(රොමේෂ් මධුෂංඛ)
යාපනයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පසුගිය දා ඡාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් විවෘත වූ යාපනය පලාලි ගුවන්තොටුපලේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබේ.
යාපනය දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පලාලි ගුවන්තොටුපළට ද බලපා ඇති අතර නැවත පිළිසකර කරන ලද ගොඩනැගිලි පිහිටි ස්ථාන කිහිපයක් හා මාර්ගයේ ස්ථාන කිහිපයක් යටවී ඇත.
කෙසේ වෙතත් වර්ෂාවෙන් හෝ වැසි ජලයෙන් යටවීම හේතුවෙන් ධාවන පථයට හෝ ගුවන්තොටුපලේ කිසිදු ස්ථානයකට හානියක් සිදු වී නොමැති බව ගුවන්තොටුපලේ බලධාරීහු පවසති.
පසුගිය 17දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර ගුවන් තොටුපළ විවෘත කිරීම සංකේතවත් කරමින් ඉන්දියන් එලායන්ස් ගුවන් සේවයට අයත් යානාවක්ද එදින පලාලි ගුවන්තොටුපල වෙත පැමිණියහ.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර ඉන් රුපියල් මිලියන 1,950ක් ශ්‍රී ලංකා රජය අයෝජනයකර ඇති අතර ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ද ඒ සඳහා ආයෝජනය කර ඇත.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පලාලි ගුවන්තොටේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි
sirimal Tuesday, 22 October 2019 12:38 PM
අපරාදේ වී ටිකක්වත් ගබඩා කරලා තිබ්බනම් වපුරා ගන්න තිබුනා.
සමීර ගලප්පත්ති Tuesday, 22 October 2019 01:04 PM
මේක අදියර කිහිපයක් යටතේ සංවර්ධනය කරන්නේ. මුලිකම පියවර ලෙස කරේ ආසන 72 ට අඩු ගුවන් යානා ගොඩ බැස්සවීමට හැකියාව ලැබෙන පරිදි පහසුකම් ගොඩ නැගීම සහ එය විවෘත කිරීම. මේ දැක්වෙන්නේ අනික් පියවරවල් වල වැඩ කටයුතු. ඒවා තවම ඉවර නැහැ. කාණු පද්ධති සාදමින් පවතින්නේ. කඩවත- නුවර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු බලන්න ගියාමත් මෙහෙම වතුර ගලලා දිස්වෙන්නේ. කලින් දක්ෂිණ අධිවේගය හදද්දි කොපමණ ගෙවල් යට උනාද වර්ෂාව නිසා? වන්දි පවා ගෙව්වා වැසි හානි නිසා. ඒත් වැඩ ඉවර උනාම කාණු පද්ධතිය දැම්මම මේ ගැටළු මගහැරෙනවා.
CiscoWednesday, 23 October 2019 11:18 AM
වැඩ ඉවර නැත්නම් මොකටද විවෘත කළේ? නම ගහ ගන්නද?
lanka Tuesday, 22 October 2019 05:13 PM
කිසිම හිරිකිතයක් , ලැජ්ජාවක් , බයක් නැතුව මුලික වැඩ ටිකවත් අවසන් කරන්නේ නැතුව තමන්ගේ නම් ගහගෙන මේ වගේ ව්‍යාපෘති ජනතාවගේ අයිතියට පත්කරන්න උත්සව තියන්නේ කොහොමද කියල මට නම් හිතාගන්නවත් බැහැ. මෙතන ගොඩනැගිලි කියල මොනවද තියෙන්නේ . ඔක්කොම කන්ටේනර් පෙට්ටි නේ . මීටර් 950 ක ගුවන් පථයත් ඉතාම බාල ප්‍රමිතියෙන් හදල තියෙන්නේ . ජාත්‍යන්තර ගුවන් තොටුපොල කියන වචනයටත් ඉතාම නින්දාවක් මේක . මේක පවතින්නේ ඇත්තටම ජනතා අයිතියට පත්කලයුතු මට්ටමක නෙමෙයි .
