IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


පේරාදෙණි සරසවියෙන් නව නිර්මාණ රැසක්

(ගයාන් සූරියආරච්චි)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ හා ව්‍යාපෘති එළිදැක්වීමේ සම්මන්ත‍්‍රණය හතරවැනි වරටත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හීදී පැවැත්විණි.

පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ උපදෙස් පරිදි විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තු ප‍්‍රධානී මහාචාර්ය ජනක ඒකනායක මහතා විසින් මෙය සංවිධානය කර තිබිණි.

ඉලෙක්ටි‍්‍රක් ත‍්‍රිරෝද රථ, මිනිස් මොළයේ සංඥා මගින් ක‍්‍රියාකරන රොබෝ අතක්, මවකගේ ගර්භාෂයේ වැඩෙන දරුවාගේ හෘදස්පන්දය වෙන්කර ගැනීමේ වෙද නළාවක්, පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයක් ප‍්‍රධාන විදුලි පද්ධතියට එකතු ගැනීමට උපකාරීවන කාර්යක්ෂම බලශක්ති පද්ධතියක්, බලශක්ති පද්ධතියේ සංඛ්‍යාත නොගැලපීමක් පවතීනම් ට‍්‍රාන්ස්ෆෝමරය දක්වන ප‍්‍රතිචාර හඳුනාගැනීමේ පද්ධතියක්, මුහුදුබඩ ප‍්‍රදේශ ආශ‍්‍රිත අධි බල විදුලි රැහැන්වල විදුලි පුළිඟු ඇතිවී සිදුවන විදුලි විසංධිවීම් කල්තියා හඳුනාගැනීමේ උපකරණයක්, දිය යටින් ගමන් කරන රොබෝ යානයක්, පසේ තෙතමනය හඳුනාගෙන ජලය සැපැයීමේ පද්ධතියක් ඇතුළු නව නිර්මාණ හා ව්‍යාපෘති රැසක් එදින එළිදැක්විණි.

මෙම අවස්ථාවට මහාචාර්ය දිසාල උඩුවාවල, මහාචාර්ය මංජුල ප‍්‍රනාන්දු, ආචාර්ය ලිලන්ත සමරනායක, ආචාර්ය ජනක විජයකුලසූරිය ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගිවූහ.

 



අදහස් (5)

පේරාදෙණි සරසවියෙන් නව නිර්මාණ රැසක්

d.upul Saturday, 09 September 2017 04:58 AM

මේ නිර්මාණ තිඹිරි ගෙය මිය ඇදෙන දරු උපත් නම් නොවේවා.!!!

:       4       24

ජනිත් Saturday, 09 September 2017 01:28 PM

සුභ පැතුම් සහෝදරවරුනි.. ඒ වගේම ජය වේවා... ඔබගේ හැකියාවන්ගෙන් රටට ඵලදායී ලෙස යොදාගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමි.

:       0       1

ravi Saturday, 09 September 2017 01:30 PM

අනේ ඉතින් ඕකට හොද විද්වතෙකුගේ ප්‍රධානත්වයෙන් කරන්න බැරි වුණාද?

:       1       1

විකුම් රංගන Sunday, 10 September 2017 10:10 AM

රටේ ජනතාවගේ බදු මුදලින් ඉගෙනගෙන, ඔවුන්ගේ දක්ෂතා ප්‍රගුණ කරගනිමින්, මේ රටේ අනාගතය වෙනුවෙන්, වගකීමෙන් යුතුව තමන්ගේ කාර්යය ඉටුකරන මෙවැනි දක්ෂතා දක්වන සිසුන්ට අප හදවතින්ම සුබ පතන අතර, මොවුන් හා සම දක්ෂතා සහිත තවත් පිරිසක්, මන්මුලාවුවන් ලෙස මහපාරවල් වල සිටියි. ඔවුන්ගේ අනාගතය මෙන්ම, රටේ අනාගතයත් අඳුරට හෙලීමට දායකවීම, අප රටේ පවතින විශාල ඛේදවාචකයක්. පුහු මානයෙන් යුතුව, අඥාන කමින් උද්දච්ඡව නොමග ගොස් ඇති මේ සිසු පිරිස, තම සහෝදර සිසුන්ගේ මෙවැනි උසස් නිර්මාණ දැක, ඔවුන්ව ආදර්ශයට රැගෙන රටට වැඩදායි පිරිසක් බවට පරිවර්තනය වේවා යයි අපි ප්‍රාර්ථනා කරමු!!

:       0       0

ජනිත් Sunday, 10 September 2017 06:36 PM

විකුම් රංගනට මේ ළමයි එක්ක කථාකරන්න අවස්ථාවක් ලැබුනනම් කොච්චර හොදද කියලා හිතෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site