IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මීගමුව හිරේ සුපිරි පාටියෙන්...

බන්ධනාගාර රැඳවියන්ට තහනම් භාණ්ඩ සැපයීමට අදාළ ලිපි ලේඛන කූඨ ලේඛන සැකසීම සහ විෂමාචාර දූෂණ ක්‍රියා සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා විසින් බන්ධනාගාර රැඳවියන්ට ලබා දෙන ලදැයි කියන සුඛෝපභෝගී පහසුකම් සම්බන්ධයෙන් වූ ඡායාරූප පෙළක් බුද්ධි අංශ විසින් සොයා ගනු ලැබ ඇත.

මෙම ඡායාරූප සොයාගෙන ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අතරතුරදීය.

ආරක්ෂක අංශ සඳහන් කරන අන්දමට මෙම ඡායාරූපවල දැක්වෙන්නේ මීගමුව බන්ධනාගාරයේ වාට්ටු අංක 02 හි රඳවා සිටි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන “කොණ්ඩ රංජි නොහොත් කඳානේ රංජි” නමැත්තා සහ තවත් සැකකරුවන් පිරිසක් විසින් පවත්වන ලද මත්පැන් සාදයකි.

විදුලි උදුනක්, අයිස් බඳුනක්, ඇඹරුම් යන්ත්‍රයක් (බ්ලෙන්ඩරයක්), නවීන පන්නයේ ජංගම දුරකතන රැසක්, රූපවාහිනි දෙකක්, දුරකතන චාජර් මෙම ඡායාරූපවල දැක්වෙන අතර, දුම්වැටි පානය කරමින් කාඩ් සෙල්ලම් කරන අයුරුද දිස්වෙයි.

ඇඹරුම් යන්ත්‍රවලින් බීම සකස් කරමින් සිටින අයුරු මෙම ඡායාරූපවලින් දැක්වෙන අතර, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන කිහිපයක් චාජ් කරමින් තිබෙන අයුරුද දිස්වෙයි. විවිධ කටගැස්මට වර්ග කිහිපයක් පිඟන්වල දමා ඇති අතර ශීතකළ ජල බෝතල්, විවිධ වර්ගයේ සිසිල් බීම ආදියෙන් සමන්විතව සකස් කළ සාදයේ කෑම වර්ග ඉතාමත් සුඛෝපභෝගී අයුරින් සකස් කර ඇති බව පෙනෙන්නට තිබේ.

කෑම පිසගැනීමට අවශ්‍ය කුළුබඩු වර්ග බඳුන්වල ඇසුරුම් කර රාක්ක ලෙසින් සකස් කරගෙන මෙම ස්ථානයේ තබා ඇති අතර විවිධ බිස්කට් වර්ග ආදිය ද ඇති බව ඡායාරූපවලින් දිස්වෙයි.

විවිධ ගීත ගායනා කරමින් මෙම සාදය පවත්වන අතරතුර මොවුන් ඒවා සෙල්ෆි ඡායාරූප මෙන්ම වීඩියෝ වශයෙන් ද පටිගත කර ඒ වෙනුවෙන් ම සකස් කර ගත් මුහුණු පොතේ ගිණුමකට මුදාහැර ඇති බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබිණි.

(*** සටහන - නිමන්ති රණසිංහ)



අදහස් (5)

මීගමුව හිරේ සුපිරි පාටියෙන්...

මංජුල Wednesday, 27 January 2021 08:38 AM

සිරකරුවෝද මනුෂ්‍යයන්‍ වෙති..

:       29       10

Prabha Wednesday, 27 January 2021 09:27 AM

එහෙව් සම්පායෝ ඇප පිට එළියේ...

:       0       34

harsha Wednesday, 27 January 2021 09:31 AM

කොහේද මේකේ සුඛෝපභෝගී කෑම තියෙන්නේ..?

:       8       6

fairoos Thursday, 28 January 2021 08:13 AM

එතකොට චොකාමල්ලි මීට වඩා අගේට ඉන්නේ... !!! 

:       0       1

sharm warn Monday, 01 February 2021 07:00 AM

අන්න දැක්කනේ. හිරේට ගියත් හයික්ලාස් එකෙන් යන්න දැනගන්න ඕනෑ. දැන් එතකොට සම්පායෝට ඇපදුන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32794 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site