IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මැතිඳුනි අහවරයි ඔබ පැවරූව සේවේ

මෙහෙවර පිණිස ගොස් උත්තම      දළදාවේ

නිමකර මිහිර විඳ සුමියුරු              තේවාවේ

විසිතුරු නරඹමිනි මඟ ආපසු          ආවේ

මැතිඳුනි අහවරයි ඔබ පැවරුව        සේවේ

(ආරියසේන හඳුවල)

( තිලකරත්න දිසානායක)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීමෙන් කටයුතු අවසන් කිරීමෙන් පසු  නැදුන්ගමුව රාජා හස්තියා තම හාම්පුතාගේ  ගම්පහ, නැදුන්ගමුව නිවස වෙත පැමිණියාය.

පුරා දින 11 මඟ ගෙවා මහනුවර සිට ගම්පහ නැඳුන්ගමුව නිවෙසට පැමිණ රාජා තම හාම්පුතා වූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්ම විජය මහතා හමුවට ගොස් තම රාජකාරිය අවසන් කර පැමිණි බව මේ ආකාරයෙන් දැනුම් දුන්නේය.

 

 



අදහස් (27)

මැතිඳුනි අහවරයි ඔබ පැවරූව සේවේ

ajith Monday, 13 September 2021 05:42 AM

දැන්වත් මේ ඇතාට තමන්ගේ පාඩුවේ ඉන්ට දෙනවා නම් හොඳයි.

:       39       65

එමි එමි Monday, 13 September 2021 09:02 AM

ඇත්තටම හරිම ආඩම්බරයි ජාතික සම්පතක් වන හස්ති රාජයානෙනි මුලු රටේම මිනිස්සුන්ගේ ආදරය ඔබට ලැබෙනව මෙවැනි ඉතාම වටිනා සම්පතක් රැක ගැනීම ගැන එම පවුලේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනව හස්ති රාජයානෙනි ඔබට දළදා සමිදු පිහිටයි

:       12       59

sam Monday, 13 September 2021 09:03 AM

පරිස්සමින්. මේ ආණ්ඩුව පුලුවන්නම් මේ අලියාවත් පිට රටකට විකුනන්න කැබිනට් පත්‍රිකාවක් දායි

:       37       46

ShanMonday, 13 September 2021 12:38 PM

ඇයි ඔබ මේ ඇතා සමඟ රජය සම්බන්ධ කරන්නේ? ඔබ වැනි පටු මනසක් ඇති පුද්ගලයින් සෑම විටම ඔබේ අසූචි සෑම තැනකම පෙන්වීමට උත්සාහ කරන අතර මේ දක්වා පුද්ගලයින් 10 ක් ඔබේ අසූචියට කැමතියි. මිනිසාට සහ සතුන්ට ගෞරව කිරීම. මෙම ඇතා ඉතාමත් ගෞරවනීය අලියෙකි. ඔහු කැලෑවේ සිටියා නම් දත් සඳහා යමෙකු ඔහුව මරා දමනු ඇත. ඔහු තම අයිතිකරු සමඟ ආරක්ෂිතව සිටී. ඔහු ව්‍යායාම සඳහා ඇවිදීමට අවශ්‍යයි. මෙම ගමනේදී ඔහුට එය තිබුණි. ඔබ සහ ඔබේ අනුගාමිකයින් හැර අනෙක් සියල්ලන්ම සතුටුයි.

:       22       51

JAYASEKARAMonday, 13 September 2021 02:04 PM

මේ ජාතික සම්පත දේශපාලනයට ගාවගන්න එපා

:       6       25

kamal Monday, 13 September 2021 09:05 AM

මේ අලියා පූරුවේ මොන තරම් පවක් කරලා ඇත්ද මේ වගේ තමන්ගේ රැහේ නිදහසේ ඉන්නේ නැතුව හැතැම්ම ගණන් පයින් ඇවිදින්න?

