(රංජිත් රාජක්ෂ,ගාමිණි ඉලංගන්තිලක,අජිත්ලාල් ශාන්ත උදය සහ ලසන්ත නිරෝෂණ)
කොරෝනා නව සෞඛ්‍ය හුරුපුරුදුවලට මූලිකත්වය දෙමින් අදට යෙදි ඇති උඳුවප් පුන් පෝය දිනෙන් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්,බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ වැඩම කරවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුව වෙත වඩම්මවා චාරිත්‍රානුකුලව ශ්‍රි පාද පද්මය අද උදැසන යෙදුණු සුභ නැකතට අනුව දෝවනය කිරිමෙන් අනතුරුව වැඩම්ම වු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පසු තැන්පත් කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරිණ.
ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කලපති, සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මධින්න නායක හිමියන්ගේ ප්‍රධානතවයෙන් උන්වහන්සේගේ උපදෙස් හා අනුශාසනා මධ්‍යයේ මහා සංඟරත්නය සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කිරීම සිදු කෙරිණි. අනතුරුව බැතිමතුන්ගේ සාඳුනඳ මධ්‍යයේ ප්‍රථම ශ්‍රීපාද පුෂ්ප පූජාව පැවැත්විණි.
ශ්‍රීපාද උඩ මළුව වෙත පැමිණ සිටි ප්‍රථම ශ්‍රීපාද වන්දනා නඬයේ සාඳුනඳ මධ්‍යයේ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද උඩ මළුවේ පිහිටි සමන්දේවාලයේ තැන්පත් කිරිම සුභ නැකත් අනුව සිදු කෙරීමෙන් අනතුරුව මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය.
නිරෝධායන මාර්ග උපදෙස් පිලිපදමින් හැටන් මාර්ගයේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කල පළමු දිනයේ බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණ සිටිහ.
හැටන් නගරයේදි සමන් දේව පෙරහැරට නිරෝධායන උපදෙස් වලට අනුකුලව වන්දනා මාන කර ගැනිමට විශාල පිරිසක් නගරයට පිවිස සිටිහ.
ඡායාරූප ලසන්ත නිරෝෂණ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බැතිමතුන්ගේ සාඳුනාද මධ්‍යයේ සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි
Nisanka Saturday, 18 December 2021 12:09 PM
ශ්‍රිපාද වන්දනාවේ ගැසට් එකත් රිවස් කරයිද මන්දා, මගක් නගිනකොට...
abSaturday, 18 December 2021 06:56 PM
සිරිපා වන්දනා සමය ආරම්භ කළයුතුව තිබුනේ ඉතාම සීමිත පිරිසකගේ සහබාගීත්වයෙනි. එන්නත් දෙකම ලබා තිබුණද නිරෝධායන මාර්ග උපදෙස් නිසි ආකාරයට පිළිනොපදින බව ඡායාරූපවලින් පෙනෙන්නට තිබේ...
Nisanka Saturday, 18 December 2021 01:42 PM
ශ්‍රී පාද වන්දනාවේ ගැසට් එකත් රිවස් කරයිද මන්දා..., මගක් නගිනකොට...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 18 December 2021 01:54 PM
සාදූ .. සාදූ .. සාදූ .. සම්බුදු සිරිපා ... වඳිනෙමු බැතියෙන්.
පිටිගල මිලානෝ Sunday, 19 December 2021 02:40 AM
සිරිපාදේ බලයෙන් කෝවිඩ් වුවදුර නවතියිද..?
පිටිගල මිලානෝ Saturday, 18 December 2021 03:25 PM
ආයෙත් ලොක්ඩවුන් එකකට සහ විශාල මරණ ගනනකට මුලක්....
සත්‍යපාල Saturday, 18 December 2021 04:28 PM
එහෙම වෙන්නේ කොහොමෙයි මිලානෝ...? දිසාපති තුමිය කිව්වනේ එන්නත් කාඩ්පත නැත්නම් යන්න දෙන්නේ නැහැ කියලා...
Saman Sunday, 19 December 2021 07:07 AM
මෝඩයින් වැඩිවෙන තරමට පූජකයින්ගේ කල්ල මරේ...
Bunny Preena Monday, 20 December 2021 12:19 PM
වන්දනාවේ යන අයගෙන් වැඩි කට්ටියගේ ශ්‍රද්ධාවයි ,භක්තියයි තියෙන්නේ කටේ විතරයි.හදවතේ නැහැ.බොහෝ දෙනෙකු ට යන්නම් වාලේ යන නිකන් ජොලියට යන ගමනක් වෙලා තියෙන්නේ.නැතිනම් නීති දාන්න ඕනේ නැහැනේ