IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


පාලමත් කඩාගෙන රෝද තුන ගඟට

(සිරංගිකා ලොකුකරවිට)

ඉමදුව වතවන කිරිදඬුපේ පාලම මතින් ගමන් ගත් ත්‍රීරෝද රථයක්  පාලම කඩාගෙන ගඟට වැටී ඇත.

පාලම කඩා වැටෙන අවස්ථාවේ එම ත්‍රී රෝද රථයේ කාන්තාවක් සිය දරු දෙදෙනා ද සමඟ ගමන් කරමින් සිට ඇති අතර රියදුරා ඇතුළු ඔවුන් සියලු දෙනාම සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙම පාලම කඩා වැටීම හේතුවෙන් නිවාස 100කට පමණ ප්‍රවේශ වීමට නොහැකි තත්වයක් උදාවී ඇති අතර විකල්ප මාර්ගයක් නොමැති වීම හේතුවෙන් කිරිදඬුපේ ගම්වාසීහු මහත් දුෂ්කරතාවයට පත්ව සිටිති.

රජයේ පාලම් ලක්ෂයක වැඩසටහන යටතේ මේ ස්ථානයේ පාලමක් ඉදිකිරීමට සැළසුම් කර තිබුණ ද මෙතෙක් එම පාලම ඉදිකර නොමැත.

දශක ගණනාවක් තිස්සේ ගම්වාසීන් විසින් එහා මෙහා යෑම සඳහා භාවිතා කළ ලෑලිවලින් සාදා තිබූ මේ පාලම නැවත පිළිසකර කිරීම අද ගැමියන් විසින් ම ආරම්භ කර තිබිණි.

 



අදහස් (10)

පාලමත් කඩාගෙන රෝද තුන ගඟට

ලක්සිරි Sunday, 12 March 2023 03:33 PM

ප්‍රාදේශීය සභාව තිබිලත් ඔහොම නම් ඒවා නොතිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ නේද? ඔය ජනතා මුදල් කාබාසිනියා ආයතන අවලංගු කරන්නම ඕනෑ ලංකපාලුවන්ගේ (බඩවියත) බඩරියන නොරැකෙනවා මිස මෙයින් ජනතාවගේ ඡන්ද අයිතිවාසිකම් අහෝසි වෙන්නේ නැහැ.. වෙන්නෙ ජනතා මුදල් ඉතිරි වීමක් පමණයි.

:       7       14

Hafeel Sunday, 12 March 2023 04:26 PM

මේ ආණ්ඩුවට මෙම පාලම ඉදිකිරීමට වඩා වැදගත් වුනේ, අනවශ්‍ය වියදම් කරමින් නිදහස් දින සමරන්නත්, ජනාධිපති ඔහුගේ බිරිඳ සමග ලෝකය වටේ මළගෙවල්, විනෝද සවාරි යන්නත්, අනවශ්‍ය රාජ්‍ය ඇමැතිලා, අනවශ්‍ය උපදේශකලා පත් කරන්නත්, පවිත්‍රාව සහ ජීවන් තොන්ඩමන්ට ඇමතිකම් දෙන්නත් තමයි වැදගත් වුනේ.

:       9       11

හනීෆාMonday, 13 March 2023 04:36 AM

අනේ හපුයියො ගමේ කුඩා පාලම් ඒදඩු දැමීම ආණ්ඩුව කරන්නෙ නැහැ ඒවාට තමයි ප්‍රාදේශීය සභා ආදී පළාත් පාලන ආයතන තියෙන්නෙ හැම එකටම තොන්ඩට පවිත්‍රට ඇමති තනතුරු දීම ජනාධිපති ජාත්‍යන්තර කටයුතු සදහා පිටත්වීම මතක් කරල තමුසෙගෙ මහලොකු පොහොට්ටු කාරයො නොකල වැඩට රනිල්ට බනින්න එපා