:       81       51

අනුවණයා.Monday, 13 September 2021 10:58 AM

මහලොකු බක පණ්ඩිතයා.ඒ වුනාට අලියා හා ඇතාව හෝ අඳුනන්නේ නැහැ.මේ සතා ඔබට වඩා කොපමණ පින් සහිත සතෙක්ද ? නිකං අන්ධයන් වගේ හැසිරෙන්නට එපා. මේ සතා එදා පාවාඩේ අයින්වෙලා තියෙද්දී නැවතී තම හොඩෙන් එය හදාගෙන දළදා වැඩම්මුවා ටීවී එකෙන් දැක්කේ නැද්ද ? ඔබට එය හෝ තේරුම් ගැනීමට පිනක් නැහැ.තිරිසන් කුලයේ උපණත්, මනුෂ්‍ය වෙස් ගත් ඇතැම් තිරිසනුන්ට වඩා මේ සතා බුදුගුණ දන්නවා.අනික මේ සතා ලබන උපහාර ඔබට ලැබෙනවා ද ? ඔබට ඒ වැනි පිනක් නැහැ.මේ උතුම් සතාව නිකං කඳන් අදින අලියෙකුගේ මට්ටමට දාලා කතාකරන්න එපා.මොනවාට බෙහෙත් තිබුණත්,මෝඩකමට බෙහෙත් නැහැ.ඔබ සාහරාන් කල්ලියට උදව් කරනා කෙනෙක්.ඒ වැනි නමක් දාගන්න.

:       33       67

kamalMonday, 13 September 2021 11:57 AM

අනුවණයාට ඇත්ත තිත්තයි... බුදු බණේ අලියන් ලවා වැඩගන්න කියලා දේශනා කරලා නැහැ කියලා මේ ගොල්ලන් දන්නවා. ඒත් තමන්ගේ වාසියට කබරගොයාත් තලගොයා කරගන්නවා.

:       41       38

අනේ දෙව්දත් නොදුටු මොක්පුර.Monday, 13 September 2021 01:59 PM

නිකං උම්බෑ කියන්න එපා. මහ ලොකුවට බුදු දහම ගැන කතා කරනවා.දැන් එතකොට රටේ කෙරෙන මේ දළදා සමිඳු මේ ඇතාගේ පිට වැඩම්ම වීම නරක දෙයක් ඔබ කියනා විදිහට.නැවතත් කියන්නට තියෙන්නේ මේ සතා ඔබට වඩා බුදුගුණ අගයන පින්වන්ත සතෙක්.ඔබට ඒ සතා ලබනා ගරු නම්බු,ඇප උපස්ථාන ගැන හෝ දැනීමක් නැහැ.ඔබ වැන්නන් සුදුසු සහරාන් කල්ලියට.ඔබ එය නැවත වරක් ඔප්පුකරා.බොරුවට සිංහල නමකින් ලියනවා .ඔබට මේ සංස්කෘතික දෙයෙහි අඩුපාඩු පේනවා.මේ රටේ කෙරෙන සියලු සත්ව ඝාතන පේන්නේ නැහැ.පළමුව ඔබේ කල්ලියේ අය කරන සත්ව ඝාතන නවත්වන්න.ඊට පසු අනෙක් ජාතීන් කරනා සත්ව ඝාතන නාවත්වන්නට හඬක් නගන්න.තල්මසා ගිය පාර වහන්නෙ නැහැ. හාල්මැස්සා ගිය පාර තමයි වහන්න දඟලන්නේ.සැබෑ බොදුණුවෙක් නම්,දළදා වහන්සේ වැඩම කරවන මේ සතා ගැන මේ වගේ දේ කියන්නේ නැහැ.ඔබ දේවදත්ත පරපුරේ කෙනෙක්.ඒ බව පැහැදිලියි.

