IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මොරගහකන්ද විදුලි උත්පාදනය අත්හදා බැලීමට ජනපති යයි

(ක.ග. කරුණාරත්න සහ කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශයේ විදුලි උත්පාදනය ආරම්භ කිරීම අත්හදා ලැබීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (2) ජලය මුදා හැරිණ.  ජනාධිපතිවරයා එහි පරිගණකයක් ක්‍රියාත්මක කරමින් විදුලි බලාගාරයට ජලය මුදා හැරීම ආරම්භ කළේය.

විදුලි බල උත්පාදනය අත්හදා බැලීම සඳහා එක දිගට පැය 72ක් ජලය මුදාහැරීමට නියමිතය.
විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන ජලය අඹන්ගඟ සහ ඇළහැර  ඇල ඔස්සේ පරාක්‍රම සමුද්‍රය ඇතුළු රජ රට වැව් රැසකට ගමන් කරයි.

ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස හමුවේ පැවැසුවේ  මෙම සුන්දර මොහොත දැකීමට  තමන් සිහින දකිමින් සිටි බවයි. මොරගහකන්ද ජලාශයේ මේ වන විට ජල පරිමාව අක්කර අඩි 3,20,000 දක්ව ඉහළ ගොස් තිබේ. එය පරාක්‍රම සමුද්‍රයේ මුළු ධාරිතාව මෙන් තුන් ගුණයකි.

ක.ග. කරුණාරත්න



ඡායාරූප කාංචන කුමාර ආරියදාස



අදහස් (27)

මොරගහකන්ද විදුලි උත්පාදනය අත්හදා බැලීමට ජනපති යයි

daham Saturday, 02 December 2017 11:30 AM

අනේ ඇත්තට මහින්දගේ කාලේ මොනවත් කරලා නැහැ. හොරකම් කරපු එක විතරමනේ.

:       920       1316

asadSaturday, 02 December 2017 12:30 PM

මහින්ද කරපු වැඩක් කියලද දහම් මහත්තය කියන්නේ?

:       816       781

ශාන සෞදි Saturday, 02 December 2017 12:44 PM

අැයි කලේ උමාඔය, සැන්ග්‍රිල්ලා හෝටල්, ගල්අඟුරු බලාගාර, විල්පත්තුව නිවාස යෝජනා ක්‍රමය, සරත් ෆොන්සේකාට පින්සිදු වෙන්න යුද්ධය ඇයි මදිද?

:       1811       2070

shanakaSunday, 03 December 2017 06:24 AM

සරත් ෆොන්සේකා ඊට කලින් පොල්ගෑවද? මහින්ද එන්න කලින් ඉවර කරන්න එපැයි...

:       1023       973

HafeelSunday, 03 December 2017 02:31 PM

ශානක මහත්තයෝ, ෆොන්සේකා මහත්තයා පොල්ගෑවාද කියලා රටම දන්නවා. හමුදාපතිකම බාරගන්නකොටම එතුමා කිව්වා. ඊළඟ හමුදාපතිට මේ යුද්ධය ඉතුරු කරන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමා විසින් වගකීමක් බාරදුන්නා නම් රටේ සිදුවූ සහ සිදුවෙන අපරාධ සියල්ලම ඉවරයක් කරයි.

:       1361       1819

pmjMonday, 04 December 2017 07:17 AM

අනුන්ගේ දානේ ගෙදර වෙස්සන්තර වෙනවා කියන්නේ මේවට තමයි....

:       80       45

amaraWednesday, 06 December 2017 06:44 AM

ෆොන්සේකා පාර්ට් එක නැත්නම් කොමෙන්ට් එක ක්ලැසික් තමයි.

:       0       1

erdiSaturday, 02 December 2017 03:20 PM

දහම් මහතා, ලෝකේ එකම රට අරයගේ වැඩේ, මෙයාගේ වැඩේ කියමින් රණ්ඩු වෙන රටක මිනිස්සු දේශපාලකයන්ට ඡන්දෙ දෙන්න රට හදන්න. (බලද්දී මේ අය රටේ මිනිසුන්ට වැඩ කරන එක පැත්තක තියලා හොරකම් කරපු එක විතරයි. වැඩි දෙනෙක් කරලා තියෙන්නේ.) ඒක ඇස්පනාපිටම පේනවා. මොන පක්ෂයේ දේශපාලකයෝ කලත් නවත්වපු තැන ඉඳන් ඉදිරියට ගෙනයන එක තමා කාගේත් වගකීම.

:       0       46

SisiraSaturday, 02 December 2017 09:52 PM

මොරගහකන්ද පටන් ගත්තේ 2007 දී. දන්නා කෙනෙක් කියන්න 2014 දෙසැම්බර් වෙනකොට කොච්චර වැඩ ඉවර වෙලා තිබ්බද කියලා. ඇත්තටම මෙතුමාව සතුටු වෙන්න පුළුවන් බාගෙට කරපු එකක්... මුදල් වෙන් කරපු වැඩක් ඉවර කරලා නෙමේනේ. මේ වගේ ලොකු වැඩක් පටන් අරන් තියෙනවද කියන්නකෝ 2015 න් පස්සේ....

