IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෝ උද්ඝෝෂණයක

සෙනරත් බණ්ඩාර
                              
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඉල්ලීම් නවයක් ලබා දෙන ලෙස බල කරමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය මුල් කරගෙන අද (13)  අනධ්‍යන සේවකයන් විසින් ගලහා මංසන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
 

විශ්වවිද්‍යාල සේවක සංගමයේ  සම සහාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා උද්ඝෝෂණයේදී ප්‍රකාශ කර සිටියේ තම ඉල්ලීම් වෙනුවෙන් පසුගිය වසරේ එකගවූ දීමනාවන් හා අනෙකුත් ඉල්ලීම්  ක්‍රියාත්මක කරන ලෙසයි.  
 
විෂයභාර අමාත්‍යාංශය හා කොමිෂන් සභාව ලිඛිතව පොරොන්දු වුවත් එම කොන්දේසි වල බොහෝ කරුණු විදිමත්ව විසදීමට අපොහොසත් වී ඇති බවත්  මෙය  නැවතත් වෘත්තීය  සමිතිය අරගලයක් දක්වා තල්ලු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම වෘත්තීය අරගලය ආරම්භ වූ 28 වන දින සිට මේ දක්වා විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊට මැදිහත් නොවූ බවද සඳහන් කළේය.
 
විශ්ව විද්‍යාල පද්ධතිය තවදුරටත් අකර්මන්‍ය නොකොට එම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ පරිසරය නිර්මාණය කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මුලික වගකීම බවත් අත්සන් කරන ලද එකගතා ලියවිල්ලේ කරුණු ක්‍රියාත්ම කිරීමට කටයුතු කරන ලෙස බල කර සිටින අතර ඒ දක්වා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ  නිරත වන බවද ඔහු සඳහන් කළේය.



අදහස් (15)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෝ උද්ඝෝෂණයක

rohan Wednesday, 14 March 2018 12:20 AM

අනේ මහත්වරුණේ වැඩවර්ජන අත්හැර සේවය කරන ගමන් ඉල්ලීම් ලබාගන්න උත්සහ ගන්න. සිසුන්ගේ අධ්‍යපනය ගැන සිතන්න.

:       0       0

Romesh Jayamanna Wednesday, 14 March 2018 02:39 AM

වැඩ වර්ජනයට කරන්න්නන්ට වැටුප් නොගෙවන්න. ඔවුන් ලංවිම, පෙට්ට්‍රෝලියම්, වරාය සහ බැංකු වැනි අයගේ වැටුප ඇද ගනී. ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට කාගේ මුදල් තිබේද? මෙම පාලනාධිකාරය ප්‍රබල පරිපාලනයක් නොමැති අතර එය අතිශයින් අවුල් වියවුල් වේ.

:       0       0

sachith Wednesday, 14 March 2018 07:11 AM

අනධ්‍යන සේවකයින් නෙවෙයි, හරියටම ගැලපෙන්නේ විශ්ව විද්‍යාල අයිස් සේවකයින්...

:       119       371

thilak Wednesday, 14 March 2018 08:47 AM

තවත් එක ගෝත්‍රික සටනක්. තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට දරන උත්සාහයක්...

:       30       67

vernon Wednesday, 14 March 2018 09:56 AM

පසුගිය කාලයේදී සෑම රජයේ සේවකයෙකුටම රජයෙන් මූලික වැ‍ටුප් වැඩි වීමක් කළා. එතනදි ඇතැම් සේවාවන්ට වෙනමම චක්‍රලේඛ මඟින් වැ‍ටුප් වැඩිවීම දෙන්න සිදුවෙනවා. මේ එවැනි එක් අවස්ථාවක්... කොමිසන් සභාව මේ වැ‍ටුප් වැඩි වීම් හෙවත් මේ වසරේදී ක්‍රියාත්මක වීමට තිබූ වැඩිවීම්, එකඟ වුණාට පස්සෙත් ක්‍රියාත්මක නොකීරීම තමයි හේතුව...

:       24       88

වාසනා Wednesday, 14 March 2018 11:29 AM

කොච්චර දුන්නත් මෙයාලට මදි. රුපියල් දෙතුන්දාහට විශ්ව විද්‍යාලවල නිලනිවාසවල නැවතිලා, ඒවයෙත් හොරෙන් බෝඩිං දාලා ළමයි නවත්තගෙන ගසා කනවා. විශ්ව විද්‍යාල වත්තේ, පිටියේ තියෙන අලිගැටපේර, අඹ, කෙසෙල් කඩලා විකුණනවා. දවල් කෑම පැයේදීත් පනින්න පුළුවන් හැම වෙලාවේමත් රාජකාරියෙන් බැහැර වෙලා ත්‍රීවීල් තියාගෙන හයර් දුවනවා. දෙපාර්තමේන්තුවල, කාර්යාලවල අල්පෙනිත්තේ කඩදාසියේ සිට පන්නන්න පුළුවන් සියලුම දේ ගෙදර ගෙනියනවා. කොච්චරවත් පෝන් එකට ඇන ඇන ඉන්නවා මිස වැඩ නෑ. ලොකුකම නම් උපකුලපතිටත් එහා. සමහර අය හොරෙන් කෝල් දීලා ආචාර්ය මහාචාර්යවරු වගේ තමන්ගේ වැඩ නෑදෑයන්ගේ වැඩ කරවා ගන්නවා රජයේ ආයතනවලින්... මේ මගඩි ගැන කියන්න මෙතන ඉඩ මදි. මම හොඳින්ම දන්න හින්දයි කියන්නේ...

