IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මධ්‍ය ශීලා යුගයට අයත් සාධක රජගලතැන්නෙන්

 
වසන්ත චන්ද්‍රපාල                          
                             


අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජා භුමියේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කිරිමට ආරම්භ කළ කැණීම්වල දෙවැනි අදියර පසුගියදා රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ මහා ලෙන දී ආරම්භ කළ අතර මෙම කැණීම් වලදි මධ්‍යම ශිලා යුගයට අයත් සාධක විශාල ප්‍රමාණයක් සොයාගත් බව ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව මහතා පැවසීය.


ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්මේන්තුව, සහ ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලය විසින් මෙම කැණීම් ආරම්භ කළ අතර මෙහි පළමු කැණිම 2016 වසරේ ආරම්භ කළ බවත් එයින් තහවුරු වු කරුණු අනුව මෙම කැණිමේ දෙවැනි පියවර ආරම්භ කරනු ලැබීය.


ඒ අනුව සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජීතිස්ස රජු විසින් කරවා ඇති රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ පිහිටා ඇති මහා ලෙනේ ස්ථාන තුනක මෙම කැණීම් කර තිබේ.


මෙම කැණිම්වල මුල් කාලයේ දී  මානවයා විසින් තමන්ගේ කටයුතු සඳහා  එදිනෙදා භාවිතා කරන ලද ගල් ආයුධ යැයි විශ්වාස කරන ආයුධ කිපයක් මුල් කැණිමේදී හමුවු අතර පසුගියදා ආරම්භ කරන ලද දෙවැනි කැණීම් වලදී තවත් වැදගත් තොරතුරු රැසක් හමුවී තිබේ.


දෙවෙනි කැණීම් වලදී මිනිස් දත්, ආහාරයට ගන්නා ලද සත්වයන්ගේ අස්ථි කොටස්,ආහාරයට ගන්නා ලද කැකුණ ඇට,ආහාරයට ගැනීමට ගෙනා ගොලු බෙල්ලන්ගේ කොටස්, අගුරු, අලු , සර්පයකුගේ අස්ථි කොටස්, සහ ක්ෂුද්‍ර ශිලා මෙවලම් හමුවු බව ද මහාචාර්ය ඇලෙක්සෙන්ඩර්  කපුකොටුව මහතා සඳහන් කළේය.


මෙම කැණිමේදි හමුවු  කොටස් මධ්‍යම ශිලා යුගයට අයිත් ඒවා බවට විශ්වාශ කළ හැකි අතර මෙම හමුවී ඇති සාධක සහ පස් රසායනාගාර පරීක්ෂණ වලින් පසුව  මෙහි ඉතිහාසය පිළිබඳව තවත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා කීය.


2012 රජගල පුරාවිද්‍යා භුමියේ කැණිම් ආරම්භ කළ අතර මෙහිදි ඉපැරැණි නටබුන් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. මෙම කැණීම් වලදී පිළිමගේ, ලහබද්ගේ (භික්ෂුන් වහන්සේලා දානයට පෙර හමුවු  ස්ථානය) , ජන්ඨාගරය (භික්ෂුන් වහන්සේලා  ඖෂධ පැන් ස්නානය කරන ලද ස්ථානය), දාන ශාලාව, චෙත්‍යය දෙකක් බෝධිගරයක් හමුවි තිබේ.

රජගලතැන්න කන්දට නැගිම සදහා පෙර රජ දවස පැවැති පෙත් මඟ ඒ අයුරින්ම සංරක්ෂණය කර ඇති අතර මේ වෙන විට සෙල්ලපි 80 ක් පමණ සොයා ගෙන ඇත.


මෙම පුජා භුමිය මුහුදු මට්ටමේ සිට අඩි 1035 ක් උසින් පිහිටා  තිබේ. දැනට රජගල පුරාවිද්‍යා භුමියෙන් ඓතිහාසික ස්ථාන 700 හඳුනා ගෙන තිබේ.


