IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රතිසංස්කරණය කළ රන් වියන දළදා වහන්සේට පූජා කෙරේ

( චමිල් රූපසිංහ)


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන දළදා වහන්සේ වෙත පූජා කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ජනපති අරමුදලේ රුපියල් ලක්ෂ 450 ක මුදලක් මෙම ප්‍රතිසංස්කරණය සදහා වැය කර ඇත.


හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් 1987 වසරේදී මෙම රන්වියන දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පූජාකර ඇති අතර මීට පෙර රන් වියන 2002 වසරේදී ප්‍රතිසංස්කරණය කර ඇත.


මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙම රන් වියනේ  රන්පත් දුර්වර්ණවී ගැලවී යාමේ තත්ත්වයක් මතුවීම නිසා මෙයට මාස අටකට පමණ ඉහතදී එය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.


මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද හා අනුශාසනා පරිදි රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු සිදු කළ  අතර එය දළදා වහන්සේට පූජා කිරීමේ අවස්ථාවට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල,අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,ගාමීණි ජයවික්‍රම පෙරේරා,විජයදාස රාජපක්ෂ,මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පළාත් සභා ඇමැතිවරුන් වන එදිරිවීර වීරවර්ධන. තිළිණ බණ්ඩාර තෙන්නකෝන්,මහනුවර පුරපති කේසර සේනානයක යන මහත්වරුද සහභාගි වූහ.



අදහස් (14)

ප්‍රතිසංස්කරණය කළ රන් වියන දළදා වහන්සේට පූජා කෙරේ

Uditha Sunday, 26 August 2018 12:15 PM

හොඳ වැඩක්... නමුත් පස්සෙ කාලෙක මුදල් අවභාවිතා වුණා කියලා කවුරුත් FCID එකට කැඳවන එකක් නැහැ නේද?

:       135       1122

athuraMonday, 27 August 2018 03:31 AM

පන්සල් ගානේ ගිහින් බොරුවට දේශපාලන කතා පවත්වන මහත්මයාගේ පාලන කාලේ මේවා නොකළේ ඇයි.

:       1046       203

RNG Monday, 27 August 2018 01:18 PM

මේ ප්‍රවෘත්තිය අවධානයෙන් කියෙව්වා නම් පේනවා මේක මීට කලින් 2002 වර්ෂයේදී ප්‍රතිසංස්කරණය කර තිබෙන බව.. ආයෙත් එහෙම ප්‍රතිසංස්කරණය කරන්න නියමිත කාලය ආවම තමයි එහෙම කරන්න වෙන්නේ...

:       11       128

athuraTuesday, 28 August 2018 03:22 AM

රැග් බලන්නකෝ ඒකෙත් හැටි නේද? මම හොද අවදානෙන් කියවල තමයි මේ අදහස දැම්මේ.

:       59       0

Raveendra Sunday, 26 August 2018 12:17 PM

කෝ බලන්න මගේ නම හරියටම ලියලා, කොටලා තියනවද කියලා.? මහජනමුදලින් ඕනදෙයක් වුනාට කමක් නැහැ... නම් ගම් පිළිවෙලට තියෙන්න ඕනෑ හරියැ...

:       768       418

appuhami Monday, 27 August 2018 02:33 AM

රවීන්ද්‍ර එක තමා කලින් එක්කෙනා හිටිය නම් රන් වියන මහින්ද රාජපක්ෂ රන් වියන කියල නම් කරන්නත් තිබ්බා

:       819       911

RaveendraMonday, 27 August 2018 05:51 AM

appuhami මයා වෙත, කලින් හිටිය කෙනාටත් මෙයාට කියන සහ කියපු දේම තමා අපිනම් කිව්වෙත් කියන්නෙත්. මේ හැමෝගෙම මුලික අරමුණ තම තමන්ගේ නාමයනේ. කවුරු උනත් රට වේනුවෙන් " හොද දෙයක් නම් කලේ " එවන් දේවල් කිසිදා අවංක මිනිසුන් ගේ සිතිවලින් මෙන්ම ලක්මවගේ හදවතේ රන් අකුරෙන් ලියා තිබෙන බවත් ඒවා කිසිදින මැකිය නොහැකි බවත් කිවයුතුය.

:       0       116

ලුම්බිණි Monday, 27 August 2018 04:11 AM

ජනපති අරමුදලේ රුපියල් ලක්ෂ 450 ක මුදලක් දෙනවට වඩා දළදා මාලිගාවට ලැබෙන අදායමින් (මිනිසුන් පුජ කරන රන් ආභරණ ඇතුළුව) මේක කරගත්ත නම් පින් වැඩි නැද්ද කියල මම හිතුවේ.

:       609       189

janatha anura Monday, 27 August 2018 10:37 AM

මිලියන 45ක් වියදම් කරලා දුප්පත් ජනතාවට හිසට වහලක් ගොවිබිමක් ඉදිකළා නම් බුදුන් දෙසූ ධර්මය අනුගමනය කිරීමකි.

:       433       160

kap Monday, 27 August 2018 06:57 AM

බුදු හාමුදුරුවන් කවදාවත් රන් වියන් පෑතුවේ නෑ. මේ සල්ලිවලින් අසරණ මිනිස්සුන්ට සැලකුවා නම් කොච්චර හොඳද? කොච්චර ළමයි ඉන්නවද ලෙඩ වෙලා සල්ලි නැතුව බෙහෙත් කරන්න. විකාර වෑඩ. දේශපාලකයන්ගේ නම් ගම් දාගන්න කරන වෑඩ. මමත් බුද්දාගමේ නමුත් මේවානම් අනුමත කරන්නේ නෑ.

:       561       294

jayasekara Monday, 27 August 2018 10:24 AM

පෙර රජ කාලෙත් ඔහොම හිතුවනම්..අපිට අද රුවන්මාලි දාගැබ .... ජේතවනාරාමය ...වගේ පූජනිය වස්තූන් දකින්න නැහැ... මොකද රන්කහවනු බරගාණක් වියදම් කරලනේ හදල තියෙන්නේ....

:       9       209

kap Monday, 27 August 2018 11:39 AM

ජයසේකර, පෙර රජ කාලේ මේ වගේ හොරු හිටියනම්, උල තියලා. ඒ වගේම මේ කාලේ වගේ රජ කාලේ ලෝකෙටම ණය වෙලා හිටියේ නෑහෑ. පෙට්ටි පුරෝලා පූජා කරපු රත්තරන් දළදා මාලිගාවේ තියෙනවලු.. ඒවා වලින් මේක කරන්න බැරිද? ඒ වගේම ඒවට මොනවද වෙන්නේ? ලැබෙන ආදායම්වලට මොකද වෙන්නේ? නිකන් බොරු තර්ක කරන්න එපා.

:       536       360

prabha Monday, 27 August 2018 09:24 PM

ජයසේකර ඉතිහාසේම ජීවත් වෙන්න. අපේ ලොකු පන්සල් වලට ලැබෙන සල්ලි අසරණ මිනුස්සුන්ගේ යහපතට යෙදුව්වානම් අන්‍ය ආගම් කරණය අරක මේක ගැන කතා කරන්න වෙන්නේ නෑ

:       341       137

Udaya Wednesday, 29 August 2018 02:06 AM

මේ රන් වියන නිසා තමයි මාළිගාවට කොටි බෝම්බ ගහපු වෙලාවේ දලදාවහන්සේට හානි නොවුනේ. රන් වියනයි හානි වුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18727 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site