:       12       15

jayasekaraMonday, 13 September 2021 02:06 PM

කමල් වෙත, උතුම් දළදා කරඬුව වැඩම වීම ඔයාට පෙන්නේ කොටන් අදින ගානටද?කොහොමත් අලි දවසට 10-13Km කෑම හොයාගෙන ඇවිදිනවා

:       8       21

janahitha UAEMonday, 13 September 2021 01:02 PM

අලි ඇතුන් දිනකට සැතපුම් 7-8ක් පමණ ඇවිදිනවා. හේතුවක් දන්නේ ඔවුන් පමණයි. නමුත් මිථ්‍යා දෘෂ්ඨිකයින්ට ඔවුන් අකැමැතිය. ඔවුන් අලි ඇතුන්ගේ දළ කපාගෙන යාමට විදේශිකයන්ට උල්පන්දම් දුන්නු නිසා අලි අැතුන් උපතින්ම බෞද්ධයෝය.. ආගම, ජාතිය වෙනස් නොකරයි...

:       7       24

SLMonday, 13 September 2021 02:32 PM

මේ අලියව හක්ක පටස් කන්න දීල මරන්නේ නැහැ ,ආදරෙන් කන්න බොන්න දීල ලොකු වත්තක බලාගන්නව, රැක බලාගන්නත් ලොකු වියදමක් යනවා ඒවත් විඳගෙන අලියාගේ දුක සැප බලාගන්නවා.. පොඩ්ඩක් හක්ක පටස් දීල මරණ අලි ගැන හොයල බලනවද ?/

:       4       22

kamalMonday, 13 September 2021 04:25 PM

තිරිසන් සත්තුන්ට වඳින බෞද්ධයෝ .හපොයි 69 ලක්ශේ හැදිලා තියෙන්නේ මෙහෙම තමයි

:       24       10

chandanaMonday, 13 September 2021 04:40 PM

බෙෘද්ධයන්‌ගේ මුදුන් මල්කඩ වන් උතුම් වූ දළදා වහන්සේ වැඩමවීමටත්, මිනිසුන්ගෙන් පවා වැඳුම්පිදුම් ලැබීමටත්, උතුම් සෙනෙහෙබර ස්වාමියකු යටතේ හැදී වැඩීමටත් තරම් භාග්‍යයවන්ත වූ පින්වන්ත වූ ඒ් මහා ඇත්රජුන්ට මමද නමස්කාර කරමි. ඇත් රජුනි.... මා මෙන් ලක්ෂ සංඛාත බෙෘද්ධයන්ට පවා නොලැබුනු උතුම් අවස්ථාවක් ඔබට ලැබී ඇත. බෙෘද්ධ වේශයෙන් පෙනී සිටින්නා වූ අබෙෘද්ධයන්ගේ අවස්ථාවාදී වදන් උපේක්ෂාවෙන් ඉවසා වදාරනු මැනවි. මිසදිටු බසට ‌කම්පා නොවනු මැනවි. ඔවුන් මේ පහර දෙන්නේ ඔබට හෝ මට හෝ නොවේ. අපගේ වසර දහස්ගණනක සංස්කෘතියටය.

:       5       21

ajithTuesday, 14 September 2021 04:43 PM

දළදා කරඩුව කිසි විටෙක දළදා මාලිගාවෙන් පිටතට ගෙන වීදි සංචාරය කරවන්නේ නැහැ

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 September 2021 10:03 AM

" දළදා සමිඳු වැඳ කොට උත්තම සේවේ .. පැමිණෙන විටදි ගරු සැලකිලි හිමි වූවේ .. දිගු දුර ගෙවා හනිකට නිවසට ආවේ .. වෙද පියතුමා දැක සෙනෙහස් දම් පෑවේ .. "

:       10       56

අහුබුදු Monday, 13 September 2021 12:33 PM

නැදුන්ගමුව රාජා හස්තියා තම හාම්පුතාගේ ගම්පහ, නැදුන්ගමුව නිවස වෙත පැමිණියාය.

