IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මැදිරිගිරියේ දැරියක් “මෛත්‍රී සීයා“ සොයා දුවයි

(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)
“ වැවක් සමග ගමක් ” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කවුඩුල්ල මිරිස්හේන ගම සංවර්ධනය සදහා අළුතින් ඉදි කිරීමට නියමිත ප්‍රජා ශාලාවට මුල් ගල තැබීම සහ ධීවර ආම්පන් බෙදාදීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව සභාවට ආ පුංචි දැරියක එකවරම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක ජනාධිපතිවරයා දෙසට දිව ගියේය.
මැදිරිගිරියප්‍රදේශයේ පදිංචි දනුල්‍යා නම් කුඩා දැරිය තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ සිටියාය. ඇය ජනාධිපතිතුමා දැකීමෙන් පසු ” මෛත්‍රී සියා “ යයි කියමින් ජනාධිපතිවරයා දෙසට දිවගෙන යාමට සැරසුනත් ජනාධිපති ආරක්ෂකයෝ ඇයගේ ගමන් මග ඇහිරූහ.
සිද්ධිය දුටු ජනාධිපති සිරිසේන මහතා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට පැවසුවේ ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙසයි. ඇය ජනාධිපතිවරයා වෙත දිවවිත්  උකුලමත වාඩි වී සුරතල් වුවාය. පසුව ජනාධිපතිවරයා අසළට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරම ජනාධිපතිවරයා සමග සිටියාය.
දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනට සමගාමීව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයකට මෙම වැඩසටහන් පැවැත්වූ අතර එහිදී මිරිදිය ධීවරයින් සඳහා  බෝට්ටු ද බෙදා දුන්නේය. උතුරු මැදි ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර, අමාත්‍ය මහින්ද අමරවීර  ඇතුළු පිරිසක සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.



අදහස් (26)

මැදිරිගිරියේ දැරියක් “මෛත්‍රී සීයා“ සොයා දුවයි

ruchi Sunday, 10 September 2017 02:46 PM

මේ වැඩේ නම් සෙට් කරපු එකක්.... වෙන්න ඇති...

:       477       1012

perakumMonday, 11 September 2017 12:14 AM

රිච් හරි. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉස්සරත් ඔහොම තමයි. අපිට නම් තවම මතකයි.

:       221       100

asadMonday, 11 September 2017 04:26 AM

මොකක්ද මේ ලොජික්? මහින්ද කළා නම් ජාතියේ අප්පච්චිනේ. අනිත් අය කළොත් සෙට් කරලා...

:       271       136

HafeelMonday, 11 September 2017 09:52 AM

ඔය වගේ වැඩවලට නම් මහින්ද මහත්තය තමයි. අපි දැක්කානේ එතුමා කිව්වා "අම්මා තාත්තාවත්" නොකියපු පොඩි බබෙක් එතුමාව දැක්ක ගමන් "ජයවේවා ජයවේවා" කියල කිව්වා කියල. එතුමා යන්න හැම අවස්ථාවටක්ම මාධ්‍යවලින් ආවරණය කරනවා. කතාව ඇත්ත නං, ඒ වනවිට මාධ්‍යවල පෙන්නලා ඇතිනේ.

:       0       152

raveendraMonday, 11 September 2017 11:30 AM

රුචි මයා වෙත, ඔබගේ අදහසට ගරුකරන අතර අපටනම් මුල් පුරවැසි අයවලුන්ගෙන් වැඩක් නැත. නමුත් ලෝකයේ තිබෙන සුන්දරම වස්තුන්ගෙන් එකක් තමා මල්වැනි කුඩා දරුවන්, එබැවින් ඉතා " අසුන්දර පසුබිමක " සුන්දර දරුවකුගේ ඡායරුප පෙලක් දැකීමෙන් අපගේ සිත් පහන් වනු ඇත. කුඩා දරුවෙකුගේ සුන්දර දසුන් පෙලක් කැමරා කාචයේ සටහන් කල මෙම ඡායාරුප ශිල්පියා දක්ෂයෙකි.

