tuesday, 09 June 2020 07:44 PM

විජිත්, ඔබේ කමන්ට් එක කියවපු ගමන්, මෙම අහිංසක මිනිසුන් ගැන කියවුණු ලස්සන ගීතයක් මගේ මතකය අවදි කළා.. "උඩරට කඳුකර සිරියා පරදින, රූබර මුහුණ ඔබේ... රතැගිලි දිගුකර මදහස නංවන තේ දළු නෙලන ළඳේ//. රට පණ ගන්වන ජාතිය සුරකින, ජාතික ධනය අපේ ..අපි නය ගැති වෙමු සුකුමල දෑතට තේ දළු නෙලන ළදේ ...ලියලන දළුවල කරටිය හැමවිට , ඔබේ නෙත් දෙසට නැමේ....‘‘ චිත්‍රා සෝමපාල මහත්මියගේ මියුරු හඩින් ගැයෙන මේ ගීතයෙන් මට මොකුත් ලියන්නට දෙයක් ඉතිරි වී නැහැ.. කුකුල් කූඩු වාගේ , පොඩි ලයින් නිවාස වල මුළු පවුලක්ම ගුලිවී ජීවත් වෙන මේ අසරණ මිනිසුන්ගේ දහඩිය මහන්සිය උඩ සැපවත් ජීවියක් ගත කරන මිනිසුනේ, හිතන්න පොඩ්ඩක්.. මේ මිනිසුන් ලංකාවට එන්නේ නැතුව හිටපු රටේම හිටියානම්, ඔවුන්ගේ දරුවන්වත්,හොඳ අධ්‍යාපනයක් ලබා මීටවඩා සැපවත් ජීවිතයක් ගත කරයි කියලා මට හිතෙනවා...

:       0       66

විජිත් Thursday, 11 June 2020 04:47 AM

අනේ පූජා බොහොම ස්තුතියි... මේ ලස්සන සින්දුව මතක්කළාට... ඔය සින්දුව කාලයකින් මට අහන්න බැරිවුණා. ඔය සින්දුවට මම හරිම ආස A7 කෝර්ඩ් එකක් ඔය ගීතයේ ඔරිජිනල් එකේ තියෙනවා. ඒවගේමයි චිත්‍රා සෝමපාල මහත්මියගේ හැම ගීතයක්ම වගේ හරිම සරලයි. පැහැදිලියි. හැබැයි ඉන්ටර්නෙට් එකේ ගොඩක් ගීතවල රචකයා සඳහන් කරලා නැහැ. එක ගීත රචකයාට කරන මහා අසාධාරණයක්. මොකද ගීතයක් කියන්නේ ගීතය ලියන කෙනාගේ හදවතේ ඇතිවන ප්‍රකම්පනයක්. ඒක එයාගේ දරුවෙක් වගේ. ඒ කතාව මට කිව්වේ මියගිය අයිවෝ ඩෙනිස් සර්. මේ තේ වතුවල ජීවිතය මම අැස්දෙකෙන්ම දැකලා තියෙනවා. ඒ ගොල්ලෝ උදේම.. උදේ කියන්නේ පාන්දර 5.30 ට විතර.. ශීතලේ ..දළු කඩන්න ගන්නේ. හරි මේ ගීතය අහලා තියෙනවාද.. ගායකයා" කරුණාරත්න දිවුල්ගනේ " ගීතය ." මගේ දුවේ ඔබ අවදියෙන් නම්.." තාත්තා කෙනෙක් තමන්ගේ චූටි දුවට කියලා දෙනවා ස්වභාවධර්මයට ආදරය කරන්න. මාර උපමා වගයක් තියෙන්නේ. රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා ගීතය ලියලා තියෙන්නේ. අපේ රෝහණ වීරසිංහ මහත්මයා ලස්සන තනුවක් යොදලා සංගීතවත් කරලා තියෙනවා.

:       0       33

විජිත් Thursday, 11 June 2020 10:26 PM

පුජා, මෙන්න සින්දු ගෙනාවා... දේශීය නාදරටා ඇතුලත් මෙගිතය අහලා බලන්න... ගායනය. චන්දන ලියනාරච්චි මහත්මයා. . ගීතය " කවි සීපද ..." මේ ගීතය අහද්දී මට අපේ රටේ ඈතම ඈත තිබෙන ගමක. ගලා යන සුන්දර ආදර කතාවක් මැවී පෙනෙනවා. අනෙක් ගීතය " සුළඟ නුඹ වගේ .." ගායනය කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා. උපමා උපමේ ය වලින් ලස්සනට හැඩගැන්වූ ගීතයක්. අන්තිම ගීතයත් දිවුල්ගනේ මහත්මයාගෙමයි. ගීතය..." රෝස තොල් සිඹිමි .." මම ආසම ගීතයක්.

