IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පරිසරවේදීහු ආනවිලුන්දාවේ කඩොලාන සිටවති


(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)        

ඉස්සන් පොකුණක් සකස් කිරීමට අනවසරයෙන් ආනවිලුන්දාව කුරුළු අභය භුමියට ඇතුල් වී ඩෝසර් යන්ත්‍රයක් යොදා බිම සකස් කිරිමේ සිද්ධියෙන් පසු සංවිධානය වූ පරිසරවේදීන් කණ්ඩායමක් වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව විනාශ කර තිබූ භුමියෙහි රුක් රෝපණ ව්‍යාපාරයක් අද (19) සිදු කරන ලදී.

වයඹ පරිසර හඬ සංවිධානය මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊට වනජීවි දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්, හරිත පරපුර සංවිධානය  සහ ආනවිලුන්දන්පත්තු රැම්සා තෙත් බිම සුරැකීමේ සංවිධානය සහයෝගය ලබා දී තිබුණි.

වයඹ පරිසර හඬ සංවිධානයේ සභාපති විල්පොත පේමානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පරිසරවේදීන්  මෙම අවස්ථාවට එක්වී ඉස්සන් කොටුවකට සකස් කළ භුමිය අසල බිමෙහි විවිධ වර්ගයේ කඩොලාන පැල වර්ග  රෝපනය කළ බව වයඹ පරිසර හඬ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 



අදහස් (13)

පරිසරවේදීහු ආනවිලුන්දාවේ කඩොලාන සිටවති

Raveendra Saturday, 19 September 2020 08:47 AM

සහභාගි වූ සැමට යහපතක්ම වේවා ...!!! මෙය විනාශ කිරීමට සහභාගී වූ පාපතරයින්ට ඉක්මණින්ම වැලිගම් යාමට වැඩ සිද්ධ වේවා..!!!

:       0       3367

PrasadSunday, 20 September 2020 01:47 AM

ඔය සමාගම සිංහරාජය මැදින් පාරක් කපා බස් ධාවනයට අවසර දුන් එකද වැලිගම් යන්න පතන්නේ?

:       0       0

Lakmal Saturday, 19 September 2020 09:35 AM

ඔය පරිසරවේදියොත් එක්ක රට දියුණු කරන්න බෑ.. ජනාධිපතිතුමනි, පුළුවන් තරම් කැලෑ කපලා ඔබතුමා පාරවල් හදන්න.

:       352       265

ගීතානී Saturday, 19 September 2020 09:57 AM

හොඳයි.. ඒත් ඔය විදියටම විල්පත්තුව කපද්දි කරන්න බැරි වුනේ ඇයි කියන එකයි ප්‍රශ්නය. ප්‍රොෆයිල් වල රවුම් දාගෙන මැරෙන්න හදපු බුකිය දෙවනත් කරපු කීබෝඩ් වීරයෝ නගුට පස්ස ගහගෙන මංතීරු නීතිය ගැන ප්‍රශස්ති කියනවා. මල් ගවුම් ඇන්ද දිගංචියා එහෙම ආගිය අතක් නෑ.

:       130       413

mohomedSaturday, 19 September 2020 01:03 PM

විල්පත්තුව කැපුවා නම් දුප්පත් මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක්වත් හදලා දෙන්න. මෙහෙමත් කඩේ යාමක්...

:       355       186

විජිත්. Saturday, 19 September 2020 10:26 AM

මේ අයට තමයි " දැයේ දරුවෝ " කියන්නේ. ඔබ මේ වවන කඩොලාන ගස් ලොකු මහත්වී සොබාදහම් මාතාවට ජිවන හුස්ම දෙනවා.. සොබාදහම් අම්මා ඒ ලබන හුස්ම අපිට පිඹිනවා.. ජීවත් වෙන්නට. ඔබසැම රටට ණය නැති දරුවන්...!!! මෙවැනි පරිසරය රැකගැනීමේ කාර්යයන් තවතවත් කරමින්, දේශපාලුවන් විසින් ගස් වැද්දන් සහ මස් වැද්දන් ලවා විනාශකරන මේ රටේ පරිසරය අරක්ෂා කරගනිමින් සුන්දර පරිසර පද්ධතියක් අනාගතයේ උපදින ඔබගේ දුපුතුන්ට සාදා තැබීමට ඔබසැමට දිරිය ශක්තිය වගේම දෙවියන්ගේ පිහිටත් බුදුන්ගේ සරණත් ලැබේවා. ඔබසැමට බොහොමත්ම ස්තුතියි..!!!

