IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බීජිං විශ්ව විද්‍යාලයෙන් බන්දුලට දර්ශනශූරි උපාධියක්

නාලක දහනායක
 
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයෙන් දර්ශනශුරී උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්වවිද්‍යාලයේ උපකුළපති මහචාර්ය ජිය වෙන්ජියන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ , ඇමැතිවරුන් වන ලක්‍ෂ්මන් කිරිඇල්ල, ගයන්න කරුණාතිලක, ආචාර්ය හර්ෂද සිල්වා මහත්වරු ද, , මහින්දානන්ද අලුතගමගේ, දිනේෂ් ගුණවර්ධන, සී.බී රත්නායක  යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර, හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු  පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.
 
ඡායාරූප - ඉෂාන් සංජීව​



අදහස් (18)

බීජිං විශ්ව විද්‍යාලයෙන් බන්දුලට දර්ශනශූරි උපාධියක්

samantha Friday, 16 March 2018 04:16 PM

සුබ පැතුම් !!! අනිත් පාර්ලිමේන්තු සහෝදරයින්ට පාඩමක්...

:       171       190

sam Friday, 16 March 2018 09:14 PM

රුපියල් දෙදාස් පන්සීයකින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්ත තැනැත්තාට දර්ශනසූරි උපාධියකට වඩා ඉහළ උපාධියක් දෙන්න වටිනවා. ඒ ක්‍රමයට ජීවත්වෙන මිනිස්සු හැමදාම මෙතුමාට සුබ පතන නිසා මම අද සුබ පතන්නම්කෝ !!!

:       0       0

Saman Saturday, 17 March 2018 01:31 AM

ලියපු නිබන්ධනය 'රු 2500 කින් 4 දෙනෙකුගේ පවුලකට මාසයක් කෑ හැකිය' යන්නද ?

:       0       8

janahitha Saturday, 17 March 2018 01:41 AM

"උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" (වටිනා) ඉගෙන ගැනීමට වයසක් හෝ තනතුරක් වැදගත් වෙන්නේ නැහැ. ඇමතිතුමාට මගේ සුබ පැතුම් !!!

:       0       24

රුවන් Saturday, 17 March 2018 02:24 AM

2500 කට ජීවත් වෙන හැටිවත් කියල තියෙනවද?

:       24       158

BamunuarachchiSunday, 18 March 2018 11:08 AM

ගොන්කම් පෙන්නන්න එපා හලෝ... 2017 දෙසැම්බර් 17 වෙනි ඉරිදා පැවැත්වුණු ඉන්සයිට් සාකච්ඡාව පටන්ගත්තේ යාපා මහතාගේ ඔය ප්‍රශ්නයෙන්... එහිදී බොහෝදෙනා නොමග යැවූ 2500 කතාවට නියම පිළිතුර සිනහවකින්ම දුන්නා. ඕනෑම කැලෑ පත්තරයක් නොසොයා, නොවිමසා බාර ගන්නා සිංහලයින්ට මෙවැනි පුවත් වටිනා පුවත්මය...

:       0       0

vidya Saturday, 17 March 2018 04:31 AM

ඔය සෙට් එකේම ඉන්නේ නිකම් දීපු උපාධි තියන අය. පරියේෂණ කරලා විභාගවලට ඉඳලා උපාධි ලබාගත්ත අයට මේක නිග්‍රහයක්...

:       22       131

BamunuarachchiSunday, 18 March 2018 11:28 AM

මෙයාගෙන් ඉගෙන ගත්ත අය තමයි ඔය පර්යේෂණ කරන්නෙත්. අනික මෙතුමාට ආචාර්ය පදවිදුන් බීජිං විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු ඒ බව දන්නේ නැතුව ඇති නේද? අනේද කියන්නේ?

:       0       0

BamunuarachchiSunday, 18 March 2018 11:28 AM

මෙයාගෙන් ඉගෙන ගත්ත අය තමයි ඔය පර්යේෂණ කරන්නෙත්... අනික මෙතුමාට ආචාර්ය පදවිදුන් බීජිං විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු ඒ බව දන්නේ නැතුව ඇති නේද? අනේද කියන්නේ?

