IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මීරිගමදී ලොරියක් දුම්රියක ගැටේ: දුම්රිය ධාවනයට බාධා - වීඩියෝ

 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

මීරිගම  දිවුලපිටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේදී අද( 15)අලුයම සිමෙන්ති නිෂ්පාදනය ට යොදා ගන්නා අමුද්‍රව්‍ය  පැටවූ ටිපර් රියක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන්   දෙපැයක පමණ වේලාවක් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිටි අතර රියදුරන් දෙදෙනා ද සුළු තුවාල ලබාඇති බව මිරිගම පොලිසිය කියයි.

මෙම අනතුර හේතුවෙන් දිවුලපිටිය  මීරිගම මාර්ගය ද වරින් වර වසා තැබීමට පොලිසියට සිදුවිය 

අලුයම පහයි තිස් පහට පමණ කොළඹ දෙසට  මගී දුම්රිය  එන අවස්ථාවේ දුම්රිය මාර්ගය වැසීමට පෙර දිවුලපිටිය දෙසට ගමන් ගත්  ටිප ර්රිය දුම්රිය මාර්ගය මත නතර වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

දුම්රිය හරස් මාර්ගයේ බාධකය ට හානි සිදුවී නැත.  

දුම්රියේ ඉදිරිපස කොටසේ ලොරියේ පිටුපස දකුණු පස කොටස ගැටීමෙන් ලොරි රථය පොල්ගහවෙල දෙසට දුම්රිය මාර්ගය මත  පෙරළී තිබිණ. එහි පටවා තිබූ ස්ලින්කර් නැමති ගල් කැබලි දුම්රිය මාර්ගය හා ඒ අසල ඇළ මාර්ගයට වැටී තිබෙනු දැකිය හැකි විය.

 කොළඹ දෙසට දුම්රිය මාර්ගයේ මීටර් සියයක් පමණ දුරට මෙම අමුද්‍රව්‍ය කොටස් විසිරී තිබෙනු දැකිය හැකි විය.

පෙරවරු 7.00ට පමණ අනතුරට ලක් වූ දුම්රිය මීරිගම දුම්රිය ස්ථානය දක්වා රැගෙන යාමට දුම්රිය බලධාරීහු පියවර ගත්හ.ඉන් අනතුරුව කොළඹ දෙසට දුම්රිය මාර්ගය විවෘත කිරීමට කටයුතු කරනු ලැබී ය .

දුම්රිය මාර්ගය මත ඇද වැටී තිබූ සිමෙන්ති නිශ්පාදනය  සඳහා යොදාගන්නා  ගල් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය. අනතුරට ලක් වූ ටිපර් රථය හම්බන්තොට ප්‍රදේශයේ සිට පුත්තලම දක්වා මෙම අමුද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවට තොරතුරු හෙළිවී ඇත  

ටිපර් රථයේ රියදුරා සුළු තුවාල සහිතව වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර දුම්රිය රියදුරා බාහිර ප්‍රතිකාර ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. 

කොළඹ දෙසට ධාවනය සඳහා එක් දුම්රිය මං තීරුවක් විවෘත කිරීමෙන් පසුව දුම්රිය පාර මත ඇද වැටී තිබූ සිමෙන්ති නිශ්පාදන අමුද්‍රව්‍ය  කොටස් ඉවත් කිරීමට ජනතා සහභාගීත්වය ද ලැබිණි.

මිරිගම පොලිසිය හා දුම්රිය බලධාරීහු එක්ව පෙරළී තිබූ ටිපර් රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

පෙරවරු 8.20 ට   පමණ ලොරි රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඉවත් කිරීමට ආපදා රථයක් යොදවනු ලැබූ   ලැබූ අතර පෙරලුනු ලොරිය ඉවත් කරන අවස්ථාවේදී ආපදා රථයද යළි ආපදාවට ලක් වීමෙන් දුම්රිය මාර්ග දෙකම ටික වේලාවකට අවහිරයට  ලක් විය .

අනතුරුව බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ආපදා රථය හා ලොරිය  ඉවත් කිරීමට පොලීසිය හා දුම්රිය බලධාරීහු පියවර ගත්හ. 

පෙරවරු 8. 30 පමණ වන විටත් කාර්යාල දුම්රිය කිහිපයක් පොල්ගහවෙල හා අඹේපුස්ස අතර නවතා ඇති බව දුම්රිය බලධාරීහු සඳහන් කළහ. මාර්ගයේ බාධක ඉවත් කිරීමෙන් පසු එම දුම්රිය ගමනාගමනයට ද පියවර ගනු ලැබීය.

 පොල්ගහවෙල දෙසට දුම්රිය ගමන් වාර ගමන්වාර ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවය.මෙම අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයට බරපතළ හානි සිදු වී නැති බව ද දුම්රිය බලධාරීන් සඳහන් කළේය.

අනතුර පිළිබඳව මීරිගම  පොලිසිය හා දුම්රිය බලධාරීහු වෙන වෙනම පරීක්ෂණ පවත්වති.

මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වික්‍රමආරච්චි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දනන්සූරිය පොලිස්  පරික්ෂක සුබසිංහ, උප පරික්සක සේනසිංහ  ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ද වාහන ගමනාගමන හැසිරීමට කටයුතු කරනු ලැබීය.

 



අදහස් (1)

මීරිගමදී ලොරියක් දුම්රියක ගැටේ: දුම්රිය ධාවනයට බාධා - වීඩියෝ

Hafeel Wednesday, 15 December 2021 10:03 AM

මේක චීන නිෂ්පාදිත දුම්රිය කට්ටල. ලොරියක් හැප්පිලා මෙහම පපඩම් වගේ කුඩු වෙනවා නම්. චීන සහ ඉන්දියාව අපිට දෙන්නේ මේ වගේ දේවල් තමයි.

:       8       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site