රිය අනතුරකින් මරණයට පත් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා පාංශකූල කටයුතු මහා සංඝරත්නය විසින් අද (11) පස්වරුවේ සිදු කෙරිණි.
අවසන් කටයුතු සඳහා සරත්චන්ද්‍ර මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පොලිසියේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පසුගිය 24 වැනිදා සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සරත්චන්ද්‍ර මහතා සෙනසුරාදා (9) අභාවප‍්‍රාප්ත විය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට අවසන් ගෞරව
kap Monday, 11 March 2019 10:52 AM
යුනිෆෝම් ගහන ඉන්න කට්ටියම ලැජ්ජ වෙන්න ඕනේ... තමන්ගේ සගයා මරපු අයගේ මවිලක් හොල්ලන්න බැරි වුණාට...
kusalMonday, 11 March 2019 01:33 PM
අපි එහෙම කියන එක හරි නැහැ කියන එකයි මගේ අදහස.. අපි හැම වෙලේම හිතන් ඉන්නේ රටේ නීතියක් නැහැ කියලා.. එ්ක හොඳ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්වන ප්‍රශ්නය සමහර වෙලාවට එහි වෙනසක් තියෙනවා. එය අපි අවබෝධ කරගන්න ඕනෑ. මගේ රට නරක රටක් නෙමෙයි. අඩුපාඩු බොහොයි. එහෙව් අපි නිතරම රට නිවැරදි මගට ගන්න කටයුතු කලොත් නේද හොඳ සහෝදරයා...?
Raveendra Monday, 11 March 2019 11:01 AM
නොහික්මුණු පාදඩ බේබද්දන්ගේ අසීලාචාර හැසිරීම්වල අවසන් ප්‍රතිඵලයක් වශයෙන්ම "මුළුමහත් සමාජයේම සාපයට ලක්වූ නමුත් වීරයන් සේ ඇප ලබා එළියට පැමිණි එම කාලකන්නින්ගේ ඇස් ඉදිරිපිටම " අවසන් ගමන යන මෙම නිලදරියාට නිවන් සුව අත්වේවා !!! මෙවන් නීතියට අවනත නොවෙන බූරුවන් ඉන්න සමාජයක යලි නොඉපදෙවා !!!
[email protected] Monday, 11 March 2019 11:26 AM
පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය කට අරින්නේ උසස්වීම් සහ පඩි වැඩිකිරීම් සදහා විතරද?
rama Monday, 11 March 2019 11:26 AM
මරණ දඩුවම කියාත්මක කරන්න. නැත්නම් අලුත් නීති හදලා හරි ක්‍රියාත්මක කරන්න.
kulendra Monday, 11 March 2019 11:33 AM
ජනාධිපතිතුමනි මෙම නිලධාරියා අනතුරට පත්කළ අයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.
Uditha - London Monday, 11 March 2019 11:36 AM
ඔබට නිවන් සුව ලැබේවා!!! යලි කිසි දිනක ලංකාව වගේ මිනිස්සු ඉන්න රටක නොඉපදේවා!!!! දරුවන්ට තාත්තා කෙනෙක් නැති කරපු, බිරිදට තම ස්වාමියා අහිමි කරපු අපරාධකාරයන්ට තියන ලොකුම දඩුවම ලබා දෙන්න..
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 11 March 2019 11:53 AM
රවීන්ද්‍ර, මෙය ශෝකජනක අවස්තාවක් වුනත්, ඔය කියන අයට මේක ලොකුදෙයක් නොවෙයි.
පිටිගල මිලානෝ Monday, 11 March 2019 01:41 PM
නිවන් සැප ලැබේවා කියලා නවතින්නේ නැතුව ඔය වාහනේ ගමන් කළ සියලු දෙනාම මෙම මරණයට වගකිවයුතුයි යන්න පෙන්වා දෙන්න. බේබද්දෝ, මත් පෙති බීපු නොහොබිනා ළමයින්ගෙන් පිරුණු මෙම ජීප් රථයේ සිටි සියලු දෙනාටම මිනී මරුවන් හැටියට චෝදනා ගොනු කරන්න. මේ අයව සමාජයෙන් අවුරුදු විස්සකට වත් ඈත් කර තබන්න.
