IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මැදපෙරදිග ශ්‍රමිකයින් ගෙන්වා ගන්නැයි ඉල්ලති

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 

ලෝකයේ විවිධ රටවල මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ රටවල සේවයේ නියුතුව සිට මේ වනවිට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින සහ අනෙකුත්  ගැටළු වලට මැදිවී සිටින ශ්‍රමිකයන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස රජයට බලකර සිටීමේ නිහඬ උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද  (19) පැවැත්විණ.

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව විසින් මෙය සංවිධානය කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ඇතුළු එම එකමුතුවේ සාමාජිකාවන් රැසක් ද , මැදපෙරදිග කලාපයේ රටවල සේවයේ නියුතුව සිට මේ වනවිට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රමිකයන්ගේ පවුලේ ඥාතීන් ද  සහභාගී වුහ.

 



අදහස් (16)

මැදපෙරදිග ශ්‍රමිකයින් ගෙන්වා ගන්නැයි ඉල්ලති

M.Fhaim Tuesday, 19 January 2021 08:17 AM

අපි ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපලේදී මුදල් ගෙවන්නෙමු. හෝටල් සමඟ රක්ෂණය නොමිලේ ලබාදෙන්න...

:       1       19

RaveendraTuesday, 19 January 2021 10:45 AM

ඉර බටහිරින් පායා උතුරු දෙසින් බැස යනවා සිද්ධ විය හැකිය. එනමුත් ඔබ සඳහන් කළ යෝජනාව කිසිදා සිද්ද නොවෙනු ඇත. මක්නිසාදයත් " කිසිඳු රජයක් අද පවතින රජයද ඇතුළුව " විදේශ ශ්‍රමිකයන්ට නිසිලෙස සැලකුවේද නැත. එනමුත් ඔවුන්ගේ ලේ, කදුළු දහදිය හෙලා එවන ඩොලර් වලින් සැප වින්දා පමණි. එලෙසම මුළු ලංකාවම ඒ මිනිසුන් අනෙක විද දුක් ගැහැට විඳගනිමින් එවන ඒ ඩොලර් වලින් දවසේ තුන්වේල ගිලදැම්මා පමණි. අදටත් සිද්දවන්නේ එයම පමණි. රටවිරුවන් යයි මුරුංගා ඇත්තේ තබමින් බදුල්ල පැත්තේ කෙනෙක් නටපු නාඩගම් අපට කිසිදා අමතක නැත. තමාගේ පුරවැසියනට තමන් උපන් රටට එන්නට නොදී වළක්වා ලෝකයේ එකම එක රට අපගේ මාතෘභූමිය වීම මොනතරම් කණගාටුදායකද?

:       1       43

Sunil Tuesday, 19 January 2021 10:09 AM

තව ටික දවසක් ඔහොම ඉන්න... ගෙන්නගන්න තමයි උත්සාහය...

:       25       3

Ananda wanasingheWednesday, 20 January 2021 07:11 AM

තවම විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙලක් සකස්කර ගැනීමට බැරි වුණා. එයාර් පෝට් වහලා දැන් මාස 10ක්... විශේෂයෙන් මැදපෙරදිග අසරණ වෙලා සිටින අය හෝටල් මාෆියාකරුවන්ගෙන් බේරා දෙන්න. විදේශවලින් පැමිණෙන අය P.C.R. පරීක්ෂා කර නෙගටිවි වෙන අය ලංකාවට ආවම නැවත පරීක්ෂා කරනවා එයින් නෙගටිව් වෙන අය නිවසේ නිරෝධායනයට යවන්න වැඩ පිළිවෙලක් යොදන්න. ඉතා අඩු ආදායමක් ලබන මිනිසුන් හූරාකන්න ඉඩ දෙන්න එපා. දැනඋගත් අය නේද මේවා යෝජනා කරන්නේ? අපිට දුකයි අපේ රටට එන්න බැරිව සිටින එක ගැන. තානාපති කාර්යාල ගැන නම් කියන්න වචන නැහැ.. අනෙක් හැම රටක්ම තමන්ගේ ජනතාව තම රටට අඩු ගුවන් ගාස්තු යටතේ ගත්තා. අපි තාම දෑස් දල්වාගෙන ඉන්නවා...

:       0       21

G . SeneviratneThursday, 21 January 2021 05:48 AM

සෞදි අරාබියේ තනාපති කාර්යාලවලට කතාකළත් වැඩක් නෑ. කිසිම දෙයක් පැහැදිලිව පවසන්නේ නෑ ජනාධිපතිතුමනි.. මේ ගැන සොයා බලන්න​. මිනිස්සු අසරණයි.