:       8       1714

පූජා Saturday, 19 September 2020 11:14 AM

ආනවිලුන්දාවේ කුරුලු අභය භූමියට කළ විනාශයෙන්, හිත් වේදනාවෙන් සිටි සියලුදෙනාටම මෙම දසුන නම් සතුට ගෙන දෙන්නක්.. මෙයට දායක වූ සියලු දෙනාටම ස්තූතියි. ඩෝසර් යන්ත්‍රවල ශබ්දයට බයේ, සී.සී. කඩ පියාඹා ගිය කුරුල්ලනේ, නුඹලාට ඒ මූසල සිදුවීම සිදුවුණු දවස්වල මොනවා සිතෙන්නට ඇද්ද?. "අපෙන් නුඹලාට කරදරක් තිබෙනවද? ඇයි අපට අපේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ...? නුඹලාට ඉස්සන් කන්න ඕනෙම නම්, ඔය රට වටේටම මුහුද තියෙන්නේ... කලපු තියෙන්නේ, අල්ලගෙන කන්නකෝ, අපේ නිජභූමියට රින්ගලා අපව අනාථ කරන්නේ නැතුව. "එයාලා එහෙම හිතලා ඈතට, ඈතට ඉගිල්ලිලා යන්නම යන්න ඇති...

:       11       1114

abc Saturday, 19 September 2020 12:39 PM

CB ට තරහා යාවිද දන්නේ නැහැ මේවා දැකලා...?

:       0       15

siri Saturday, 19 September 2020 12:58 PM

කිසිදේකට බයවෙන්න එපා. ඉස්සන් බෝ කරන්න, ගල් කඩන්න, වැලි ගොඩ දාන්න ස්ථාන ගැසට් කරළම දෙයි ළඟදිම... කිව්වොත් කිව්වාම තමයි. අර මන්ත්‍රීලාට කාර් පර්මිට් දෙන්නේ නැහැ.. සියලුම ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා කිව්වා වගේ. මතකයිනේ?

:       71       950

Demuni Uduwara Saturday, 19 September 2020 01:30 PM

ගස් අපට ඔක්සිජන් ලබාදෙනවා... කාබන් ඩයොක්සයිඩ් අරගෙන.. අපේ පරම යුතුකම වන්නේ දරුවන් මෙන් ගස් ආරක්ෂා කිරීමයි.

:       0       672

K Perera Saturday, 19 September 2020 02:34 PM

මෙහෙම තමයි විය යුත්තේ, ආණ්ඩුව නොසැලකිලි නම් ජනතාවට පාරට බහින්න වෙනවා. මොකද මේ ආණ්ඩුව පත්කෙරුවේ ජනතාවනේ..

:       0       348

asanka Saturday, 19 September 2020 03:42 PM

රටේ ආර්ථිකය වර්ධනය කිරීමේදී වනය එළි පෙහෙළි වීම වැළැක්විය නොහැකි දෙයක්... උදාහරණයක් ලෙස, පසුගිය සියවසේ මුල් භාගයේදී කොළඹ ප්‍රධාන නගරයට දකුණින්, ගාල්ල දක්වාවූ භූමිභාගය වනගහනින් සහ වනසතුන්ගෙන් පිරි ප්‍රදේශයක් විය. අද එම ප්‍රදේශයේ තිබූ සියලු වනාන්තර ඉවත් කර මං මාවත් සැදී, රටේ ජනගහනයෙන් අධිකතම ප්‍රදේශයක් බවට පත්වී ඇත. අද බොහෝ පරසරවේදීන් යයි කියාගන්න උදවිය ජීවත් වන්නේ මෙම ප්‍රදේශවලයි. එබැවින්, මෙවැනි ප්‍රදේශවල ව්‍යාපාර ආරම්භ කිරීමේදී පරිසරය සමග යම් සමතුලිතතාවක් පැවැත්වීම හැර, එම ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වසා දැමීම සිදු නොකළ යුතු දෙයකි.

:       0       0

ලුම්බිණි Sunday, 20 September 2020 04:05 AM

මෙම කටයුත්ත අපි සියලු දෙනාම අගය කළ යුතුයි. රට පුරාම වන විනාශයන් කරමින් 'වියත් මග' 'කියත් මග' වෙමින් තිබියදී මෙහෙම වත් අය ඉන්න එක රටට ආඩම්බරයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29480 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23635 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site