IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මවකගේ බරට දානය

  (තිලකරත්න දිසානායක)


 ජාත්‍යන්තර මව් වරුන්ගේ දිනයට සමගාමීව ගැබිණි මව්වරුන් 50 දෙනෙකු වෙනුවෙන්    " මවක්  බරට දාන පුජාවක් " අද (13) පෙරවරුවෙදී ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරස්ථානයේදී පැවැත්විණ.


  රජ සමයේදී රටට සෙත් පතා ඇතුන් බරට මව්වරුන්ට දානය පිළිගැන්වීම සිහිපත් කරමින් ගම්පහ , මැදගම (3) ග්‍රාම නිලධාරී සමන් ප්‍රියන්ත මහතාගේ සංකල්පයකට අනුව පෙර සාම මහා විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුජාව පැවැත්විණි.


 සෝමසිරි නාහිමියෝ අනුශාසනාවක් කරමින් වර්ෂ 1055 දී  පළමුවන විජයබාහු රජු විසින් මෙවන් දාන පුජාවක් පවත්වා ඇති බව අඹගමුව සෙල්ලිපියෙහි සදහන්ව ඇතැයි පැවසුහ.


  ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම දානය සදහා ප්‍රදේශ කිහිපයකින් ගැබිණි මව්වරුන් තෝරා ගන්නා ලදි.
මව් වරුන්ට එක් එක් මවකගේ බරට ආහාර වර්ග , එළවලු , පළතුරු , ඹෟෂධ සහ වස්ත්‍ර පුජාව කරන ලද්දේ තරාදියේ එක් පසෙක මව හිදුවා එම බරට අනෙක් පසට එම ද්‍රව්‍ය පිරවීමෙනි. මෙහි එක් මවක් කිලෝ 77 ක් බර වුවාය.

  මෙම අවස්ථාවට මහා සංඝරත්නය ,  ජනතා නියෝජිතයෝ  සහ රාජ්‍ය නිලධාරීහුද  එක්ව සිටි අතර අවස්ථාව දැකබලා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ. 


 

 



අදහස් (10)

මවකගේ බරට දානය

Raveendra Sunday, 13 May 2018 10:00 AM

අප සැවොම අගය කළයුතු සත් ක්‍රියාවක්. මේ සඳහා අවංකවම දායක වුණු ගිහි, පැවිදි සියල්ලන්ටම තම තමන්ගේ බලාපොරොත්තු එලෙසම ඉෂ්ඨ වේවා.!!!

:       672       2942

thissa Sunday, 13 May 2018 10:26 AM

ඉතාම හොද වැඩක් ඉදිරියටද මේවා විය යුතුය.

:       0       1702

chris Sunday, 13 May 2018 11:02 AM

පව්, කෙට්ටු අම්මලා ඒ ගොල්ලන්ට බඩු ටිකයි හම්බ වෙන්නේ. සමහර විට ඒ ගොල්ලෝ කෙට්ටු වෙලා තියෙන්නෙත් කෑම අඩු පාඩු හින්දා වෙන්න ඇති. බර අඩු අම්මලට වැඩිපුර දුන්නා නම් තමයි හොඳ... කමක් නැහැ ලද දෙයින් සතුටු වෙන්න.

:       690       652

sena Sunday, 13 May 2018 01:14 PM

මට පරණ සින්දුවක පදයක් මතක් වුණා. මිනිසා දන්දෙනවාලු දුගියෝ වැඩි වෙනවාලු..

:       883       93

Senuri Sunday, 13 May 2018 04:40 PM

මගේ පැතුම මේ හම්බුවන්න ඉන්න බබාලටවත් මේ දීන මානසිකත්වයෙන්පි ගැලවෙන්න හැකි රටක් බිහිවේවා කියලයි

:       733       338

sarath Sunday, 13 May 2018 05:22 PM

ග්‍රාම නිලධාරී මහත්මයට මේ රටේ විධායක ජනාධිපතිවත් වෙන්න හිතුනද ...!

:       112       13

lalithsjm Tuesday, 15 May 2018 02:20 AM

අවුරුද්දට එක දිනයක් නොවෙයි අවුරුද්ද පුරාම ජිවිත කාලයටම අම්මා තාත්තා බලා ගත යුතුයි.

:       0       0

indika Tuesday, 15 May 2018 05:00 AM

හොද ක්‍රියාවක්. නමුත් කිරලා දානේ දෙන එක අනුමත කරන්න බැහැ.

:       1       0

Bamunuarachchi Friday, 18 May 2018 03:02 AM

අනේ මේවා විකාර වැඩ නොවෙයිද. මව්වරුන් තරාදිවල නංවාගෙන කරන විකාර. දෙන දෙයක් දීල හිත සතුටින් යවන්න.දරිද්‍රතාවය නිසා කෙට්ටු බර අඩු අම්ම කෙනෙක් ලැබිය යුතු ප්‍රමාණය අඩුවිය යුතුද. ඒ අම්මලත් දුප්පත් කමට නගින්න කියන ඕනෙම ඉනිමගක නගීවි. නමුත් අනික් මිනිස්සු දැනගන්න ඕනේ තමන් කරන්නේ මොනවාද කියලා. මට්ටන්ගේ සෝබන වැඩ.

:       0       0

Bamunuarachchi Friday, 18 May 2018 03:05 AM

මේ අම්මලා උඹලට කිරිදුන්නෙත් මැනලද පුතේ. මුන්ට හරියට හිතන්න පුලුවන්නම් මෙරටට මෙහෙම වේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 186 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 400 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site