කසුන්Wednesday, 23 October 2019 04:01 AM
මෙතන කාගෙවත් පුද්ගලික නම් ගහගෙන නැහැ ඉස්සරවගේ. නියම තත්වයනම් ගුවන් ගමන් සිදුකිරීමට ඇති මුලික අවශ්‍යතා සපුරාගෙන පමණක් විවෘත කිරීම් කරලා ඇත්තේ. අනෙකුත් ඉදිකිරීම් යන අතරතුර මෙය සිදුවී ඇත. ධනාත්මක සිතුවිලි වලින් ධනවත් වෙන්නේ කවදාද?
lankaWednesday, 23 October 2019 06:01 AM
ඔයා මොනවද මේ කියන්නේ ? මහ දෙන්නා ගිහින් මොකක්ද ඇරපු රෙද්ද ? එකේ තමයි නම්ටික තියෙන්නේ .. එකේ තියෙන්නේ මේ අය විසින් හදා ජනතා අයිතියට පත් කළා කියල . 25% ක් හදල එහෙම කරන්න පුළුවන් ඔයා වගේ කට්ටිය ඉන්න රටක තමයි . ඔයත් සහයෝගය දෙන්නේ නියම ධනාත්මක සිතුවුලි තියෙන කට්ටියකට බව පේනවා . එකනේ අවුරුදු 10 ක් තිස්සේ එක බෝම්බයක් පිපිරුනේ නැති රටේ අන්තිමේට මහා පරිමාන බෝම්බ වැලක් පිපුරුනේ ..
Bandara Wednesday, 23 October 2019 04:11 AM
කෝ මේ අවුරුද්දෙන් කරා කියලා කෑ ගහපු සූත්තර පුංචා!
nethu Wednesday, 23 October 2019 04:11 AM
කෝටි ගානක් වෙන්කරලා ලක්ෂ ගණනකින් වැඩ ඉවර කරපු ව්‍යාපෘතියක්
kolam boss Wednesday, 23 October 2019 06:07 AM
කැලේ කපලා, සුද්ද කරලා, පාරක් හදලා, කන්ටේනර් පෙට්ටි ටිකක් තියලා නම් ටික ගහගෙන ලොකුවට සමරු ඵලකයක් ඇරපු ගුවන් තොටුපොල. නියමයි. ඉන්දියාවේ උවමනාවට ඡන්දෙන් ඉස්සෙල්ලා කරලා දීපු වැඩක් .
Sunil Wednesday, 23 October 2019 11:01 AM
මේ රජයේ හැම වැඩක්ම ප්‍රෝඩාවක්.
නම නැත Wednesday, 23 October 2019 03:18 PM
මේවට අදහස් දාන ගොඩාක් දෙනකු ඇත්ත නොදැන අදහස් බලල අදහස් දානව. ලංකාවට වෙලා තියෙන්නෙ මේ පාට කන්නඩි දාගෙන ප්‍රතිචාර දාන මෝඩ අයගේ ප්‍රතිචාරවලට සහය දම දමා ඉන්න එක විතරයි. මම දන්න තරමට සමීර ගලප්පත්ති මහත්තය විතරයි හරි දේ කියල තියෙන්නෙ . මත්තල තරම් මේකට වියදම් ගිහින් නෑ. මත්තල ඇ ඩො මිලියන 240ක් වියදම වුණා නමුත් පලාලි මේක හදන්න ඇ ඩො මිලියන 6 ක සමාන වෙන රුපියල් ප්‍රමායක් වත් වැයවී නෑ. මම දන්නව නොවැම්බර් පලවෙනිදා සිට හැම දිනකම ගුවන් යානයක් පැමිනීමට දැනටමත් ගුවන් කාලසටහන් හදල තියෙන්නෙ
ලුම්බිණි Thursday, 24 October 2019 05:11 AM
මේක හම්බන්තොටට වඩා ලස්සනට වැඩි වියදමකින් හැදුවා නම් බොහෝ දෙනෙක් කියන්නේ දකුණට නැති සැලකිලි උතුරට කියලා. ඒ අපේ හැටි...