:       0       25

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 10 June 2020 05:02 AM

විජිත්, ඔයා නිවැරදියි. මේ මිනිසුන් දහ දුක් විඳ තමයි රටට විදේශ විනිමය සොයා දෙන්නේ. ඒ උනාට මේ මිනිස්සු හැමදාම දුකේ. ඒ අයගේ විමුක්තිකාමී ද්‍රවිඩ දේශපාලක රජවරුන් කොහොමද විඳිනා සැප කොහොමද ? ඔයාට මතකද මේ ගීතය .. " අව්වට වැස්සට හුරු මිනිසුන්නේ .. දහඩිය බිඳුවෙනි රට ගොඩනැගුනේ. ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදුකොඩි නැඟුණේ .. //

:       0       65

විජිත් Wednesday, 10 June 2020 08:56 AM

ඔව් සමිත, මම ගොඩක් ආසාකරන ගීතයක්. රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ අරුත්බර රචනය තවත් ලස්සන වුණා.. කේමදාස මාස්ටර්ගේ සංගීතයෙන්.. ඊටත් පස්සේ ටී. එම් ජයරත්න මහත්මයාගේ අව්‍යාජ හඬින්.. රට වෙනුවෙන් දහදිය හෙලන මිනිසුන් අමතනවා. කියලා වැඩක් නැහැ. ඔලුව අවුල් නැතිවෙලාවක් ඇහුවොත් පපුව පැලෙනවා... මම නිවාඩුවට ලංකාවට ආවාම මගේ එක වැඩක් තමයි ශීතල උඩරට අවිදින්නයාම. මගේ ගම මීගමුව වුණාට මම කුඩා කාලයේ බදුල්ල, බණ්ඩාරවෙල වැනි පළාත්වලත් කාලයක් ජීවත්වුණා. පාසල් ගියා. මොකද මගේ පියා රජයේ සේවකයෙක් නිසා එයා යනයන තැන අපිවත් අරගෙන ගියා. ඒ නිසා මම මේ තේවතු ගැන ටිකක් දන්නවා. ඉතින් එ්කයි තවමත් නිවාඩුවට මම තේවතු බලන්න යන්නේ. බණ්ඩාරවෙල.. පුනාගල එස්ටේට්, ඩයරබා එස්ටේට්.. වගේ ඒවාවල මම හැමතැනම ඇවිදලා තියෙනවා. මේ රටේ වැඩියෙන්ම අසාධාරණයකට ලක්වුණු ජීවිත අතරින් මේ වතු සේවකයින් එක කොටසක්... ඒ ගොල්ලන්ගේ මුළු ජීවිත කතාවම ශෝකාන්තයක්. නමුත් ඒ මිනිස්සුන්ගේ දිරිය ශක්තිය ගැන... මම හරිම ආඩම්බර වෙනවා.

:       0       67

පූජාThursday, 11 June 2020 10:37 AM

ලස්සන සින්දුවක් වෙන්නැති... මීට පෙර නම් අහලා තිබුනේ නැහැ. අහලා බලන්නම් ස්තූතියි...

:       0       22

Champa Tuesday, 09 June 2020 03:50 PM

මොනවා? රු 5000 පළමු අදිරයේ සහ දෙවන අදියරේ මුදල ලබා ගැනීමට? ඒ කියන්නේ අද කවදද, ජූනි 9 වෙනකොටත්, අප්‍රේල් සහ මැයි මාසවලට ගෙවපු රුපියල් 5000 දීමනා දෙකම ලැබිලා නැතිද? අන්තිම අසාධාරණයි. මම දන්නේ නැහැ අනිත් පළාත් වල අයටත් මෙහෙම වෙලාද කියලා. ඔවුන් නිශ්ශබ්දව ඉන්නවා ඇති. නමුත් ආණ්ඩුව ලොකුවට ප්‍රචාරය දීලා කරපු රුපියල් 5000 දීමනාව ගෙවීම අනුව අප්‍රේල් මාසෙට හිමි මුදලවත් මේ මිනිස්සුන්ට ලැබිලා නැහැලු. ලිස්ට් එකේ මැරිච්ච මිනිස්සුත් ඉන්නවලු. අනිත් පළාත් වලත් මේ විදිහද දන්නේ නැහැ.

:       60       21

HemaWednesday, 10 June 2020 04:03 AM

මේ වැඩේට ප්‍රාදේශීය දේශපාලකයන් සම්බන්දයි. ඔවුන් දෙන්නේ ඒ අයගේ පක්ෂෙට ඡන්දෙ දෙන අයට විතරයි.

:       0       15

ChampaWednesday, 10 June 2020 02:05 PM

කොයි ආණ්ඩුව ආවත් පේන සත්‍යය තමයි ඔබ කියන්නේ...

:       0       5

Pradeep Tuesday, 09 June 2020 05:14 PM

මේ මිනිසුන්ගේ අසරණකම මුහුණුවලින්ම පෙනෙනවා. අනිකුත් ප්‍රදේශවල මෙම දීමනාව ලබාගත් පුද්ගලයින් දෙස බැලීමේදී මේ පිරිසට බලවත් අසාධාරණයක් සිදුවී ඇතිබව පැහැදිලියි. ඇයි නිලධාරින් මේ අසරණ ජීවිත සමඟ සෙල්ලම් කරන්නේ.. පළමු අදියරේ මුදලවත් තවම ලබා නොදුන්නා කියන්නේ පළාතේ අදාළ බලධාරීන් නිදිද..?

:       0       30

vidya Wednesday, 10 June 2020 12:29 AM

විද්වතුන් ඉන්නවා කීවට ආණ්ඩුවේ පිළිවෙලකට මේ අහිංසක මිනිසුන්ට මෙම අාධාරය දෙන්න හරි වැඩ පිළිවෙලක් කරන්න කිසිම කෙනෙක් නැතිවා වගේ...

:       0       23

ganga Wednesday, 10 June 2020 04:49 AM

සියලුම 5000/= ගෙවීම පිලිබදව නිසි විමර්ශනයක් කල යුතුය.

:       0       20

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28012 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site