(හේමලතා ඩී.හේවගේ)
පන්නල කැකිල්ලපිටිය ප්‍රදේශයේ ගෙවත්තක වගාව ආරක්ෂා කරගැනීම සඳහා එළා තිබුණු දැලක පැටළුණු හොඳින් වැඩුණු දුර්ලභ කබල්ලෑවෙකු අද (22) හමු වූ බව ගෙහිමිකරු පැවසීය.
මෙම කබැල්ලෑවා හමු වූයේ, චන්දන ක්‍රිෂාන්ත මහතාගේ ගෙවත්තෙනි.
ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් දැල්වලින් මුදාගත් මෙම කබල්ලෑවා කුරුණෑගල වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු යොදන බවද ඔහු කීය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පන්නල ගෙවත්තකින් කබල්ලෑවෙකු හමුවේ
විජිත් Tuesday, 22 September 2020 09:53 AM
ගහකොළට සතා සිව්පාවට ආදරේ කරන සැබෑ මිනිසුන් තවමත් මේ රටේ ජීවත්වෙනවා. ස්තුතියි..!! ඔබසැමටම බොහොමත්ම ස්තුතියි...!!! ඔබ පරිසරය ආරක්ෂා කරගන්නවා වගේම පරිසරයත් ඔබව ආදරෙන් රැකගනීවි.
පූජා Tuesday, 22 September 2020 11:03 AM
3 වෙනි පින්තූරය දිහා බලපුවාම පේනවා. මෙයා කොච්චර බය වෙලා ඉන්නවද කියලා." අනේ මේ ගොල්ලො මට මොනවා කරන්න යනවද?" ඒ ඇස්වලින් එහෙම හිතෙන බවකුයි මට පෙනී යන්නේ... සුදු කැබැල්ලෑවෝ නුඹ නම් හරිම වාසනාවන්තයෙක්.. තවමත් අප අතර ආදරය, කරුණාව හඳුනන සත් ගුණවත් මිනිසුන් සිටීම ගැන නම් සිතට දැනෙන්නෙ සතුටක්...
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 22 September 2020 11:21 AM
අපගේ විජිත් මහතා පැවසුවා වගේ මේ සතා ආරක්ෂා කරගත් ඔබ සැමට පින් සිදුවේවා !!! මස් වැද්දෙකුට මේ සතා හසු වුණා නම් මෙලහකටත් මේ සතා ඔවුන්ගේ බඩේ.. ඔබ වැනි පරිසරය රැකගන්නා අය නිසා මේ ලෝකය සුන්දර වෙනවා. ඔබ සැමට ස්තුතියි..
පූජා Tuesday, 22 September 2020 11:45 AM
3 වෙනි පින්තූරය දිහා බලපුවාම පේනවා, මෙයා කොච්චර බය වෙලා ඉන්නවද කියලා." අනේ මේ ගොල්ලො මට මොනවා කරන්න යනවද? "ඒ ඇස්වලින් එහෙම හිතෙන බවකුයි මට පෙනී යන්නේ.. සුදු කබැල්ලාවෝ නුඹ නම් හරිම වාසනාවන්තයෙක්.. තවමත් අප අතර ආදරය, කරුණාව හඳුනන සත් ගුණවත් මිනිසුන් සිටීම ගැන නම් සිතට දැනෙන්නේ සතුටක්...
mangala Tuesday, 22 September 2020 01:27 PM
මේ සතා මෙහෙම වෙන පළාතකට ගිහින් දැම්මම මෙයා එක්ක ගැහැණු සතෙක් හරි පිරිමි සතෙක් හරි එහෙමත් නැත්නම් කබැල්ලැ පවුලක්ම හිටියා නම් ඒ ගොල්ල අනාථයි නේද? බෝවීම වුණත් නවතිනවා නේද? එයාගේ පවුල අනාථයි නේද? පැටව් ඉන්න ගැහැණු සතෙක් නම්, එහෙමත් නැත්නම් පැටවුන්ට ආහාර හොයාගෙන ආපු පිරිමි සතෙක් නම් පැටව් සහ ගැහැණු සතා තාම බලාගෙන ඇති නේද?
DilanWednesday, 23 September 2020 03:03 AM
එයාලගේ ගැහැණු සත්තුත් අපේ කාන්තාවන් වගේ නම් මෙලහකටත් වෙන සහකරුවෙක් සොයාගෙන ඇති. සතුන් නිසා කොහොමද දන්නෑ. සමහර විට බලාගෙන ඇති.
Mangala Tuesday, 22 September 2020 01:28 PM
ඇයි දේශපාලකයින් තියෙන බලයට වඩා වැඩි බලයක් ඉල්ලන්නේ? රට හදන්නද? රටට වැඩ කරන්නද? කොහෙත්ම නැහැ. රටට වැඩ කරන්න ජනාධිපතිවරයාට තියෙන බලය හොඳටම ඇති. පාර්ලිමේන්තු බලය තියෙන්නෙත් ඔහු නියෝජනය කළ පක්ෂයට. එහෙනම් මොකක්ද ප්‍රශ්නේ? ජනතාව විරෝධය දක්වන පැහැදිලි කරුණු සම්බන්ධව ඔහුගේ සහ ඔහුට උපදෙස් දෙන කේවට්ටයන්, එන්.ජී.ඕ. කාරයන්ගේ මතය වෙනස් නම්, ඔහුට අවශ්‍ය වෙනවා ජනතා විරෝධයට සහ ජනතාව තමන් වෙනුවෙන් තීරණ ගන්න පත්කළ පාර්ලිමේන්තුවට උඩින් තියෙන බලයක්... ගෝඨාභය ඉල්ලන්නේ ඒ බලය...
රාලහාමි Tuesday, 22 September 2020 09:24 PM
වයර් මාරුවෙලාද...? අපි කතාකරන්නේ අහිංසක කබල්ලෑවෙක් ගැන මිසක් පාර්ලිමේන්තුවේ ඉන්න මොලේ අමාරුකාරයෙක් ගැන නොවෙයි.
AnilWednesday, 23 September 2020 02:43 PM
අපි මේ කතාකරන්නේ දේශපාලුවන් ගැන නොවෙයි, වැදගත් දෙයක් ගැන කැබැල්ලෑවෙක් ගැනයි.
Kumudu Thursday, 24 September 2020 02:31 AM
කලවැද්දෙක් හම්බ වුණේ නැද්ද?