IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


පිලිප් සමරුවට පක්ෂ විපක්ෂ ඔක්කොම

(අංජුල මහික වීරරත්න)

 කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණසමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබූයේ  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ ඉතිහාසඥ, කලා ශාස්ත්‍රීය විශාරද හා ජාත්‍යන්තර චිත්‍රපට සම්මානලාභී ආචාර්ය සිංහරාජ තම්මිට්ට දෙල්ගොඩ යන මහත්වරු ගුණ සමරු දෙසුම් පැවැත්වූහ.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති  මුරුත්තෙට්ටුවේ ආනන්ද , ඇල්ලේ ගුණවංශ ,බෙල්ලන්විල රජ මහා විහාරධිපති බෙල්ලන්විල ධම්මරතන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද,හිටපු ජනාධිපතිවරුන් වන  මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,  කථානායක  මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා දේවී වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ගීතා කුමාරසිංහ, ඩී.බී. හේරත්, අනුප පැස්කුවල්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, දුමින්ද දිසානායක, රවුෆ් හකීම්, එස් .එම්.  චන්ද්‍රසේන, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉම්තියාස් බාකිර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර, ගෙවිඳු කුමාරතුංග, යදාමිණි ගුණවර්ධනමහත්වරු ඇතුළු මැති ඇමතිවරු ද, තානාපතිවරු ආණ්ඩුකාරවරු ඇතුළු ආරාධිත පිරිසක්  සහභාගී වූහ.



අදහස් (16)

පිලිප් සමරුවට පක්ෂ විපක්ෂ ඔක්කොම

Samitha S. Aluthgamage Thursday, 30 March 2023 11:39 AM

පිලිප් ගුණවර්ධන මහතා හොඳ දේශපාලනඥයෙක්.එතුමා වෙනුවෙන් උපහාර උත්සව තැබිය යුතු වුවත්,රටේ පවතින වර්තමාන තත්වය නිසා මෙවන් උත්සව සඳහා වියදම් කිරීම නොගැලපේ. අපහට ගෙවීමට ඇති ණය කන්ද දෙස බලාගෙන මුදල් නාස්ති කොට මොන සිතකින් මෙවන් උත්සව පවත්වන්නද ? මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය.

:       10       58

චන්දිම Thursday, 30 March 2023 12:32 PM

ඔවු ඔවු එතුමානම් හොඳ මනුස්සයෙක්. ඉඩම් පනත, මහජන බැංකුව පිහිටුවීම වගේ දේවල් කලේ එතුමා. එතුමන්ලා බොහෝ විට තම තමන්ගේ විය හියදම් කලේ ඒ අයට පරම්පරාවෙන් හිමිව තිබු ධනයයි. හපොයි ඒකටත් හරියන්න ඔය ඉන්න පුතණ්ඩියගෙන් නම් ගන්න දෙයක් නැහැ. හෙල්ත් ඉන්ෂුවරන්ස් ඒක පවා හදා ගත්තේ මහජන මුදලින්. මෙලෝ වැඩක් හරියට කළා කියලත් නැහැ කරගන්න පුළුවන් කියලත් නැහැ.

:       1       32

Rata Perata Thursday, 30 March 2023 11:50 AM

පිලිප් වගේ අය ලමයි හදන්නෙ නැතුව රටට සේවය කලානම් හොදයි.

:       5       57

mahinda Thursday, 30 March 2023 12:44 PM

ප්ලිප්ගේ ගුන සමරන්න හොඳම කෙනා තමයි එ: ජා: ප නායකයින් ඒ ඌත් උගේ ගෑණීත් දේශපාලන ජීවිතය අවසන් කලේ යූ: ඇන්: පියේ ලැගලා. එහෙවු උගේ පුතාත් උගේ පුතාත් ඔය කිඅන මහා අද රටේ අතිමහත් ජනතාවක් පෙ ලමින් වත්මන් යූ: ඇන්: පී නායකයාගේ අන්ඩකෝශ පිරිමදිමින් තානාන්තර ස දහා අසීමිතව බැලමෙහෙවර කරමින් සිටී. අනේ මහෙමත් කැනැහිලුන්.

