(ඩයනා උදයංගනී, ප්‍රසන්න පද්මසිරි සහ අයි.ආර් ඉන්දික)
බුත්තල, පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී ඇතැයි බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන පිළිබඳ නිරීක්‍ෂණ අංශය පවසයි.
එහි ප්‍රභලත්වය මැග්නිටියුට් 3.0 ක් පමණ වන බව එම කාර්යාංශය සඳහන් කරයි.
මෙම භූ කම්පන තත්වය අද දහවල් 12.10 සිට 12.13 දක්වා විනාඩි තුනක පමණ කාලයක් පැවතී ඇති අතර, එය වැල්ලවාය සහ හඳපානාගල ආදී ප්‍රදේශවලට දැනී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මෙය සුළු භූ චලන තත්වයක් බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව බියක් ඇතිකරගත යුතු නැති බවත්ය.
බුත්තල උණාවටුන බෞද්ධාලෝක මහා පිරිවෙනේ චෛත්‍යරාජයාගේ සවිකර තිබු චුඩා මාණික්‍යය පුපුරා ගොස් චුඩාමාණික්‍යය සවිකර තිබු කොටස ගැලවී ද බිම ඇදවැටි තිබේ. ඇතැමි ප්‍රදේශවල නිවාසවල ජනෙල් වීදුරු වැටී ඇතැයි වාර්තා වේ
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
භූ චලනයෙන් චුඩාමාණික්‍ය වැටෙයි
ජගත් ලියනගේ Friday, 10 February 2023 01:47 PM
ඔච්චරයි අඩු වෙලා තිබ්බේ...!
සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 February 2023 03:48 PM
රටේ දරුවන්ට හා අනෙකුත් ජනතාවට හරිහැටි කන්න බොන්න නැහැ. බඩු මිල, බඩු බර හා ඉවවහා ගිය පීඩනය නිසා නැගෙනා දුක් අඳෝනා, සුසුම්ලෑම් නීමක් නැහැ. ඒත් දේශපාලක හැතිකරය මේ ගැන වගේ වගක් නැහැ. ඉතින් මේවා අහස පොළව උහුලන්නේ නැහැ.
kumaraFriday, 10 February 2023 04:17 PM
ඔබතුමාගේ වගේ අයගේ ඡන්දයෙන් තමයි ‘හැතිකරය‘ පත්වුණේ...!
සමිත සේනක අලුත්ගමගේ.Friday, 10 February 2023 06:43 PM
කුමාර මහතා, ඔබතුමාට වැරැදි වැටහීමක් ඇතිවෙලා. මං වාගේ අයගේ වෙන්න බැහැ. මේ තීරයේ මගේ ගැන පේන්නේ ඉතා ස්වල්පයක් පමණයි. වැරැදි වැඩ කරන දේශපාලන කණ්ඩායම්වලට මං හැමදාම විරුද්ධයි...
BamunuaracchiSaturday, 11 February 2023 08:31 AM
එයා විතරක් නොවේ... ඔයත් වග කියන්න ඕනෑ.
jayasekaraSaturday, 11 February 2023 10:25 AM
ජපානය වගේ අති දියුණු රටවල් වලත් භූ චලන සිදුවෙනවා...
SanthuSaturday, 11 February 2023 03:03 PM
ඕනදේකට කාට හෝ වැරැද්ද පටවලා තමුන් සුදනා වෙනවා. තේරෙන තරම තමයි ඉතින්....
විජේවීරSunday, 12 February 2023 09:11 AM
තේ කම්හල්, බස්, කර්මාන්ත ගිනි තියලා, දක්ෂයින්ව මරලා රටේ නිපැයුම සදා අනාථ කළ කයිවාරු, ත්‍රස්තවාදී මෝඩ කල්ලිය තමයි මේ විනාසේ ආරම්භ කළේ...
ranjith Friday, 10 February 2023 04:30 PM
ජනතාව බඩගින්නේ තියලා මොවුන් කරන අපරාධයට මහපොළවත් උහුලන්නේ නැහැ.
Perera Saturday, 11 February 2023 01:43 AM
මට අර ඩෙස්මන්ඩ්ගේ සින්දුව මතක් වුණා. චූඩ මාණිකේ බලාලා යනවා මේ අපි...
Gappi Lahiri Saturday, 11 February 2023 07:31 PM
නාමල් කියලා කෙනෙක් ආවේ නැද්ද ඕකේ භාරකාරත්වය කියාගෙන?