IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘බුදු සසුනට එරෙහිවන්නන්ට සත්‍ය අවබෝධ වේවා‘

(ජේ.ඉඳුරුවගේ )

බුදු සසුනට එරෙහි බලවේගයන්ට සත්‍ය අවබෝධ වේවා‘යැයි පතමින්  ශ්‍රී ලංකා ජාතික මහා සංඝ සභාව සංවිධානය කළ භික්ෂුන් වහන්සේලාගේ සත්‍යග්‍රහයක් අද (21) අලුත්ගම කන්දේ විහාරස්ථානයේ දී පැවැත්විණි.

 



අදහස් (18)

‘බුදු සසුනට එරෙහිවන්නන්ට සත්‍ය අවබෝධ වේවා‘

sahan Friday, 21 July 2017 02:27 PM

අනේ ඔබ වහන්සේලාටත් මහරජාගේ බණ නොව බුදු හිමිගේ බණ මතක් වී ධර්ම අවබෝධය ලැබී සියලු මිනිසුන් හා සත්වයන් වෙනුවෙන් කැපවී කටයුතු කලයුතු බව අවබෝධ වේවා!!!  එසේ නැතිව පක්ෂයක්, පවුලක් වෙනුවෙන් උතුම් බුදු දහම කිලිටි නොකරේවා !!!

:       11969       7112

NishanSunday, 23 July 2017 04:13 AM

චීවරධාරීන් දේශපාලනය කරන එක සුදුසු නැහැ.. දෙකෙන් එකක් තෝරාගන්න.. ඒක හොඳයිනේ..

:       0       0

සමීර Friday, 21 July 2017 02:55 PM

දුශ්ශීල මහණන් දුටු විට ඒ අයව පිළිකුල් කරන ලෙස බුද්ධ දේශනාවේ සඳහන් වේ.

:       5596       1622

ONE SRILANKANFriday, 21 July 2017 03:49 PM

එතකොට ජරා ජීර්ණ දේශපාලකයන් සහ කඩේ යන අය දුටු විට කරන්නේ මොකද්ද කියල බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවද බලන්න.. පන්සිල් පද 5 වත් හරියට දන්නවද?

:       724       2158

බද්රානි Friday, 21 July 2017 03:11 PM

බුදු සසුනට එරෙහිව වැඩ කරන්නේ ඇතැම් පුද්ගලයෝය. එදා ප්‍රභාකරන්ගෙන් වත් බුදු දහමට මෙතරම් තර්ජනයක් තිබුනේ නැහැ. සමහර ටිකිරි මොලවල ශ්‍රද්ධාව වැඩිකමට ද මන්දා ප්‍රඥාව ඇත්තේම නැහැ.

:       1036       531

migida Friday, 21 July 2017 04:14 PM

සාසනේට ගිය කල !.

:       193       212

dhamneth Friday, 21 July 2017 04:26 PM

සමහර හාමුදුරුවරුන්ගේ විනය විරෝධී ශාසන විරෝධී කටයුතුවලට විරුද්ධ වීම බුදුදහමට විරුද්ධ වීමක් නොවෙයි.

:       1272       554

SDHARA Friday, 21 July 2017 09:46 PM

භද්‍රානි කොහොමද? ඔයා දකින්න ලැබෙන්නේ හාමුදුරුවරු ගැන ප්‍රවෘත්තියකදී විතරයිනේ.

:       0       519

lion Saturday, 22 July 2017 12:38 AM

හාමුදුරුවනේ බුද්ධ සාසනය බේර ගන්න ඕනේ දුස්සීල මහනුන්ගෙන්. අද බොහෝ භික්ෂුන් ජීවත්වෙන්නේ බුදුන්ගේ උතුම් ධර්මය අනුවද ? අද හැම තැනම ඉන්නේ බුදුන් පිරිනිවන් වූ කල අබද්ද වචනක් කිව්වා සුබද්දල.

:       903       288

C.K.Lankaputhra Saturday, 22 July 2017 01:07 AM

දේශපාලකයන්ට, කහිණ බව අපට නොපෙනෙන්නට අතින් කට වසාගෙන හොරෙන් කහින හාමුදුරුවරු අපි නං පිළිකුල කරනවා.

:       1592       650

සමන්ත Saturday, 22 July 2017 01:48 AM

"මේ අය දුශ්ශීල අය වෙන්නැති. එත් අපිට එහෙම තීරණය කරන්න බෑ. ඒ වගේම කියනවට, දුශ්ශීල මහනුන් පිළිකුල් කරන්න කියලා, බුදු දහමේ කොහෙවත් කියල නෑ . ඒක බොරුවක්. නමුත් බුදු සසුනට එරෙහි වන්නේ කවුද යන්න, අපිට කියන්න අවශ්‍ය නෑ . එයාලට ධර්මයට සහ විනයට අනුව ඒ දේ තේරෙන්න ඕනේ. එහෙම තේරුනොත් ගන්න දානය, හරිද , පිලිස්සී ගිනිගන්න දැව කොටයක් හා එය සමාන බවත් තේරේවි. සඟ විනිශ්චය ගිහියන්ට බාර දීලා නෑ කියලා මතක තබා ගත යුතුයි.