මෙම කාර්ය සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පි.බි.මණ්ඩාවල මහතාගේ අධීක්ෂණය යටතේ ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර , මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව. කථිකාචාර්ය ඉනෝජ් කෞශල්‍ය අබේනායක නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නිල්මල්ගොඩ  යන මහත්වරුන් ගේ මෙහයවිමෙන් මෙම කාර්ය සිදුවෙමින් පවතී .


මෙවර කැණිම් සඳහා ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලයේ උපකුලපති පුරා විද්‍යාඥ වසන්ත සිංදෙයි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ද  විශ්ව විද්‍යාල සිසුන් ද මෙයට සහභාගී වුහ.



අදහස් (7)

මධ්‍ය ශීලා යුගයට අයත් සාධක රජගලතැන්නෙන්

risvi Friday, 01 June 2018 02:25 AM

නාමුත් මෙම ප්‍රදේශයේ වෙනස් කල නොහැකි අපේ ඉතිහාසයක්ද ඇත

:       155       14

sadis Friday, 01 June 2018 03:54 AM

වැඩිකල් නොගොස්ම මේ බුද්ධ භූමිය බවට තහවුරු වනුඇත!

:       6       48

SasankaFriday, 01 June 2018 08:27 AM

ඒ කොහොමද මධ්‍යම ශිලා යුගයට අයිත් සාධක මගින් බුදුරජාණන්වහන්සේගේ බුද්ධ භූමිය බවට තහවුරු කරන්නේ ?

:       45       5

HerathFriday, 01 June 2018 12:32 PM

බලන් කඩතුරා හැර දෑසේ. එතකොට යුගයත් හරියට හමු වේවි.

:       0       4

wasantha Friday, 01 June 2018 06:04 AM

අපේ ගම ගැන ආඩම්බර

:       0       2

nuwan Friday, 01 June 2018 06:28 AM

උතුරේ, නැගෙනහිර වගේ පැති වල කට්ටිය ඕවා විනාශ කරන්නේ ඒගොල්ලන්ගේ මෑත ඉතිහාසේ විතරක් පෙන්වන්න.

:       0       180

rasika Friday, 01 June 2018 09:20 PM

මේවයේ වටිනාකම් බොහොමයි. මේවා ආරක්ෂා කරන්න ඕනේ ජාතික උරුමයක් විදියට. මේවා එක ජාතියකට ආගමකට අයිති නැ. මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම අයිතියි. තමන් අදහන අාගම දර්ශනය කුමක් වුනත්, මේ පෞරාණික අපේ උරුමය රැක ගන්න ඕනේ. නමුත් කියන්න කණගාටුයි, ලංකාවේ නොමග ගිය සුළු මුස්ලිම් පිරිසක් මේවා විනස කරනවා, ඉන්දුනීසියාව, මාලදිවයින, බංගලාදේශය වගේ 80% විතර ඉන්න මුස්ලිම් රටවලත් අතීත බෞද්ධ උරුමයන් අරක්ෂා කරනවා ජාතික උරුමයන් විදියට. ඒත් ලංකාවේ මේ විනාසය නැති කරන්න සාමාන්‍ය මුස්ලිම් ජාතිකයන් ගේ සහ අනෙක් සියලු ජාතීන්ගේ වගකීම. ඒ වගේම නිදන් හොරුන්ගෙන් රැකගන්නත් අපි වග බලා ගන්න ඕනේ. මේවා තුල තියෙනවා ඉතා වටිනා තාක්ෂණික ක්‍රම අපිට අදත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්, දාගැබ ඇතුලේ නොයෙක් වටිනා බීජ වර්ග නිදන් කරලා තියෙනවා, සමහර දේවල් අද වෙනකොට වඳ වෙලා ගිය.. තව බොහෝ දේවල්, බෙහෙත් වර්ග , පැරණි වාරිමාර්ග ක්‍රම.

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site