(ඩයනා උදයංගනී)
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට පොතුහැර දක්වා වන කොටස ලබන නොවැම්බර් මාසයේදී විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් මේ වන විට කඩිනමින් නිම වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම මාර්ග කොටස විවෘත කිරීමට නියමිතව තිබුණේ ඉකුත් මැයි මාසයේ වුවත් යහපාලන රජය සමයේ ඉදිකිරීම් පමාවීම හේතුවෙන් එය නියමිත දිනට විවෘත කිරීමට නොහැකි වූ බව ද අමාත්‍යවරයා කීවේය.
මාර්ගයේ මෙම කොටස විවෘත කිරීමෙන් පසු ජනතාවට ඉතා ඉක්මනින් මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කිරීමට පහසුකම් ලැබෙන බව ද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෙරට මාර්ග ඉතිහාසයේ අලුත් පිටුවක් නොවැම්බරයේ
kamal Thursday, 30 September 2021 12:59 PM
නොවැම්බරයේ ඉඳන් කොමිස් ණය ගෙවන්න ලෑස්තිවෙමු.. සුබ අනාගතයක්...
fairoos Thursday, 30 September 2021 01:02 PM
මේකටත් අර පට්ටියේ ඉන්න 225ම නම් දාලා විවෘත කළා නම් හරි..!!!
ලමය Thursday, 30 September 2021 01:58 PM
අනුන්ගේ වැරදි අඩු පාඩු පෙන්නන එක තමයි මේ දෙගොල්ලන්ගේම උපන් ගෙයි පුරුද්ද? දැන් මෙයා තමයි කෙරුම කියලා පෙන්නන්න යන්නේ... හැබැයි මිනිස්සු ඔය දෙගොල්ලන් ගැනම දන්නවා.. ඔහේලාට තඩි පඩි ගෙවන්නේ, මාලිගා වගේ වාහන, ගෙවල් අපි දීලා තියෙන්නේ ඕවා කරන්න... ඒ හින්දා ලොකු ටෝක්ස් දෙන්න එපා ලොක්කා...
ගාමිණී කරුණාරත්න Thursday, 30 September 2021 03:49 PM
හොඳ වැඩක්. (1) කඩවත සිට මීරිගම දක්වා (2) පොතුහැර සිට කුරුණෑගල දක්වා (3) කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගවල තත්ත්වය කොහොමද? ඒවා විවෘත කරන්නේ කවදා වගේද?
සමිතා Thursday, 30 September 2021 03:51 PM
ජොන්ස්ටන් වචන 10 කිව්වොත් 9ම පසුගිය රජය... පසුගිය රජය... පසුගිය රජය..
nalin Thursday, 30 September 2021 04:33 PM
යහපාලන රජයෙන්නේ ඕක කරන්න පටන්ගත්තේ... ඔවුන් හිටියා නම් ඔයිට කලින් ඕක ඕපන් කරලා... මෙයාලා තමයි මේක පරක්කු කෙරුවේ. ඕක ලංකාවේ සමාගම් වලට තමයි දුන්නෙ මෙයාලා හිටියා නම් ඕකත් චීන්නුන්ටම තමයි දෙන්නේ...
Bamunuarachchi Thursday, 30 September 2021 04:34 PM
මෙවන් ව්‍යාපෘතිත් රටට එපා කියන ජෙප්පන් ඉන්නවා.
කුසල් Thursday, 30 September 2021 08:33 PM
මේ අධිවේගයේ කඩවත ඉඳන් මීරිගමට හැදෙන්නේ එක්කො ඊළඟ ආණ්ඩුව යටතේ... නැතිනම් ඊළඟ ආත්මයේ.. ගම්පහ අපි හරිම අවාසනාවන්තයි ඒ අතින්...
Raveendra Friday, 01 October 2021 06:48 AM
අපි තමයි මේ සියල්ල කලේ "අපේ පුද්ගලික" ධන පරිත්‍යාගයෙන් ඒ නිසා නම් ගම් රන් අකුරෙන් ලියන්න ඕනේ බෝඩ් ලෑලිවල මිට "විපක්ෂය
kamal Friday, 01 October 2021 01:13 PM
මේ මංතීරු දෙක ජාතියක් අධිවේගයෙන් ප්‍රපාතයකට ඇදගෙන යන හැටි ශෝචනීයයි.. භයානකයි.
විපරමා Friday, 01 October 2021 03:23 PM
දේශපාලුවන් ගසා කාපුවා නොවෙන්න මුලු රටේම පාරවල් හදන්න තිබුනා .