:       4       15

ganegoda Monday, 13 September 2021 01:27 PM

දැක්ක දුටු තැන අලි අැත්තු මරණ අපේ රටේ මේ ඉන්දියාවෙන් ගෙනාපු අතට තියෙන ගරු සත්කාර දැක්කාම අපිට හිතෙන්නේ ලංකාව බෞද්ධ යන නාමයෙන් පමණක් සිටින මිනිස්සුන්ගෙන් පිරි රටක් කියලයි..

:       3       4

jayasekara Monday, 13 September 2021 01:59 PM

ඇයි ඔයාට මොකද්ද තියෙන අමාරුව ?NGO කාරයෝන්ගෙන් ඔයාටත් ජරාව හම්බවෙනවාද ?පුදුම අමරුවක්නේ තියෙන්නේ පෙරහැර කාලෙට කකුල් දෙකේ තිරිසන් සතුන්ට මද කිපෙනවා

:       9       10

jayasekara Monday, 13 September 2021 02:13 PM

එතකොට උඹේ ඔලුව උඩ තියලද දලඳා වහන්සේ වඩම්මන්නේ ?

:       9       10

malasMonday, 13 September 2021 04:13 PM

දළඳා වහන්සේ කොතනද කියලා තියෙන්නේ යකඩ විලංගු දාපු ඇතාගේ පිටේ තියාගෙන රට වටේ දුවන්න කියලා .මේක දළඳා වහන්සේට කරන නින්දාවක්

:       7       12

kamalMonday, 13 September 2021 04:22 PM

ජයසේකර ,උඹට ඔලුවක් නැති නිසා මගේ ඔලුව උඩ තියපන් .මම වඩම්මවන්නම්

:       15       6

jayasekaraTuesday, 14 September 2021 09:39 AM

කමල්, ඕගොල්ලෝ ඔය ගරහන්නේ වසර ගානක අපේ හෙළ බොදුනු සංස්කෘතියේ එක වටිනාම අවස්ථාවක්.

:       1       1

siri Monday, 13 September 2021 02:31 PM

මේ සත්තු දම්වැල් වලින් ගැටගසා පොල් ගස්වල බැඳ තැබීම තරම් අමානුෂික දෙයක් තවත් නැහැ.මේ සතුන්ට නිදහසේ ඇවිදින්න ඉඩකඩ සහ අවශ්‍ය ප්‍රමාණයට ජලය සැපයීමට නොහැකි කිසිම කෙනෙකුට ඔවුන් බාරදිය යුතු නැත. පෙරහැර ගැන මේ සත්තුන්ට අවභෝධයක් ඇතැයි සිතන්නට බැහැ. එනිසා පාවාඩ එලන තෙක් පාතබන්නේ නැතුව ඉන්නවා, හැකිලුන පාවාඩ සකස් කර ගන්නවා වගේ කතා හිතළු පමණයි. මේ සතුන් අයිති වනාන්තර වලටයි. පොල්ගස්වල බැඳ තබන්නට නෙවේ.

:       8       11

Anil edirisinghe Monday, 13 September 2021 04:56 PM

නුඹ පින් කළ ඇතු ර්ජෙකි

:       3       8

nomen Monday, 13 September 2021 05:20 PM

සමහරක් චීවරධාරීන් බුදුදහම විකුණගෙන කනවයි කියන එක නේද කෙටි උත්තරය...?

:       2       12

චන්දිම Tuesday, 14 September 2021 07:35 AM

මේ සමහරු කෑ ගැහුවට මේ වගේ දළ තියෙන ඇතුන් ට අපේ රටේ නම් කැලේදී නිදහසේ ඉන්න හම්බවෙන්නේ නැහැ. දළ දෙක ගන්න අනිවාර්යයෙන්ම මරලා දානවා..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 127 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6697 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 554 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site