:       42       425

shan saudi Tuesday, 05 December 2017 10:33 AM

මෙතුමාට සතුටුවෙන්න පුළුවන් මොකද මෙතුමා කෘෂිකර්ම ඇමති කලේ පටන් අරන් මහින්ද ආණ්ඩුවෙන් බාගෙට කරලා ඒකට වෙන්කරපු මුදල් ටික මහින්දගේ උන් හොරකම් කරගන වැඩේ නවත්වල දැම්මට පස්සේ මේ ආණ්ඩුවේ යලිත් මුදල් වෙන්කරලා මෙතුමාටම එකේ වැඩ අවසන් කරන්න ලැබුණු එකට

:       0       2

සිවන්ත Saturday, 02 December 2017 01:05 PM

මට මහින්දවත්, මෛත්‍රිවත් වැඩක් නැහැ. හැබැයි මහින්ද කරපු අතරමග නතර කරපුවා කලේ නැත්නම් කෑගහනවා සංවර්ධනේ නැවතිලා... මහින්ද හොරකම් කරගෙන හරි සංවර්ධනේ කළා කියලා. කරලා ඒවා හොඳ තත්වයට අාවට පස්සේ ආයේ කෑ ගහනවා. මහින්ද හදපුවා විවෘත්ත කරනවා කියලා. තේරෙන්නේ නැහැ මේ ලොජික්. හැමදේමට දේශපාලනේ ගාවගන්න මෝඩ මිනිස්සු ඉන්න රටක් වෙලා මේක දැන්. මලාට රට දියුණු වෙන්නෙත් නැහැ. කෑ ගහන අය දියුණු වෙන්නෙත් නෑ.

:       312       387

Nandalal DE SILVA - France Saturday, 02 December 2017 01:22 PM

රට ආලෝකමත් කරන, රටේ ගොවිජනතාවගේ සිත් ප්‍රබෝධමත් කරන සුන්දර මොහොතක්! ඔබට දැන් සතුටුද ?

:       56       101

karu Saturday, 02 December 2017 02:19 PM

මේක මුලින්ම පටන් ගන්න හැදුවේ 1950. සිරිමාවෝ මැතිණිය මේක 70 ගණන්වල හදන පටන්ගන්න කොට ආණ්ඩු පෙරළුණු නිසා බැරිවුණා. 2007 මහින්ද මහත්තයා පටන්ගන්න හැදුවේ 11 වෙනි වතාවට. එ්කත් වැඩිපුර දකුණු පළාතට කරපු නිසා ප්‍රමාද වුණා.

:       91       89

චන්දන Saturday, 02 December 2017 04:37 PM

මෙවන් උසස් වාරි කර්මාන්තයක් ඉදිකරලීමට වූ දායකත්වයට ලැබෙන මානසික සුවය ඉතා වටිනවා. ජනාධිපතිතුමාටත් පෙර රජවරුන්ට දැණුන සතුට සහ සුවය දැනෙනවා නියතයි.

:       130       151

V.warnakulasuriya Saturday, 02 December 2017 08:07 PM

මේවා අත්හදා බලනවාට වඩා හිටපු හොරුන්වයි, ඉන්න හොරුන්වයි ඉක්මනින් සිර ගෙවල්වලට යැව්වොත් යම්තම් ජාම බේරාගැනීමට හැකිවේවි!!! බණ්ඩාරනායක නාමයට යම් ගරු කිරීමක් තිබේ නම් යායුතු ගමනක්ද ඇත. එය හොරු සමඟ දීග කෑමක් නොවේ. අන්තවාදීන් නොවන නීතිගරුක ජනතාවගේ අපේක්ෂාව අත්හදා බැලීමට මෙතුමාට පුළුවන. මෙතුමා තමන්ගේ ගෞරවය රැක ගන්නා දේශපාලකයෙක්ද යන්න අනාගතයේ අපි බලා සිටිමු.

:       146       20

ඉන්දික Sunday, 03 December 2017 01:14 AM

මේ රටේ දුප්පත් ජනතාවට දියවර ලැබෙන තවත් යෝද ජල ව්‍යාපෘතියක එක් පරිච්ඡේදයක් ආරම්භ වී තිබේ. එි ආරම්භය කවුරැන් කළ ද අවසානය කවුරැන් ක ද නුපන් පරපුරක් මෙහි ප්‍රතිලාභ ලබන්නෝ වෙති. මේ ජලයේ කිිසිදා නිල් හෝ කොළ රතු වර්ණයක් දැකිය නොහැක. ඇත්තේ රටේ ජීවනාලිය සදහා එක්වන රන් දියවර පමණි. පටු දේශපාලන අරමුණු ඉවත ලා මේ රටේ අහිංසක ජනතා අවශ්‍යතාවක් වෙනුවෙන් කටයුතු කල ජනපති තුමණි ඔබට පිං...............