:       42       135

chanaka Sunday, 10 September 2017 03:27 PM

ප්‍රවේශමෙන් චුටි දුවේ, ඔයාගේ සීයා දැන් රටම විකුණලා, හන්බන්තොට වික්කා, මත්තල විකුනන ඔන්න මෙන්න, කොළඹ වරායත් විකුනනවා, කටුනායක 18 කණුවේ තිබුණු අධික ලාභ ලබපු එයාර්පොර්ට් එකේ පෙට්‍රල් ෂෙඩ් එකත් ගිය සතියේ වික්කා. එක නිසා ඔය චුටි බබත් බලාගෙන

:       1678       5500

maheeSunday, 10 September 2017 09:05 PM

ඔව් ඔව් දුවේ, කලින් හිටපු සීය නම් කිසිම දෙයක් වික්කේ නෑ. ඒ සීය ඔක්කොම තමන්ගේ අයට බෙදල දුන්න තමන්ටත් ලොකු කොටහක් තියාගෙන. අන්න නියම සීයල දුවේ!

:       3275       1639

samanMonday, 11 September 2017 04:38 AM

බෙදල දීපුවා කීයක් දැන් ඔප්පුකරල තියනවද?

:       46       114

raveendra Sunday, 10 September 2017 03:35 PM

අනුකරනවලට නොරැවටෙන්න කියල අප ජිවත්වන පරිසරයේත් දැන්වීම් අලවල තිබුන. ඊයේ .

:       255       694

saman Sunday, 10 September 2017 04:36 PM

ඒ රඟපෑමට සිරිසේන මහත්තයට පනමදී. තව පුහුණු වෙන්න වෙනවා

:       62       195

asadMonday, 11 September 2017 04:28 AM

මහින්ද කරනවා වගේ බොරුව නැහැ. අව්‍යාජ ගතියක් තියෙනවා. රගපෑමත් හොදට කරලා තියෙනවා මහින්දට වඩා.

:       50       48

amaMonday, 11 September 2017 08:04 AM

බොරුවක් කරන්න දෙයක් නෑ. මේ වගේ දහසක් දරුවන්ට නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දුන්නේ මහින්ද මහතා තමයි.

:       159       132

sathya Sunday, 10 September 2017 05:58 PM

මේ ඇවිල්ලා "සදහම්" ගේ ජීවවිද්‍යාත්මක කොපියක්ද...?

:       0       39

Jana Sunday, 10 September 2017 06:15 PM

මහින්ද මහත්තයා ඉස්සර ළමයි වඩා ගන්නවා උදේට හවසට කිරිපිට මිල වැඩි කරනවා..ඒ වගේ මෛත්‍රීතුමා මොනවා වැඩිකරයිද අපි දන්නේ නෑ..ඒත් මම කවදාවත් දැකලා නෑ ඔබාමා,ට්‍රම්ප්,තෙරේසා, ඇන්ජෙලා තියා මෝදි වත් දරුවෝ වඩාගෙන දඟලනවා. විධායක ජනාධිපති කියන තනතුර ඇතුලේ “විධායක“ කියන වචනාර්ථයේත් “ජන අධිපති“ කියන වචනයේත් වචනාර්ථයන් තේරුම් අරගෙන රාජතාන්ත්‍රික විදිහට රටපාලනය කරන විනයවත් සහ යථාවාදී තථාකාරී නායකයෙක් බිහිනොවන්නට මේ රට කවදාහරි වැනසිලා යන්නෙත් “ශාපලත් දිවයින“ යන විරුදාවලියෙන්මයි.

:       135       0

dilantha Sunday, 10 September 2017 06:22 PM

චානක ඔයාට අර මහරජු ළමයි ලඟට ගන්නකොට මොනවද හිතුනේ

:       68       6

Thilina Sunday, 10 September 2017 06:23 PM

කොපි කල හැක.නමුත් සමකල නොහැක. සැමදා සැමවිටම සැවොම රැවටිය නොහැක .

:       71       255

pankumburage Sunday, 10 September 2017 10:57 PM

ඕවට මිනිස්සු රැවටුන කාලෙ ඉවරයි .

:       111       137

චන්දා Monday, 11 September 2017 12:40 AM

රටේ ජනදිපති කෙනෙකුට ඇති කොමල නිදහස් සැනසිල්ලක තරම.