:       3       31

Bunny Preena Thursday, 30 March 2023 01:21 PM

අපි හැමදාම ඉස්සර හිටපු රටට ඇත්තටම ආදරය කරපු වැදගත් මහත්තුරුන්ගේ ගුණ ගය ගයා වය වයා මිසක පිලිපැදීමක් සිදුවෙනවාදැයි ප්‍රශ්ණයක්

:       0       1

දාස Thursday, 30 March 2023 01:39 PM

ඒ කාලෙ මෙි දිනෙ නොදැනිම ගෙවිල ගියා , දැන් පින් පතිගෙ අගමැති හින්ද වැඩ පෙන්නනව අපේ වියදම්න්

:       1       33

Wije Thursday, 30 March 2023 02:54 PM

අප්පල, පුතාල ඔක්කොම යස අගේට රට හදල අනේ මගෙ කට

:       2       38

ගමේ එකාලා Thursday, 30 March 2023 03:37 PM

පුතා අගමැති හින්දා කවදාවත් නැති විදියට තාත්තගේ ගුණ සමරන්ඩ හිතිලා .බොරලුගොඩ සින්හයාගේ පුතා උනාට මෙලෝ වැඩක් නැති මනුස්සයෙක් ?

:       2       37

PODDA Thursday, 30 March 2023 05:14 PM

වැදගත් මැරුණු මිනිස්සුන්ටත් අපහාස කරන කාලකණ්ණි ඉන්න රටක්... කතාව නම් රට හදන්න.

:       5       4

වටලප්පං Friday, 31 March 2023 07:38 AM

තාත්තා තමයි බොරලුගොඩ සිංහයා. පුතාට මොකක්ද කියන්නේ...? හැබැයි කවදාවත් මෙයාට ඒ තාත්තාගේ ගානට එන්න බැහැ.. ජනතා ගෞරවයක් ඇත්තේම නැහැ. අපිත් වාමාංශිකයින් තමයි. නමුත් මෙයා තාත්තගේ නමත් විනාශ කළා. පාර්ලිමේන්තුවේ දැන් ඉන්න ගුණවර්ධනලා යන්නේ දේශපාලන කුණු බක්කියට. අනේ ඉතිං අපිට නම් දුකයි. අපි මේ ගැන කණගාටු වෙනවා. සමාජ ගරුත්වය බලෙන් ගන්න බැහැ.

:       0       12

මහී Friday, 31 March 2023 07:53 AM

අප්පච්චි වැඩ කාරයා වුණාට පුතා වැඩකාරයෙක් වෙන්නේ නෑ කියන එකට හොඳ උදාහරණයක් ... පව්, මුලු රටක්ම අද දුක් විඳිනවා වලව්වේ අපතයින් හින්දා...

:       0       11

achini Friday, 31 March 2023 09:43 AM

මෙච්චර කාලෙකට බොරළුගොඩ නරියා කරපු දෙයක්... මට නම් අමතක නෑ. හැමදාම හොරුන් වෙනුවෙන් කඩේ ගියා මිසක්...

:       0       12

banda Friday, 31 March 2023 12:27 PM

දැන් ඉන්න නරිය වගේද බොරලුගොඩ සිංහය

:       0       11

නිහාල් Friday, 31 March 2023 04:51 PM

ඒකට පුතා. අංක එකේ අනුන්ගෙන් යැපෙන්නා...

:       0       11

nihal Saturday, 01 April 2023 01:38 AM

රට කාපු කාලකණ්ණි හැත්ත... හැඳි ගෑවිලාම පලයව්...!

:       0       4

Maniwasakam Monday, 03 April 2023 02:20 PM

ඔය දේශනය තියපුකෙනාගේ පැටිකිරිය ටිකක් හොයලා බැලුවානම් තමයී හොඳ. පට්ට වංචාකාරයෙක්නේ... බොරු කාරයෙක්නේ, බොරලුගොඩ සිංහයාටත් නිගරු කිරීමක්නේ. එයා බලන්නේ, අගමැති , ජනාධිපති ගේ කනින් රිංගලා එයා කරපු වංචා වහගන්න! ටිකක් හොයලා බලන්නකෝ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 104 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6637 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6273 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7688 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18353 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1315 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 24 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 107 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 834 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site