:       165       172

jiffriSunday, 03 December 2017 06:00 AM

ඉන්දික ඔයාගේ අදහස් අගය කරමි.

:       0       22

ArjunaSunday, 03 December 2017 07:04 AM

ඉන්දිකගේ කතාවට මා එකඟ වෙමි. නමුත් රටේ ජාතික ප්‍රතිපත්ති, ව්‍යාපාර ඉදිරියට ගෙනයාම රටක ජනාධිපති හා පාලකයන්ගේ වගකීමකි. ඔවුන්ව පත්කර ඇත්තේ ඒ සඳහාය. එම නිසා මේවා පටන්ගත් අයටවත්, කරගෙන ගිය අයටවත් අවසන් කල අයටත් මහජනයා පින් දිය යුතු නැත. මේ සියලුම දේ සඳහා වැයකර ඇත්තේ මහජනයාගේ මුදල්ය.

:       35       49

shanaka Sunday, 03 December 2017 06:26 AM

මෙතුමා හරි උගත් නිසා මේවා ගැන හොයල බලන්න යනවා...

:       101       30

shan saudiMonday, 04 December 2017 04:43 AM

ශානක තමන්ගේ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.... සිරිමාවෝ මැතිණිය රටේ සංවර්ධනය කලේ කිසිම උපාධියක් හෝ නැතිව කෙනෙකුගේ හැකියාවන්, දැනුම් සහතික වලින් මනින්න එපා. ඔය කියන මහා ලොකු උගත්කම තියා කරන ගොන්කම්, හොරකම්, මැරකම් දිහා බලපුවාම ඒ අයට වඩා පාසල් නොගිය අයගේ ක්‍රියාකාරකම් වටිනවා... දන්නවාද කොළඹ - නුවරට දුම්රිය මාර්ගය හදනකොට සුද්දට හදා ගන්න බැරිව හිටපු එක තැනක් හදන්න කියා දුන්නේ ගොවියෙක් කියලා දැන් ඉන්න අයට හොරකම, මැරකම, වාචාලකම උප්පත්තියෙන් පිහිටුවට රටකට වැඩදායි දෙයක් කරන්න මොලේ නැතිකම තමයි රටටම හේනේ වෙලා තියෙන්නේ...

:       0       9

sunil Sunday, 03 December 2017 08:53 AM

මොනිටර් එක දිහා බලාගෙන ඡන්දෙ ප්‍රතිඵල ගනින්න ලැහැස්තිවෙනවා වගේ මට පෙනෙන්නේ. එකක ලොකුවට පෙනෙන්නේ කොළ පාට නේද?

:       83       73

PansiluMonday, 04 December 2017 04:00 AM

ඔබේ නිල්පාට කණ්ණාඩි ගලවලා බැලුවොත් අනිත් පාටත් පෙනෙන්න පුළුවන්.

:       1       1

AMARAKOON Monday, 04 December 2017 03:11 AM

පවතින රජය අපගෙන් බදු එකතුකරන්වනේ එහෙනම් රට සංවර්ධනය කරන්න ඕනි.... එක මොන ජනාධිපතිද කියල එකක් නෑ.... පහුගිය රජය අරක කර මේක කරා කියන්නේ එයාලා ගෙදරින් ගෙනල්ලා නෙමෙයි රට සංවර්ධනය කරේ....... ජනතාවගේ බදු මුදලින්. ඔය කියන මහ හොරු හරියට බදු ගෙවනවද කියල හිතට එකගව සිතන්න....

:       0       50

Nuwan Monday, 04 December 2017 05:36 AM

මේකත් මහින්දගෙ කාලෙ වැඩ ආරම්භ කරපු එකක්

:       2       77

naushi Monday, 04 December 2017 08:44 AM

මහින්ද ජනපතිතුමා ගොඩක් දේවල් ආරම්භ කළා. නමුත් ඉවරකරේ නැහැ. ඉවරකරන්න කලින් ඒවායේ මුදල් වලට පවුල් පිටින් වැඩේ දුන්නා.

:       102       313

samanTuesday, 05 December 2017 04:34 AM

එකනේ දැන් සාධාරණ අය පත්කොරගෙන ධාර්මිකව ආණ්ඩුව කොරගෙන යන්නේ අර (ආසියාවේ ලොකුම බැංකු මකොල්ලය) මහබැංකුව කොල්ල කාපු එක ඉතින් (ඔබතුමාලට)සුළු දෙයක් .

:       0       21

saman Wednesday, 06 December 2017 04:20 AM

මවුස් එක බලාගෙන ඉන්න කොම්පියුටරේ එ්කමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 72 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 218 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site