:       5       87

JP Monday, 11 September 2017 04:24 AM

චානක ඔබ දන්න දෙයක් නෑ. එයාර්පෝට් එකේ කටුනායක 18 කණුවේ තිබුණු අධික පෙට්‍රල් ෂෙඩ් එක කොහෙද වික්කේ? එකේ පොම්පකරුවන් මාරු කලා. දැන් අබාන්ස් එකේ පොම්පකරුවන් වැඩකරන්නේ. අපේ පොම්පකරුවකුට මාසයකට රුපියල් 80000.00 පමණ පඩි ගෙවන්න ඕනේ. ඒ අයගේ නිවාඩු අතිකාල හා වෙනත් දීමනා සමග බලනවිට පෙට්‍රල් ෂෙඩ් පාඩුයි. එමනිසා පොම්පකරුවන් ගුවන්තොටුපලේ වෙනත් අංශ වෙත මාරුකර ඒ සඳහා අබාන්ස් ආයතනයෙන් පොම්පකරුවන් පමණක් ලබාගෙන ගුවන්තොටුපලේ කළමනාකාරිත්වය යටතේ පෙරපරිදි පාලනය වෙනවා. මෙම කමෙන්ට් වල වැඩිහරියක් බොරුනේ තියෙන්නේ...

:       0       46

Chanak Los angeles Monday, 11 September 2017 04:27 AM

පෙරුම්බුදුර් හිදී රජිව්ට වුණු දේ මතක් වුණා .. රොබෝ යුගයක් නිර්මාණය වී තිබෙන නිසා පරෙස්සම් වීම සුදුසුයි ...

:       33       0

ShanakaMonday, 11 September 2017 06:54 AM

විහිළු කරන්නෑ මහත්තයෝ. ලොස් ඇන්ජලිස් හිටියත් මොළේනම් නැති පාටයි.

:       0       61

hira Monday, 11 September 2017 04:44 AM

රටේ මිනිස්සුන්ට වැලේ වැල් නැහැ, මේ අය ඉන්න relax එක බලන්නකෝ. මේවා තනිකරම සංදර්ශන.

:       1       119

saman Monday, 11 September 2017 04:44 AM

ළමයාගේ මුහුණ දැක්කම කියන්න පුළුවනි හොදට අන්දලා මේකප් දාලා, සීයා කියන්න කියලත් උගන්නල, සෙට් කරලම කරපු වැඩක් බව.

:       162       374

kumar (galf) Monday, 11 September 2017 06:28 AM

ජේසුතුමන් වෙත කුඩා ළමයින් ආපුවාම වැඩිහිටියෝ එයාලාව එලෙවුව. නමුත් ජේසුතුමා ළමයින්ව ලඟට කැඳවාලා සුරතල් කළා. ළමයින්ට හෙට කියන්න බෑ අද අවැසි දේ එයාලාට අද දෙන්න ඕනෑ.. ජනාධිපතිතුමා කර තිබෙන්නේ උතුම් ක්‍රියාවක්. රුසියානු ජනාධිපති පුටිනුත් මෙවැනි ලෙස දරුවන් සුරතල් කර තිබෙනවා.

:       73       79

Shanaka Monday, 11 September 2017 06:51 AM

මේවා පෙර සූදානම් කරපු විශේෂාංග කියලා නොතේරෙන්න අපිත් ඔය බබාලා වගේ කියලද හිතන්නේ?

:       78       150

suran Tuesday, 12 September 2017 02:18 AM

දන්න විදිහටනම් ඔය ඉන්නේ ජනාධිපතිතුමාගේ මිණිබිරිය, මේ මිණිබිරියගේ උපන්දිනේ දවසේ ගත්ත ඡායාරූප කළින් නිකුත්කරලා තිබුණා. මේ දරුවා තමාගේම සීයාත් සමග හුරතල් වෙන්නේ නැතිව කාත් එක්ක හුරතල් වෙන්නද ? කරුණු හරිහැටි නොදැන පුවත් මවමින් ජනාධිපතිතුමාව අපහසුතාවයට පත්කිරීම ගැන කණගාටුවක් ඇත්තේ.

:       21       104

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28687 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site