චමින්ද Monday, 11 March 2019 02:10 PM
දේශපාලන බලයෙන්... නිලධාරි බලයෙන් මුදල් බලයෙන් මෙලොවදී බේරී සිටිය හැකිය. නමුත් ස්වභාව ධර්මයෙන් බේරීම හා පරලොව පව්පොතේ ලියවීම කෙසේවත් මකාදැමිය නොහැක. ඒවාට කවදා හෝ විපාක ලැබෙනු ඇත. මෙය සිදුකළ අයටද ජීවත්ව සිටින මොහොතක් පාසා මෙය සිතට එනු ඇත. එම විඳවීමද පහසු නොවේ.
RaveendraMonday, 11 March 2019 02:48 PM
චමින්ද මයා වෙත , ඔබගේ වටිනා අදහස් මේ අමනුස්‍යයන් කිසිවෙකුට ඔබ පැවසු පරිදි මෙම පාපකර්මයෙන් බේරීමට නොහැක. නීතියෙන් බේරුනත් මෙය සිදුවූ මාර්ගයේ මෙන්ම ඒ අසලින් යනවිටත් මොවුන්ගේ මනස විකෘති වෙනු ඇත.
ranjith Monday, 11 March 2019 02:13 PM
මැති ඇමැතිවරුන්ගේ අසීලාචාර ඩිෆෙන්ඩර් සංස්කෘතියේ ප්‍රතිඵලයක් ලෙස මේ නිලධාරියට ජීවිතෙන් සමුගන්න සිදු වුණ මේවට එරෙහිව පියවර ගන්න කෙනෙක් මේ රටේ ඉන්නවද? රටේ අවාසනාවද මේ?
Kap Monday, 11 March 2019 03:37 PM
බමුණුආරච්චි කෝ?
kumarage Monday, 11 March 2019 03:44 PM
මේ රටේ දරුවෙක් වෙලා හරි ඉපදෙන්නේ පෙරකළ කරුමෙකට... නීතිය බල්ලට ගිය නඩු කාරයොත් පගා ගහන ලෝකෙන් උතුම් රට..අනේ මගේ කට.. දැන් කව්ද මේ අසරණ දරුවන්ට තාත්ත ගෙනත් දෙන්නේ.. පොලිසියේ උසාවියේ පිහිටෙන් ගෙදර...
Sumeda Tuesday, 12 March 2019 03:56 AM
රටේනිතිය අනුවම මේ බේබද්දන්ට නීතිය අනුව කටයුතු කරන්න බයද... ඔය ඇමතිලා පුත්තු කියන අයට තියෙන්නේ පුදුම උණක්.
ජනක027 Tuesday, 12 March 2019 06:41 AM
මේ දේ සාමාන්‍ය මිනිහෙක් අතින් වුනා නම් කොහොම වෙයිද?
Jehaan Tuesday, 12 March 2019 09:09 AM
කෝ මේ බමුනුතුමා.? හැම පාඨක අදහසකටම මැදමුලන ප්‍රතිභාව පෙන්වනවා. කෝ මේකට අනේ අපොයි කියලාවත් නැහැ. අපිට නම් සමාජයේ කාගේ වුනත් ජීවිතයක් අකාලයේ නැති වුනොත් හිතේ කනගාටුවක් ඇතිවෙනවා. සමහරවිට මෙතන කොටන වෙලාවේ ලොක්ක එක්ක මළගෙදරට සෙට් වෙන්න ඇති .
banga Wednesday, 13 March 2019 02:34 AM
මේ අනතුරට සම්බන්ධ රථයේ සිටි සියළු දෙනාම කොකේන් පරීක්ෂාවට ලක්කල යුතුයි