:       815       1178

NIMALLALITHA Saturday, 22 July 2017 02:44 AM

දේසපාලනය කර ගසා ගත් ලින් ගෙම්ම්බන්ට අද මේ රටේ සිංහල බෞද්ධ ඓතියට සිදුවෙන විනාසය පෙනෙන්නේ නැහැ. දැන් සිදුව ඇත්තේ උපවාස කිරීමට නොව සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් සටන් වැදීමට. නායකයාගේ අසුචිත් සුවද යි කියන මේ දේසපාලන ගැත්තන් තව ටික දිනකින් කියාවි රුවන් වේලි සෑ චෛත්‍ය රාජයා ඉදිරිපිටත් අන්‍ය ආගමික සිද්ධස්ථාන හදන්න ඉඩ දෙන්න කියල. මේ දේසපාලන ගැත්තන් නොදෙන්නේ තමන්ගේ බිරින්දන් පමණි.

:       4369       12152

සමන්ත Saturday, 22 July 2017 05:11 PM

දැන් මේ රටේ සිංහල බෞද්ධයන්ට මොකක්ද වෙලා තියෙන්නේ? ඇයි ඒ අය නැතිවෙලාද? ඒ අය රටේ සුළු ජාතිය වෙලාද? සිංහල බෞද්ධකම කියන්නේ හදවතේ තියෙන දෙයක් මිසක් කාටවත් ඕනේ වෙලාවට ගන්නයි, නැතිවෙන්නයි නම් තියෙන්නේ මොකටද ඒ සිංහල බෞද්ධකම. ඕනේ වෙනකොට කන්න කබරගොය තලගොයා වෙන න්‍යායෙන් හිතන්න එපා. දේශපාලනේ සිංහල බෞද්ධකමට ගාවගන්න එපා. ජාතිවාදය ගාවගන්න එපා. එදාට මේ රටේ සිංහල බෞද්ධකම ඕනෙවටත් වඩා හොඳින් රැකෙයි. අපි නොරැක්කත් , මේ ලෝකේ ඉන්න ප්‍රඥාවන්ත මිනිස්සු පෙරට ඇවිත් රකියි. ඒ දේ රකින්න නිසි ලෙස වැඩ වෙයි. ඒත් අමනුස්සකම් වලින් රකින්න හිතන්නවත් එපා. ඒ දේන් වෙන්නේ නැතිවීම.

:       0       0

ලුම්බිණි Saturday, 22 July 2017 07:46 AM

බුදු සසුනට එරෙහි බලවේගයන් කියන්නේ මොනවාද? අපේ ව්‍යවස්ථාවෙන් පවා රකින බුදු දහම නැති කිරීමට සංවිධානාත්මක බලවේග තිබේ නම් ඒවා එකක් හෝ නම් කල යුතුයි. අද බුදු හාමුදුරුවන්ගේ රූපය තිබෙන ඇඳුමක් ඇඳගෙන ගියත් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නා යුගයක් තිබෙන්නේ. ඉන්දියාවේ හිටපු බුදුන් වහන්සේගේ රුවක් ඉන්දියන් මිනිසුන්ට පවා පාවිච්චි කරන්න ලංකාවේ ඉන්න අපි ඉඩ දෙන්නේ නැති එකේ මොනවද බුදු සසුනට එරෙහි බලවේග?

:       0       0

sadis Saturday, 22 July 2017 09:23 AM

බුදුන් වදාළ නිවන් මගමය සත්‍ය. ඒ නිසා මුලින්ම මේ උන්නාන්සේලාට සත්‍යය අවබෝධ වේවා!!

:       0       0

ප්‍රීති Saturday, 22 July 2017 09:54 AM

අපි දන්නා විදිහට නම් බුද්ධාගම කියන්නේ උතුම් දර්ශනයක්. එත් සමහරු හිතාගෙන ඉන්නේ බුද්ධාගම දේශපාලන පක්ෂයක් කියලයි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම කැත වැඩක් කරන මිනිස්සු ඉන්න රටේ බෞද්ධ දර්ශනයටත් ඔහොම කරන එක අමුතුවෙන් අහන්නත් දෙයක්ද? අර "වැටත් නියරත් ගොයම් කයි නම්" කියන කතාව මතක් උනා. "මගේ දහම මෝඩයින්ට අවබෝධ කර ගත නොහැක" ලෙස බුදුන් වහන්සේ වදාළේ කට කහනවට නොවේ. කොහොමත් ඉතින් මෝඩයින්ට ඇත්ත තිත්තයිනේ එකනේ, ඇත්ත, පැත්තකින් තියලා බොරුවට ආවඩන්නේ???

:       0       0

රත්නායක Saturday, 22 July 2017 02:46 PM

සහන්ලට භද්රානිලට සමීරලට මේ තරම් කේන්ති යන්නෙ ඔයාලවගේ මේ හාමුදුරුවරු අාණ්ඩුවට කඩේයන්නෙ නැති නිසාද?

:       0       0

පියසිරි Saturday, 22 July 2017 03:07 PM

‘බුදු සසුනට එරෙහි වන්නන්ට සත්‍ය අවබෝධ වේවා‘ - හොඳ ප්‍රාර්ථනාවක් හාමුදුරුවනේ ! ඒ සමගම අපේ රටේ විසූ වියතකු මෙන්ම හොඳ බෞද්ධයකු වූ ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් ශුරීන් මීට දශක ගණනකට පෙර මාළිගාකන්ද පිරිවෙනේ භික්ෂූන් අමතා කළ දෙසුමකට ඇතුළත් වූ එතුමන්ගේ අවසන් ප්‍රාර්ථනය නැවත සටහන් කිරීමේ වැදගත්කම දැනේ. මෙන්න ඒ පැතුම. “මා මිය යන්නට පෙර මේ රටේ එක හාමුදුරු කෙනෙක් හරි බුද්ධ ධර්මයට හැරුණොත් මට ඒ ඇති”!

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30664 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23709 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site