IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මහ පාරේ දඩ වැඩි කළාට උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

මාර්ග නීති කඩ කිරීමේ  දඩ මුදල රුපියල් 25000 වැඩි කර ආණ්ඩුවේ වැය ජනතාවගෙන් අයකර ගන්න තවත් මාර්ගයක් හදාගත්තා යැයි වෙනසක තාරුණ්‍යය සංවිධානයේ ජාතික කමිටු සංවිධයක සුජිත් කුරුවිට මහතා අද (22) කොළඹ නගර සභාව අසල පැවති උද්ඝෝෂණයක දී පැවසීය.

‘මාර්ග නීති කඩකිරීමට අපි පක්ෂ නැහැ. මාර්ග නීතිකඩ කිරීම නවත්වන්න ඕනෑ. එයට පරිසරය හදන්න ඕනෑ. තදබදය අඩු කරන්න ආණ්ඩුව මාර්ග පුළුල් කරන්නේ නැතිව ආණ්ඩුව රථ වාහන තදබදය හා මාර්ග නීති කඩ කරන්න සිද්ධ වෙලා තියන තත්වය තමන්ට තව අදායම් මාර්ගයක් බවට පත් කරගන්නයි මේ යෝජනා කරලා තියෙන්නේ’ යැයි ඔහු සඳහන් කළේය.



අදහස් (23)

මහ පාරේ දඩ වැඩි කළාට උද්ඝෝෂණයක්

ටින්කිරි බණ්ඩා Tuesday, 22 August 2017 11:16 AM

මාර වැඩක්නේ මේක. රටේ නීති හදන්ඩ ඕනේ බයික් කාරයින්ටයි ත්‍රීවීල් කාරයින්ටයි ඕන විදියටද? දෙන්ඩ තියෙන්නේ මේගොල්ලන්ට කැරලි මර්ධන පොලිසිය දාල

:       0       0

Rizwan Dubai Tuesday, 22 August 2017 11:27 AM

පේන හැටියට මේ පිරිස තමා මහපාරේ වැඩියෙන්ම වැරදි වැඩ කරන අය

:       0       0

රවින්ද්‍ර Tuesday, 22 August 2017 11:28 AM

නීති කඩන්නෙ නැතිව පාරේ යන්නකෝ එතකොට දඩ ගෙවන්න වෙන්නෙ නැහැනේ.. රුපියල් ලක්ෂයක් විතර දඩ ගන්න ඕනේ මේ අයට ....

:       0       0

aravinda Tuesday, 22 August 2017 11:34 AM

ඔය කියන හැටියට මාර්ග පුළුල් කරන්න රටේ සල්ලි තියනවද? කල යුතුව තිබෙන්නේ, තිබෙන මාර්ග වල මාර්ග නීතිය පිළිපදිමින්, විනයගරුකව රිය පැදවීමයි. එසේ නොකොළොත් දඩ ගැසීම සාධාරනයි.

:       0       0

kapi Tuesday, 22 August 2017 11:42 AM

ඔබලාට සුමානෙ දවසක මේ වගේ කාලෙ කන්න පුලුවන්නම්, ඒ කියන්නෙ ඔබලා රස්සාවක් නොකරන අය. ගෙදරින් නිකන් කකා,තාමත් දෙමාපියන්ගෙන් යෑපෙන අය වෙන්න ඕනෙ.

:       0       0

ase Tuesday, 22 August 2017 11:43 AM

දඩ වැඩි කරන්නත් එපාලු මාර්ග නීති කඩ කරනවාටත් එකඟ නැතිලු , හත්වලාමේ මොවූන්ට මොනවද ඕනේ ??? හරියට යනවම්නම් බය වෙන්න දෙයක් නැහැනේ , හැමදේම දේසපාලනය කරන්න එපා ?? කව්ද මේකේ පස්සෙන් ඉන්නේ ??

:       0       0

kamal Tuesday, 22 August 2017 11:48 AM

ඕනවට වඩා නිදහස දුන්නම හැම එකෙනාම එනවා කරපිට නගින්න. රටේ දවසට වන රිය අනතුරු පිලිබදව මේ අයට අවබෝධයක් තිබේද ??