:       3       4

Hafeel Monday, 13 March 2023 12:46 PM

මුලින්ම තමුසේ වැදගත් විදියට අසහස් හුවමාරු කරගන්න දැනගනිං. මෙතන අපි කොව්රුත් විවිඩ මතය සහ අදහස් හුවමාරු කලාට, අපි කාටත් පුද්ගලික තරහක් හෝ වෛරයක් හෝ නැහැ. ඒ වගේ අපිට එකඟ වුනත්, එකඟ නොවුනත් අදහස් හුවමාරුවට ගරු කරනවා. එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය සහ සදාචාරය. ලෝක වටේ මළ ගෙවල්වලට යන එක ජාත්‍යන්තර කටයුත්තක්ද? එහම ජාත්‍යන්තර කටයුත්තක් නම්, අපිට ලැබිච්ච ප්‍රතිලාබය කුමක්ද? තමුසේ කියන පරිදි පාලම් ඉදිකිරීම පළාත් පාලන ආයතනවලේ කටයුත්තක් නම්, තමුසගේ රනිල් එම පළාත් පාලන චන්දය තියන්නත් බයයි. මුලින්ම ඔහුට ජනවරමක් තියන්න එපයි.

:       2       3

Samitha Senaka Aluthgamage. Sunday, 12 March 2023 06:20 PM

මේ අහිංසක මිනිස්සුන්ට පාලමක් ඉදිකිරීම සඳහා මුදල් නැහැ. ඒත්, රට හොරා කෑ දූෂිතයින් රකින්න සියලු වියදම් දී ආරක්ෂක හමුදා යොදවලා. නිදහසක් නැති මිනිසුන් බඩ කුට්ට ගින්නේ ඉඳිද්දී කෝටි ගණන් වියදම් කොට නිදහස් උත්සව හා වෙනත් විච්චූරණ වැඩ... තිරය පිටුපස හා තිරේ ඉදිරිපස යන දෙකේම ඉන්නේ මොළේ කොලොප්පන් වෙච්චි උදවිය වගෙයි පේන්නේ...

:       1       9

fairoos Sunday, 12 March 2023 06:56 PM

කමක් නැහැ... දැන් රුපියල ශක්තිමත් වුණේ නැහැ... වහල්ලුන්ට තව මදි...

:       4       2

Sameera Sunday, 12 March 2023 07:26 PM

ඉමදූව ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරින් නූගත් වගේම ඉතා දූෂිතයි, දේශපලනයටම බැනලා වැඩක් නෑ, මේ වගේ නිලධාරීන් පන්නන්නේ නැතුව...

:       0       7

සරත්චන්ද්‍ර Monday, 13 March 2023 04:40 AM

ඉමදුව පමණක් නොවෙයි ලංකාවෙ තියෙන සියලුම පළාත් පාලන ආයතන වල පමණක් නොවෙයි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලත් පළාත් සභා අමාත්‍යාංශ වල සිටින සියලු තාක්ෂණික (කාර්මික ) නිළධාරින් එහෙම තමයි උන්ගේ අතට මුදල් නැත්නම් කොතරම් අත්‍යාවශ්‍යම දෙයක් වුනත් කරන්නෙ නැහැ හරියට කබරගොයා තලගොයා වෙනවා වගේම තමයි

:       0       3

Perera Monday, 13 March 2023 05:51 AM

ඊළඟ චන්දෙට කලින් පාලමයි පාරයි හදලා දුන්නම ගමේ බහුතර බුද්ධිමත් ජනතාව ආණ්ඩුවට පවුල් පිටින් ගිහින් චන්දෙ දෙනවා

:       1       1

Bunny Preena Monday, 13 March 2023 09:53 AM

මෙවැනි ප්‍රශ්න ලංකාව පුරාවටම තියෙනව. දෙුශපාලුවො උන්ට කත් අදින දුශිත නිලදා ඉන්නා තෙක් මෙවනි ප්‍රශ්න සදකාලිකව තියෙවෙඑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 104 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6637 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6273 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7688 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18353 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1315 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 38 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 840 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site