:       1       0

Qatar sita Tuesday, 19 January 2021 10:30 AM

මෙහෙම හරි මැද පෙරදිග ශ්‍රමිකයින් ගැන හඬක් නගන්න ඉදිරිපත් වීම ගැන ඔබ හට ස්තුතිය පුදකරමි.

:       0       31

suga Tuesday, 19 January 2021 10:38 AM

මැදපෙරදිග සිට පැමිණෙන අය එම රටේදී PCR පරීක්ෂණය කර එය පොසිටිව් නොවේ නම් පමණක් ලංකාවට ඒමට අවසර ලැබේ. ලංකාවට ආවට පසු නැවත PCR පරීක්ෂණය කර එයද පොසිටිව් නොවේනම් තම නිවෙසේ නිරෝධායනය වීමට අවස්ථාව ලබාදිය යුතුයි. එම තැනැත්තා නිවසට යන්නේ කොරෝනා රෝගය වැළඳී නැතිබවට සහතිකයක් ඇතුව... නමුත් ලංකාවට අාවට පසු අසාධාරණ ලෙස මුදල් අයකර හෝටල්වල නිරෝධායනය විය යුතුයි. තවදුරටත්, ලංකාව තුල ජීවත්වන අය සමාජය අතරට යන්නේ එවන් සහතිකයක් නැතුවයි. අද වනවිට ලංකාව තුළ කොරෝනා ව්‍යාප්ත වී ඇත. මෙවන් තත්වයක් යටතේ කොරෝනා නැතිබවට සහතිකයක් ඇතිව නිවසේ නිරෝධායනය කිරීම කළ යුතුමයි. එසේ නොකරන්නේ, මිනිසුන් අසරණ වන අවස්ථාවේදීත් ඔවුන්ගේ මුදල් සූරා කන පිරිසක් සිටින බැවිනි. ඉහළ තනතුරු දරන අය මෙය නොදන්නවාම නොවේ...

:       0       33

අමා.Tuesday, 19 January 2021 01:22 PM

සමහරවිට, කෝවිඩ් මර්දන බලකායත්, හෝටල්කාරයින් සල්ලි දීලා අරගෙන වෙන්න බැරිද?

:       0       15

Prabha Tuesday, 19 January 2021 11:36 AM

ඔය අරාබියේ ගෙවල්වල වැඩකරන ලංකාවේ මිනිස්සු වගේද? යුරෝපයේ වැඩකරන යුක්‍රේන කාරයින්.

:       0       20

pradeepa Tuesday, 19 January 2021 01:20 PM

මම ගෝඨාභයට ඡන්දෙ දෙන්න අතින් එයාර් ටිකට් අරගෙන ඇවිල්ලා ඡන්දෙ දුන්නේ.. එහෙම කරපු අපිට දැන් අපේ රටට එන්න විදිහක් නැහැ. මම දැන් ලැජ්ජා වෙනවා. පසුතැවෙනවා එදා කළ අපරාධයට... දැන් අපේ රටට විදේශිකයෝ එනවා කැමැති කැමැති වෙලාවට... අපිට බැහැ එන්න... අපිට බොරු කළා...

:       3       62

PradeepWednesday, 20 January 2021 04:38 AM

ඔබගේ කතාවට 100%ක්ම එකඟයි. ජනතාවට සුරංගනා ලෝකයක් මවපු මේ අය කරන්නේ තම තමන්ගේ හිතවතුන් සැනසීම පමණයි. මේ අයට ජනතාව ඡන්දය භාවිතා කලේ විශාල බලාපොරොත්තු සහිතවයි. නමුත් අවසානයේ බලනවිට පෙනෙන්නේ මාරු වී තිබෙන්නේ ඔළු ගෙඩි පමණක් බවයි. ලංකාවට ඉතා සමීපයේ තිබෙන මාලදිවයිනෙහිත් අපේ අය විශාල පිරිසක් එන්න බලාගෙන ඉන්නවා. නමුත් ඒ සඳහා වැය කිරීමට සිදුවන අධික මුදල නිසා ඔවුන් ඉතාමත් අසරණවී සිටින්නේ... මීට පෙර ඩොලර් 280 - 300ත් අතර තිබූ රිටර්න් ටිකට් එකේ අද මිල ලංකාවට යන්න විතරක් ඩොලර් 489ක්... එහෙම හරි යන්න ලැබෙන්නේ දවසකට රු. 12500ක් වූ හොටෙල් කොරන්ටීන් යනවා නම් විතරයි. ආසන්න වශයෙන් රු ලක්ෂ 3ක් වත් ඕනෑ සියළු වියදම්වලට. විදෙස් ශ්‍රමිකයින්ගෙන් වසර දෙකෙන් දෙකට ලබාගන්නා බියුරෝ ගාස්තුවට මොකද වෙන්නේ? එයින් මේ ශ්‍රමිකයින්ට අත්වෙන ප්‍රතිලාභය මොකක්ද? එයින් සිදුවෙන්නේ තවත් දේශපාලන පත්වීම් ටිකකට වැටුප් ගෙවීම පමණක්මද?