:       0       0

ranavi Tuesday, 22 August 2017 11:54 AM

අනේ මන්ද උද්ඝෝෂණ නැති දවසක් නෑ. මේවා සංවිධානය කරන අයට මොලයක් නැද්ද වැරදි නොකර පාරේ යනවනම් දඩ ගෙවීමක් අවශ්‍ය නෑනේ. මේ මිනිස්සු අත තියන විරෝධී පුවරු දැක්කම පෙනෙනවා සැබැ අරමුණ මොකක්ද කියන එක.

:       0       0

Roshan Tuesday, 22 August 2017 12:31 PM

මමත් වාහන එලවනවා. යතුරු පැදි, කාර්, ලොරි සහ සමහර අවස්ථාවල බසුත් එලවනවා. මේ ක්‍රියාත්මක දඩ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තමන් හරියට යනවනම්

:       0       0

de silva berlin Tuesday, 22 August 2017 12:36 PM

සාධාරණ උද්ගෝෂණයක්,

:       0       0

ජයතිස්ස Tuesday, 22 August 2017 12:44 PM

එතකොට ලාභෙට මාර්ග නීති කඩන්න දෙන්න කියලද මෙයාල කියන්නේ

:       0       0

dias Tuesday, 22 August 2017 02:37 PM

අධික වේගයෙන් සහ නොසැලකීලි ලෙස රිය පදවා අනතුරු කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් දිය යුතුයි

:       0       0

thamindu dulvan Tuesday, 22 August 2017 02:42 PM

මාර්ග නීති කඩ නොකරන අය මොකටද දඩ වලට බය වෙන්නේ? මේ රටේ වෙන සමහර අනතුරු දිහා බැලුවම පොලිසියට ආණ්ඩුවට වෙන විකල්ප ඉතිරි වෙලා නෑ. අකමැත්තෙන් හරි කැමැත්ත දෙන්න වෙනවා..

:       0       0

srimala Tuesday, 22 August 2017 05:58 PM

මේ මොන විහිලුවක්ද ? මොන රටේද නීති කැඩීම සඳහා උද්ගෝෂණ කරන්නේ. කව්රු කව්රුත් මාර්ග නීති පිළිපැද්දොත් කිසිම දඩයක් නැනේ. මෙයාල කියන්නේ බීමතින් රිය පැදිමටත්, බලපත්‍ර නොමැතිව හා අඩු වයසින් රිය පැදීමට අවසර දෙන්න කියලද ??

:       0       0

himal Tuesday, 22 August 2017 06:20 PM

මේ සුජිත් කුරුවිට කියන්නේ අන්තරේ හිටපු නායකයෙක් නේද? එදා තිබ්බ පුරුදු තාමත් තියෙනවා. තමන්ගේ කෙනෙක් මහමඟ අනතුරකින් විපතට පත් වුනාම මාර්ගනීති දැඩිව ක්‍රියාත්මක නොකිරීමේ ඵල විපාක පෙනෙයි. මේකෙන් ආණ්ඩුවට ආදායමක් යන එක වැරදි නම් කරන්න ඕන හරියට පාරේ යන එක. මේ දඩ වලට එරෙහිව ලොකුවට කෑ ගහන බයිසිකල්, ත්‍රීවීල් හා බස් පාරේ හරි අපූරුවට යනවානේ.

:       0       0

රෝහිත Tuesday, 22 August 2017 07:20 PM

ඔය පෙළපාලිය යන වෙලාවේම පොලීසිය දෙන්නෙක් තුන්දෙනෙක් අල්ලලා හොඳ දඩයක් ගහන්න තියෙන්නේ. අනේ අපේ මිනිස්සු අනවශ්‍ය දේවල් වලට කාලේ කන හැටි. ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ?

:       0       0

rohan Wednesday, 23 August 2017 03:02 AM

මාර්ග නීති හරියට පිළිපදිනවා නම් අැයි දඩවලට බය? මමත් රියැදුරෙක්...