:       0       0

thilina Saturday, 17 March 2018 08:19 AM

විද්‍යා, ඔයාගේ අදහස ගැන නම් මට දැනෙන්නේ හරිම අපුලක්. එතුමාගේ දේශපාලනය පැත්තකට දාන්න. එතුමා ජ'පුරෙන් බිහිවුන රටම පිළිගත් උගතෙක්, බුද්ධිමතෙක්... එතුමාගෙන් ආර්ථික විද්‍යාවට අත්පොත් තබාපු කීදෙනෙක් අද මේ රටේ ශ්‍රම බලකායේ සේනාධිනායකලා වෙලා ඉන්නවද? මට දැනෙන විදියට විද්‍යා ඔයා ගණ අඳුරින් වෙලා ගත්තු මානසික කොදෙව්වක හිර වෙලා ඉන්නේ. ඒකෙන් ගොඩ එන්න බලන්න. එතකොට අසීමිත සතුටක් ස්පර්ශ වෙලා වගේ දැනේවි. හැබැයි ඒ එතුමා මට අසල්වාසියෙක් විතරයි. ස්තුතියි!. චීනය හා ශ්‍රී ලංකාව අතර පැවැති ආර්ථික සහ වාණිජ සබඳතා පිළිබඳව බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණාත්මක නිබන්ධනය වෙනුවෙන් මෙම ආචාර්ය උපාධිය පිරිනැමේ.

:       5       7

ravi Saturday, 17 March 2018 09:58 AM

මේ උපාධිය මෙයාට ලැබුනේ "හාල්මැස්සෙක් සහ පොල්ගෙඩියක්" නිසා වෙන්න ඇති..

:       0       4

Darshana Saturday, 17 March 2018 11:47 AM

සුදුස්සාට සුදුසු දේ ලැබිලා තියෙනවා. අර රවී ගත්ත උපාධි වගේ නොවෙයිනේ...

:       0       0

raviSaturday, 17 March 2018 03:20 PM

බන්දුල ගුනවර්දනට මේ තරම් සුදුසුකම් තියනවද ? එහෙනම් ඇයි මේ හැමදාම හාල්මස්සෙකුයි , පොල්ගෙඩියකුයි, මිරිස්කරල් දෙකකුයි පාර්ලිමන්තුවට අරගෙන එන්නේ.

:       0       0

BamunuarachchiSunday, 18 March 2018 10:57 AM

නොදන්නාකමට කෑ ගහගහ ලෝකෙට පෙන්නන්න එපා හලෝ ඒ බව අපි දන්නවා. උගතුන්, බුද්ධිමතුන් හඳුනා ගැනීමේ හැකියාව බොහෝදෙනෙකුට තිබෙනවා. ඔවුන්ගේ බුද්ධිමත් අදහස් ඔබලා වගේ අයගේ අදහස් සමග ගැලපෙන්නේ නැතිබව අපි දන්නවා. ඒ එතුමන්ලාගේ වරද නොවෙයි.

:       0       0

BamunuarachchiSunday, 18 March 2018 11:15 AM

ආර්ථික න්‍යායන් තේරුම් ගන්න පුළුවන් අය පාර්ලිමේන්තුවේ ඉන්නවද? අනික පාර්ලිමේන්තුවේ කෑම කන්නට පටන් ගත්තාට පස්සේ අපි කන පොල්, මිරිස් වල ගණන් මේ අයට අමතකයි. ඒ නිසයි පොල්, මිරිස් පාර්ලිමේන්තුවට ගේන්නේ..

:       0       0

Bamunuarachchi Saturday, 17 March 2018 02:44 PM

ඔබෙන් ඉගෙනගත් අය අචාර්ය මහාචාර්ය වෙලා ඉන්නවා නම් ඔබටත් අාචාර්ය පදවියක් සුදුසුයි. මගේ සුබ පැතුම්!!!  ඔබ කරන කතා විමසිල්ලෙන් බලන, අහන අය ඔබෙන් යමක් ඉගෙන ගන්නවා මිස ඔබට ගරහන්නේ නැත.

:       0       0

Bamunuarachchi Sunday, 18 March 2018 11:21 AM

මහින්ද මහතා..., දැන් මෙතුමා මුදල් ඇමැතිකමට ඉහළින්ම සුදුසුයි. කිසිම දූෂණ චෝදනාවක් මෙතුමාට නැත. දෑත් ඉතා පිරිසිදුයි. පක්ෂ භේද නොතකා මෙතුමා මුදල් ඇමති කරනවා නම් රටට හොඳයි.

:       0       0

Aluthgama A. samathasena. Saturday, 24 March 2018 03:12 AM

බන්දුල ගුණවර්ධන මහතා ගුරුවරයෙකු ලෙස මේ රටට කර තිබෙන්නේ අනුපමේය සේවයක්. මේ ලැබූ දෙයට එතුමාට මා හදවතින්ම සුබ පතනවා. දේශපාලන මඩ ගොහොරුවේ එරෙන්නේ නැතිව අධ්‍යාපන අංශයෙන්ම ඉදිරියට ගියා නම් මොනතරම් විශිෂ්ට සේවයක් එතුමාගෙන් මේ රටට වෙන්න ඉඩතිබුණද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21990 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21786 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 175 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site