IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මුලතිව් කැලේ සතුන්ට හමුදාව දිය දන්දෙයි

 

 


 

 


 
(රොමේෂ් මධුෂංඛ)

මේ දිනවල මුලතිව් දිස්ත්‍රීක්කයට පවතින අධික පෑවිල්ල හේතුවෙන් පවතින ජල හිඟයෙන් වන සතුන් මුහුණ පා ඇති ජල හිඟයට විසඳුමක් වශයෙන් රක්ෂිත කැලෑවලට ජලය සැපයීමේ වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් ආරම්භ කර තිබේ.

මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්‍ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන් හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ 64 වැනි සේනාංකයේ භට පිරිස් විසින් රක්ෂිතය තුළ ජල රැඳවුම් ස්ථාන හඳුනාගෙන යුද්ධ හමුදා ජල බවුසර් යොදා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම ජල සැපයීම මගින් වන සතුන්ගේ ජල පිපාසය සංසිදෙන අතරම යුද හමුදා බවුසර් යොදා ගනිමින් පීඩාවට පත් ප්‍රදේශවලට වැසි සමය ආරම්භ වන තෙක්ම ජලය සැපයීමටද යුද හමුදාව පියවර ගෙන තිබේ.



අදහස් (12)

මුලතිව් කැලේ සතුන්ට හමුදාව දිය දන්දෙයි

හිරාන් Thursday, 10 May 2018 04:49 AM

අගය කල යුතු කටයුත්තක්.

:       21       119

Raveendra Thursday, 10 May 2018 05:39 AM

ඉතාමත්ම හොඳ සත් ක්‍රියාවක්.

:       21       65

pradeep Thursday, 10 May 2018 05:54 AM

ක්‍රියාව අගය කරනවා හදවතින්ම

:       22       105

Hafeel Thursday, 10 May 2018 06:40 AM

සතුන්ට පමණක් නොවේ, අවසන් සටනේ උතුරෙන් ආපු ද්‍රවිධ ජනතාවට තමන්ගේ ආහාර, වතුර ඔවුන්ට පරිත්‍යාග කළා. වෛද්‍ය පහසුකම් කළා. මෙවැනි උතුම් රණවිරුවන්ටයි අද අනවශ්‍ය චෝදනා එල්ල කරන්නේ.

:       16       192

susanthaThursday, 10 May 2018 07:30 AM

ඕකට කියන්නේ ගුණමකුකම කියලා හෆීල්. ඒ අය‍ට රණවිරුවෝ කරපු හොද වැඩ පෙන්නේ නැහැ. කොහොමහරි හිරේ දාන්න හදන්නේ.

:       97       191

MaheeThursday, 10 May 2018 03:22 PM

දේශපළුවො නම් ඔහොම කතා කියන්නේ ආණ්ඩුවට මඩ ගහන්න ඕන වුණාමයි. දැන් හෆීල් එහෙම කියන්නේ නම් ඇත්තටම රණවිරුවෝ කියන්නේ කවුද කියලා අවබෝධයක් නැතුව වෙන්න ඕනෑ. කවුද ඔබ ඔය කියන "අනවශ්‍ය චෝදනා" එල්ල වුණු රණවිරුවෝ? නම් කරන්න බලන්න. මට නම් කියන්න පුළුවන් සරත් ෆොන්සේකා ගැන. අන්න රණවිරුවෙකුට අනවශ්‍ය චෝදනා එල්ල කෙරුවා විතරක් නෙමෙයි දරුණු ලෙස පළිගත්ත අවස්ථාවක්...

:       50       196

RNG Friday, 11 May 2018 08:10 AM

කට හින්දලුනෙ මාළුවා නහින්නෙ"..එහෙම කතාවක් ඔබ අසා තිබේ නම් සරත්ට අත් වූ ඉරණම ද එය යැයි වටහා ගන්න...

:       106       26

SK Thursday, 10 May 2018 07:37 AM

ඕනෑම රටක හමුදාව විපත්තියකදී කලයුතු දේවල් පිළිබඳව සදහන්වෙනවා. ආරක්ෂාවට ප්‍රමුකත්වය දුන්නත් මෙවැනි දේවල් කිරීම සඳහා තමන් සතු සම්පත් උපයෝගී කිරීම උතුම් දෙයක්.

:       0       40

Darshana Thursday, 10 May 2018 07:38 AM

උතුරෙන් හමුදාව ඉවත් කලාම කවුද මේවා කරන්නේ...

:       0       42

shan saudi Thursday, 10 May 2018 07:45 AM

ඉතාමත්ම හොඳ සත් ක්‍රියාවක්.

:       0       34

ඇතා Thursday, 10 May 2018 03:20 PM

වන සතුන්ට වතුරදෙන ඔබට ගොඩක් පිං. දැනට වසර හතළිහක පමණ කාලයක සිට වියළි කලාපයට හරියට වහින්නෑ. කැලෑ වේලිලා. අලි ඇතුළු සතුන් ගම් වදින්නේ කැලෑවල වතුර නැති නිසා. මෙයට තියෙන හොඳම විසඳුම කැලෑවලට ස්ථිරව වතුර සැපයීම. මොරගහකන්ද සහ දැදුරු ඔය ජලාශවල සිට වතුර ගෙනයන වාරි ඇලවල් කැලෑ හරහා ගෙනයාමෙන් මෙය විසඳිය හැකියි.

:       0       2

PIYAL BATUWANGALA Friday, 11 May 2018 02:31 PM

හොද වැඩක් තෙරුවන් සරණයි

:       102       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 269 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site