:       0       0

බණ්ඩාර(කැකිරාව) Wednesday, 23 August 2017 03:47 AM

විනීත රියදුරන් හදන්න මේ විදිහට දඩ ගහල විතරක් මදි ,බරපතල වැරදි කලාම අවමවශයෙන් මාස 3 ටවත් හිරේ දන්නා ඕන , අවමවසයෙන් අවුරුදු 1 වත් රියදුරු බලපත්තරය තහනම් කලයුතුව් වෙනවා. මේ නීති දෙසපලුවන්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ටත් වලංගු වියයුතුයි. ලෝකයේ වෙනත් රටවල යොදාගන්න මාර්ග නීති,රියදුරන්ගේ විනය පිළිබද ඇති නීති සහ මගියන්ගේ ආරක්ෂාවට යොදා ඇති නිති පද්දති ගැන මනාලෙස අධ්‍යනය කර අපිටම ගැලපෙන ක්‍රමයක් නවීන තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කලොත් , ශ්‍රී ලංකාවෙත් මාර්ග නීති පිළිපදින විනීත රියදුරන් ඉබේම ඇතිවේවි

:       250       364

parakkramaWednesday, 23 August 2017 07:55 AM

මාර්ග නීති කඩන අයගේ පමණක් නොව , එසේ කැඩීමට ඉඩ දෙන ලෙස ඉල්ලා මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කරන අයටත් රු. 5000/= කවත් දඩයක් ගහල ,රියදුරු බලපත්‍රය ත් අවුරුද්දකට අත්හිටුවන්නැයි තියෙන්නේ. එහෙම නැතිව මේ නැහැදිච්ච් අයව හදන්න බැහැ. මෙහෙම දඩ ගහලා ආණ්ඩුවේ ආදායම් වැඩිකරගන්නයි හදන්නේ කියන විෂබීජය ඉදිරියට දාල කවුද මේ අයව කුලප්පු කරවන්නේ ?

:       0       0

himalWednesday, 23 August 2017 09:09 AM

ලංකාවේ නීති සම්පාදනය කරද්දී කොහොමත් ආදර්ශ වශයෙන් වෙනත් රටවල දේවල් ගන්නවා තමයි. ඒත් දඩ වලින් විතරක් පුළුවන් බැරි දෙයක් මෙතන නෑනේ. දඩත් අවශ්‍යයි, ඒකත් එක්තරා දඬුවමක්. ඔය කියන නව තාක්ෂණය අධ්‍යයනය කරලා එනකන් මේකෙන් හරි පාලනය කරන්න ඕනෑ.

:       0       0

appuhami Wednesday, 23 August 2017 08:04 AM

ඇයි දන්නේ නැහැ හෙල්මට් දාගෙන යන්නේ?

:       0       10

සසන්ජේ Wednesday, 23 August 2017 10:18 AM

මාර්ග නීති රැකිය යුතුයි එකේ තර්කයක් නැහැ. හැබැයි දඩ මුදල් වැඩි කිරීම පොලිස් රාලහාමිලාට නම් වෙස්වලාගත් ආශීර්වාදයක්. මා දන්නා තරමින් වාහනයෙන් බැහැල පොලිස් රාලහාමි ලඟට යන ටිකට දඩ කොලේ ලියලා ඉවරයි. අඩුගානේ වචනයක්වත් කතා කරලා පැහැදිලි කරන්නවත් ඉඩක් නැහැ. ඒ තරම් පහත් විදිහට පොලිස්කාරයෝ රියදුරන්ට සලකන්නේ. නමුත් කනේ වැලි ගෑවෙන්න යන ප්‍රයිවට් බස් වලට ඒ නීති නැහැ. ඒ දිනපතා කප්පන් ගෙවන නිසාද? දඩයක් ලියද්දි නිලධාරින් දෙදෙනෙකු සිටීම අනිවාර්යයිලු. ඒ සාක්කියක් හැටියට. නමුත් ඉතිහාසයේ කොහෙහරි තියනවද තම සහෝදර නිලධාරියාට විරුද්දව සාක්කි දුන් නඩුවක් එහෙම? නඩුත් හාමුදුරුවන්ගේ ,බඩුත් හාමුදුරුවන්ගේ. මෙහෙව් රටක ඉපදුන පාපේ.

:       0       0

ajith liyanage Monday, 28 August 2017 06:09 AM

මේ බයික් කට්ටිය නිසා තමයි වෙනත් වාහනවලටවත් නීතියට අනුව යන්න බැරි. වමෙන් ඉස්සර කරලා වාහනයට ඉදිරියෙන් ආයෙමත් දකුණට දාල තමයි මේ ගොල්ලන් බයික් පදවන්නේ. වමෙන් ඉස්සර කරන අයට දඩය තවත් වැඩි කරන්න ඕනේ. නැත්නම් මේ ගොල්ලන් කවදාවත් හැදෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 269 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site