(රොමේෂ් මධුෂංඛ)
ඓතිහාසික මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මහා දිව්‍ය පූජා දේව මෙහෙය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන්ට අනුකූලව පැවත්වූ බවට මඩු දේවස්ථානයේ පාලක පෙප්පි සුසෙයි පියතුමා පැවසීය.
අවසන් මහා දිව්‍ය පූජා දේව මෙහෙය ඊයේ (15) උදෑසන 6.15 ට පැවති අතර එම දේව මෙහෙයන් වෙනුවෙන් මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු , ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ , මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු, අනුරාධපුර රදගුරු නොර්බඩ් අන්රාඩි යන පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දේව මෙහෙය අවසන් වීමෙන් පසුව මරදමඩු ජපමාල දේව මාතාවගේ පිළිරුව මඩු දේවස්ථානයේ රැස්ව සිටි බැතිමතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා වීදි සංචාරයක ද රැගෙන යාම සිදු කෙරිණි.
මන්නාරම් මරදමඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් දේව මෙහෙය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
එහිදී අවසන් දේව මෙහෙය පැවත්වූ අවස්ථාවේ බැතිමතුන් ඇමතු මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු හිමිපාණෝ මෙසේ පැවසූහ.
‘මඩු මාතාවන්ගේ පාමුලට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි සිට බැතිමතුන් විශාල වශයෙන් පැමිණ තිබෙනවා. ඒ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමි. ඒ වගේම කොරෝනා වයිරසය සැමටම තර්ජනයක් වී ඇති මේ මොහොතේ සෞඛ්‍ය නීති වලට අනුව ඔබ මෙහි පැමිණ ඇත. එවැනි අවස්ථාවක පැමිණ ඇති ඔබ සියලු දෙනා මඩු මාතාවන විසින් අත්නොහැර රැක බලාගනු ඇත. යනුවෙනි.
මඩු වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වූ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ආරක්ෂක අංශ හා මඩු පොලීසිය විසින් අවශ්‍ය පියවර ගනු ලැබීය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මරදමඩු මංගල්‍යය උත්සවාකාරයෙන් අවසන් වෙයි
hira Monday, 17 August 2020 06:47 AM
අපරාදේ කාලය, ශ්‍රමය, ධනය...
sinhala kollek Tuesday, 18 August 2020 08:09 AM
පිස්සු හැදෙනවා ඓතිහාසික වෙන්නේ කොහොමද අප්පා සුද්දගේ කලේ හදපු ඒවා? යකෝ එහෙනම් අපේ ඓතිහාසික දේවලට මොකක්ද කියන්නේ?
බද්රානිWednesday, 19 August 2020 06:33 AM
ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් භක්තිකයන් නම් ඔවුන්ගේ ආගමික සිද්ධස්ථාන හා සංස්කෘතියත් ආරක්ෂා කරගෙන ලස්සනට කාලා ඇඳලා ජීවත් වෙනවා. ඔහෙලා අනුන්ට වෛර කරමින් ඒ කිසිම දෙයක් නැතිව, තියන දේවලුත් විනාශ කර ගනිමින් වනචාරීන් වගේ ජීවත් වෙනවා. දේශපාලකයින් දෙවියන් ලෙස සලකමින් දේශපාලන සංස්කෘතිය තුල ඔවුන්ගෙන් හිඟාකාගෙන අරාජිකව ජීවත් වෙනවා. පූජකයන්, "දේශපාලකයින් සරණං ගච්ඡාමි" වෙලා ඇත්ත ඇහෙද්දී, නම් ගැරඬින්ට භුමිතෙල් ගෑවුණා වගේ දඟලනවා.
DerricThursday, 20 August 2020 04:28 AM
අපොයි ඔව්, අපි දැක්කා ලස්සනට ජීවත් වෙනවා අප්‍රේල් 21 වෙනිදා සිද්ධියත් එක්ක...
බද්රානි Tuesday, 18 August 2020 10:24 AM
ඉස්සර ඔය දේවස්ථානය මහා ඝන කැලයකිනුයි වටවෙලයි තිබිලා තියෙන්නේ. එම කැලෑව තුල ගොඩක් නරි සිටි බව මම අසා තිබෙනවා. පහු කාලෙදී ඒ නරි රංචු පිටින් ගම් වැදුණා. ගම් වැදුණයි කියලා නරින්ට මනුස්සයින් වෙන්න බැහැනේ කවදාවත්.. මොකද, ආගමක් දහමක් හරයක් වැටහෙන එකක්යැ.. ඔවුන් අදටත් මිනිස්සුන්ව දැක්කම හූ කියනවා. අවසානයේ නරි දන්නෙත් නැහැ උන්ගේ ඓතිහාසික ගල් ගුහා ටික වෙන අය පැහැරගෙන...!!!
Nimal Tuesday, 18 August 2020 02:58 PM
ශුද්ධ වූ බයිබලයේ මෙවැනි උත්සව නැත. මේවා ශුද්ධ බයිබලයට සම්පූර්ණයෙන්ම පටහැනි බව කිතුනුවෙක් වශයෙන් පැවසීමට හැකියි.
sharm warn Wednesday, 19 August 2020 03:48 AM
ඓතිහාසික ඇසළ පෙරහර සිදුවෙන කොට කිසිම ක්‍රිස්තියානි විශ්වාසකයෙක් මේ වගේ කතා කියලා තියෙනවද? මම නම් දැකලා නැහැ. එහෙම නම් 7%ක් පමණ වෙන කතෝලිකයන්ගේ විශ්වාසයට සම්බන්ධ මේ දේව මෙහෙය ගැන මේ තරම් පහත් කතා කියන්නේ තමන්ගේ පහත් මානසිකත්වය නිසාද? ලස්සනම කාර්යය තමයි සිංහල,, බෞද්ධ යැයි කියාගන්න නායකයෝ බොහෝමයක් මේ තැන්වලට ගිහින් වැඳලා එනවා. එතකොට කවුරුවත් කටවල් අරින්නේ නැහැ. සිංහල මිනිස්සු කියන්නේ කුහක ජාතියක් නෙමෙයි මම දන්නා තරමට... මේ කුහකකම පෙන්වන්නේ අර බද්‍රානි කියපු කැලෙන් පැනපු නරිම තමයි.
JeewanThursday, 20 August 2020 04:38 AM
අපෝ ඕනේතරම් බලාගන්න පුළුවන්. සංචාරක කර්මාන්තයට භාවිතා කරන අලි, රේස් දුවන්න භාවිතා කරන අශ්වයො, මරන්න ගන්න හරක්, එළුවො ගැන නොදැනෙන මහා කරුණාවක් පෙරහැරේ යන අලි ගැන ඇතිවුනේ ඔහෙලාට තමයි. එහෙම කරුණාව ඇති වෙන එක හොඳයි... වරද පෙරහැරේ යන අලි ගැන විතරක් ඒක ඇති වෙන එකයි. අපේ උත්සව වලට හැම තිස්සෙම අපරාදෙ ඔය සල්ලි දුප්පත් මිනිහෙක්ට දෙන්න තිබුණා කියන ඔහෙලගේ අය ක්ලබ් ගිහින් දවසට ලක්ශ 20, 30 කැසිනෝ ගහලා එනවා. තියෙන්නෙම බොරු සෝබනේ විතරයි.