:       0       6

rohitha Tuesday, 19 January 2021 06:39 PM

ඔය කියන්නේ ජනාධිපතිවරණ ඡන්දෙදී සිංහ කොඩි දාගෙන ආපු අයවද අපේ හාමුදුරුවනේ?

:       0       0

Hafeel Wednesday, 20 January 2021 04:12 AM

පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කොඩි උස්සගෙන, අතින් ගුවන් ටිකට් අරගෙන ආපු අපේ ශ්‍රමිකයින්ට නේද අද මේ ඉරණම වෙලා තියන්නේ?

:       1       4

sakalabujan Wednesday, 20 January 2021 05:59 AM

රජයට විදේශ සංචාරකයන් ගෙනත් ඩොලර් උපයන්න තියෙන උනන්දුව, දැනටමත් රටට වැඩිම ඩොලර් උපයලා එවන මැද පෙරදිග විදේශගත ශ්‍රමිකයන් ගෙන්වන්න තිබ්බා නම් කොයිතරම් හොඳද..? වැලිකතරේ ගිනි අව්වේ අනුන්ගේ ගෙවල්වල බැල මෙහෙවර කරලා... රෑ එළි වෙනකම් අනුන්ගේ ළමයි බලලා උපයන සොච්චම් මුදල රජයට කඩේ යන කෝටිපති හොටෙල් ජාවාරම් කාරයින්ට පුදලා හිස් අතින් ගෙදර යන්න වෙලා තියෙන්නේ.

:       2       10

amila Wednesday, 20 January 2021 07:32 AM

එයාර්පෝර්ට් එකේ ටෙස්ට් කරලා නෙගටිව් නම් ගෙදර... නිරෝධායනය වෙන්න අවස්ථාව සලසලා දෙන්න. දුප්පත් මිනිස්සුන්ට තරු 4,5 හෝටල්වලට ගෙවන්න සල්ලි නැහැ මහත්වරුනේ.. ඔයාලගේ කෝටිපති යහළුවෝ සතුටු කරන්න මැදපෙරදිග ගිහිල්ලා එන දුප්පත් මිනිස්සුන්ව හූරගෙන කන්න එපා. ලෝකේ කොහේවත් රටක මෙහෙම කරන්නේ නැහැ ලංකාවේ ඇරෙන්න.

:       0       5

Manju Wednesday, 20 January 2021 09:01 AM

අද තනිකරම විදෙස් ශ්‍රමිකයන් ගෙන්වීම ව්‍යාපාරයක් වෙලා. තනාපති කාර්යාලවලට කතාකළත් ඉස්සෙල්ලම අහන්නේ හෝටල් වලද නිරෝධායනය වෙන්න කැමති කියලා. ඩුබායි, බහරේන්, සෞදි වල තත්වය මේකයි. තනාපති කර්යාලවල ඇත්තන්ටත් දැන් අපිව පේන්නේ සංචාරකයෝ වගේ. වාසියට විතරයි.. එන්නත ගන්න අයට පවා වෙනසක් නැහැ. එන්නත ගන්න එකේ හේතුවවත් දන්නේ නැහැ මේ අය. වෙලවකට නිකන් පඩි ගන්න අයයි.. දේශපාලකයින් ගැන කතා කරලා වැඩක් නැහැ. මේ අයට පෙන්නන්න ඕනෑ මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. දේශපාලකයෝ බීස්නස් කාරයන්ගෙන් උදව් ගත්තම මෙහෙම වෙනවා. ලාංකිකයෝ පව්. හරි හමන් නයකයෙක් නැති එකේ වරද සුළුපටු නැහැ. අවුරුදු ගාණක් හම්බකරලා රටට සල්ලි එවන අහිංසක තමන්ගේ රටේ පුරවැසියන්ට මෙහෙම කරන එක අසාධාරණයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32761 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site