:       104       1389

Sunanda ThambawitaWednesday, 14 March 2018 03:33 PM

වාසනා හරි. සම්පුරණේන් එකගයි. මමත් විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා දැන් අවුරුදු ගානක් වෙනවා හැබැයි ඉස්සරටත් වඩා දැන් මේ කට්ටිය නරක විදියට ශක්තිමත් වෙලා බව මට පේනවා. ඉස්සර මෙයාලට කිව්වේ මයිනර් ස්ටාෆ් කියලා. ඒකටත් ස්ට්‍රයික් කලා නම්බු මදි කියලා. මෑතකදි තමයි අනධ්‍යයන කාර්ය මණ්ඩලය කියලා කියවා ගන්න පටන්ගත්තෙ.

:       0       2

vernonThursday, 15 March 2018 09:16 AM

වාසනා, ඔය දේවල් ඔයා දන්නවා නම් ඇයි ඒ ගැන පැමිණිල්ලක් නොකරන්නේ? ඔය දේ ඕනම ආයතනයක වෙන්න පුළුවන්. ඒකට තමයි නීතියක් තියෙන්නේ. හිටපු ලෝක බැංකු සභාපතිවරයෙක්ට ඉල්ලා අස්වෙන්න වුනා බඳවාගැනීම් පටිපාටි උල්ලංඝනය කරලා ඥාතියෙක්ව බඳවාගෙන. ඒක ලෝක බැංකුවේ වරදක් හෝ සේවකයො ඔක්කොමගෙ වරදක් නෙවෙයිනේ. හැම සේවකයටම නිල නිවාස නෑ. හැම සේවකයම වංචා කරන්නෙත් නෑ. ඔයා ඔය අක්‍රමිකතා දැනගෙන ඒක හංගන් ඉන්නවා කියන්නේ ඔයත් ඒවට උල්පන්දම් දෙනවා කියන එක.

:       18       35

වාසනාFriday, 16 March 2018 07:47 AM

අය්යෝ ඔයා ඉන්නෙ මහපොලවෙ නෙවෙයිද? නීතිය වල්වැදිලා. කොහෙද නීතියට වැඩ කෙරෙන්නෙ. ඔයාම කියනවා චක්‍රලේඛ නිකුත් කලා කියලා. නීතිය නම් ඒවා ඒ දිනවකවානුවලට ක්‍රියාත්මක වෙන එකනෙ. කෝ ඉතිං නීතියට අනුව වැඩ වෙලාද? එහෙම වුනානං මේ වර්ජනත් නෑනෙ. ඔයත් ඒ පාටියෙ කෙනෙක් වගේ පේන්නෙ. සුදුහුණු ගාන්නමයි හදන්නෙ.

:       50       4

sachithFriday, 16 March 2018 10:20 AM

වෙරෝන් මහතා අවංකව වැඩකරනවා ඇති, හැබැයි අති බහුතරයක් වාසනා කිව වගේ අය තම ඉන්නේ.

:       0       2

vernonFriday, 16 March 2018 08:37 AM

වාසනා, කියවන්න ලියන්න හරියට දන්නෙ නැද්ද? කොහෙද චක්‍රලේඛයක් නිකුත් කරලා කියලා තියෙන්නේ? තමුන් ඇවිල්ලා පැහැදිලිවම මේ රටේ නීතිය වල් වැදීමට වගකිව යුත්තෙක්. තමුන් වැ‍රැද්ද දැකලා ඒ ගැන පියවරක් නොගන්නවා කියන්නේ තමුන් තමයි ඔය වැ‍රැද්දට උල්පන්දම් දෙන්නේ

:       2       26

aselaFriday, 16 March 2018 12:31 PM

අන්න ඕක තමා ඇත්ත !!!

:       0       1

Jaya Thursday, 15 March 2018 03:22 AM

සරසවි සේවකයෝ වැඩ වර්ජනය කරන්නේ තමන්ගේ අනාගතය සුරක්ෂා කර ගන්න , රජයේ විශ්‍රාම වැටුපක් නොමැතිව සේවයෙන් විශ්‍රාම ගිය අනධ්‍යන සේවකයෝ මෙන්ම ආචාර්ය මහාචාර්ය වරුද රැකවරණයක් නොමැතිව ගතකරන දිවිය හරිම කටුකයි .

:       118       97

Thusara Thursday, 15 March 2018 06:56 AM

අසෝක, ඔබගේ තොරතුරු සඳහා විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇත. බොහෝ දීමනා සඳහා UPF, ETF සහ විශ්‍රාම වැටුප් භුක්ති විඳිනවා. ඔවුන්ට ලැබෙන දීමනා ලෙස ඔබ දන්නවාද? මේවා ලංවිම හා පෙට්‍රෝලියම් වලට පමණක් දෙවැනි වන්නේ නැත.

:       8       1

himalFriday, 16 March 2018 08:33 AM

ඔය කියන විශ්‍රාම වැ‍ටුප ලබපු කෙනෙක් දැනට ඉන්නවාද? රජයේ සරසවි නීතිය ඉදිරියේ ව්‍යවස්ථාපිත මණ්ඩල ලෙස සලකනවා. ඒවා පාලනය වෙන්නේ කොමිෂන් සභා යටතේ. ඒවායේ සේවකයින්ට විශ්‍රාම වැ‍ටුප් හිමි නෑ. ඔයා ඔය කියන්නේ දායක විශ්‍රාම වැ‍ටුප් අරමුදල් ක්‍රමයක් ගැන විය යුතුයි.

:       1       10

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22038 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21855 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site