රංජිත් රාජපක්ෂ
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබු බවත් තවත් ජලාශ කිහිපයක් වාන් දැමීමට පටන්ගෙනත් තිබිණි.
වසර පහකට පසු මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් අඩිය බැගින් ද, කාසල්රි ජලාශය ගේට්ටු 12 මතින් ජලය වාන් දැමීමද සිදු විය.
ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.
ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් , කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබු අතර , විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතී.
පැවති වර්ෂාවත් සමඟ සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේ මෙන්ම ඩෙවොන් දිය ඇල්ලේද පහළට කඩා හැලෙන ජල ධාරිතාව ඉහළයාම නිසා එහි සුන්දරත්වය ඉහළ අගයක් ගනී.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටම ඉක්මවා යාම නිසා කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය , සහ විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවරු පවසති.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මධ්‍යම කඳුකරයේ ජලාශ රැසක් වාන් දමයි
ඇත්ත සත්‍යපාල Sunday, 19 August 2018 07:11 AM
වික්ටෝරියා රන්ටඹේ රන්දෙනිගල වැනි ජලාශ හැදීමට දැනුම දුන් හසල දැනුමැති භූ විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙක් තම ජිවිත කාලය පුරා කණගාටුවකින් හා බියකින් හිටියලු කවදා හෝ මේ මහා ජලාශයක බැම්ම පුපුරා නුවර ඇතුළු නගර රැසක් විනාශව ජිවිත රැසක් විනාශ වෙයි කියල. හේතුව ඒ එකක් ඉදිකර ඇති දුර්වල පොලොව නිසා. ඔහු කොතෙක් විරුද්ධ උවද එය දේශපාලන අධිකාරිය ප්‍රතික්ෂේප කලාලු.මහනුවර පදිංචිව සිටි එතුමා දළදා මාලිගාවට බෝම්බය ගැසූ මොහොතේ ඒ හඩ ඇසී එය ජලාශයක් පුපුරා ගිය බවට තිගැස්සී හෘර්ධයාබාධයක් හැදී එදිනම මිය ගියා. කුණු කන්ද කඩා වැටි ජනතාව මිය යන තෙක් නොදුටු රටක ජලාශයක් පුපුරා සුනාමි වියසනයට නොදෙවෙනි එකක් උවද කිසිවෙකුටත් ඒ ගැන වගක් නැති බව දනිමි. උනා හෝ නොවුනා එවැන්නක් සිදු උනොත් යටවිය හැකි ප්‍රදේශ හදුනා ගැනීම, අනතුරු හැගවීමේ ක්‍රමවේද සහ හානි අවම කර ගැනීම ගැන දැනුවත්කර තැබීම සිදුවීමකින් පසු කොමිසමක් පත් කිරීමට වඩා උචිතය.
Kumar (Gulf) Sunday, 19 August 2018 07:26 AM
කොච්චර වාන් දැම්මත් වැඩක් නෑ, තව මාස දෙකනින් කියය් ජලාශ වල වතුර මට්ටම පහත කියාලා, ඊළඟට කියය් විදුලිය කපන්න ඕනා කියාලා, ඊළඟට කියයි දැන් විදුලිය පුද්ගලික අංශයෙන් මිලට ගන්න ඕනා කියාලා, මේක මහා මාෆියාවක්. ජලාශවල ජලය හිතාමතාම අපතේ අරිනවා වෙන්න පුළුවන්.
tommySunday, 19 August 2018 10:15 AM
මා දන්නා තරමට මේ ජලාශවල වාන් දොරටු ක්‍රියා කරන්නේ ස්වයංක්‍රීයවයි. එමනිසා මේ වාන් දොරටු වසන්නේ හෝ විවෘත කරන්නේ කිසිවෙකුගේ අවශ්‍යතාව පරිදි නොවේ.
KumarMonday, 20 August 2018 01:14 AM
වික්ටෝරියා වාන් දොරටු ඉබේම ඇරෙන වග ඇත්ත නමුත් එය වැසීම කරන්න කෙන්කුවිසින් කරන්න ඕන.