(මාවනැල්ල සමන් විජය බංඩාර)
උත්සවයක් සඳහා පැමිණි ස්වාමීන්වහන්සේ නමක් අපහසු අසුනක අසීරුවෙන් අසුන්ගෙන සිටියදී ඇමතිවරුන් සැප පුටුවල සිටි අකාරය අද (30) අරණායකදි දැක ගැනිමට හැකි විය. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ නිවාස හා ඉදිකිරිමේ අමාත්‍යංශය මගින් නිවාස ණය ආධාර ලබා දිම වෙනුවෙනි.
උත්සවය සංවිධානය කරන ලද පිරිස් එහි වැඩම කළ මහා සංඝරත්නයට පනවා තිබු ආසන නිසා උන්වහන්සේලා ඉතා අපහසුවෙන් සිටි අයුරු එහි ගිය ඕනෑම අයකුට පහසුවෙන් දැකගත හැකිවිය. උත්සවය උදෑසන 9.30 ආරම්භ විමට සැලසුම් කර තිබුණත් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වන විට දහවල් 11.00 පසුවී තිබිණ.
උත්සවය සඳහා මුලින්ම වැඩම කරනලද නායක ස්වාමින් වහන්සේ දෙනමගෙන් එක් ස්වාමින් වහනේසේ නමක් උත්සවය ආරම්භ කිරීමට ප‍්‍රමාද වු නිසා එම ස්ථානයෙන් පිටත්ව ගියහ. උන්වහන්සේලා දෙනමටම අසුන් ගැනීමට පනවා තිබුණේ සාමන්‍යයෙන් හෝටලයක උත්සව අවස්ථාවේ භාවිතා කරන පුටුය. එහෙත් මැති ඇමැතිවරුන්ට සැප පුටු යොදා සූදානම් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබිණ.
නිවාස හා ඉදිකිරිමේ අමාත්‍යංශය මගින් නිවාස ණය ආධාර බෙදා දීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම උත්සවයේදි ප‍්‍රතිලාභින් 1000 කට රුපියල් ලක්ෂ 1635 නිවාස ණය අධාර ප්‍රදානය කෙරිණ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහා සංඝරත්නය අපහසුවෙන් සිටියදී ඇමතිවරු සැප පුටුවල
abaran Sunday, 30 April 2017 07:03 AM
මේ වගේ උත්සවවලට හාමුදුරුවරුත් මොකට වඩිනවද? දන්නේ නෑ ...
kalpa Sunday, 30 April 2017 07:04 AM
නැවත වැඩම කළා වූ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නtස්කාරය වේවා !!!
kalpa Sunday, 30 April 2017 07:04 AM
ආපසු වැඩමකළ ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය...
ajith Sunday, 30 April 2017 07:25 AM
2004 සිට රට අගාධයට ගිහිල්ල තියෙන්නේ
ලුම්බිණි Sunday, 30 April 2017 07:44 AM
පසුගිය අවුරුදු දහය පහළොව තුල වෙච්ච වෙනසක් තමයි මේක. දේශපාලකයන්, හාමුදුරුවරුන් සමග එකට අසුන් ගැනීම පුරුද්දක් උනා. දැන් තවත් ඉදිරියට ගිහින් හාමුදුරුවරු සුවපහසු නැති අසුන් වලත් දේශපාලකයන් සුවපහසු අසුන් වලත් වාඩි වෙන්න පටන් අරගෙන. තව ටික කලකින් දේශපාලකන්ගේ පුටු වලට සුදු රෙදිත් හාමුදුරුවරුන්ට නිකම් පුටුත් එනවා නොඅනුමානයි.
manavi Sunday, 30 April 2017 08:04 AM
එහෙම තමයි අපේ රටේ.
chaminda Sunday, 30 April 2017 02:15 PM
ඔබ වහන්සේ සාවධානව ඉවසා සන්සුන්ව සිටීමෙන් රටට අවශ්‍ය පණිවිඩය ලබාදී ඇත. බොහොම පින්...
ධම්ම Sunday, 30 April 2017 02:25 PM
ඇමතිතුමා රබර් සෙරෙප්පු දාගෙන ඉන්නේ...
siri Monday, 01 May 2017 07:06 AM
ජනතා මුදලින් නඩත්තුවෙන මෙවන් මහජන නියෝජිතයින්ට ලඟදීම පොළියත් සමග ලැබෙයි. එයාල හිතාගෙන ඇති මේ එයාලගේ වරප්‍රසාද කියල. එතන තමා මෙයාලට වරදින තැන.
suraj Monday, 01 May 2017 07:07 AM
අද දිනය වන විට මෙරට බුද්ධ ශාසනයට දැඩි තර්ජන එල්ල වී ඇත. නමුත් ඒ වෙනුවෙන් හඬ නගන ස්වාමීන් වහන්සේලා ඉතා අල්පය. දේශපාලනයන්ගේ අවශ්‍යතා සදහා හඬ නගන ස්වාමීන් වහන්සේලා ඉටවද බොහොසෙඉන් වැඩිය. බික්ෂූන් වහන්සේලාට හිමිතැන අහිමිඋනේ උන්වහන්සේලගේම ක්‍රියාකලාපයන් නිසාය. සංඝරත්නයට හිමිතැන නැවත ලබාගැනීමටද, හැකිවනුයේද උන්වහන්සේලාටමය. නිකාය භේදයන් හෝ දේශපාලන භේදයන් බුද්ධ පුත්‍රයන්ට අවශ්‍ය නැත.
hemantha Monday, 01 May 2017 07:08 AM
පුටුවේ උස ගැන හිතල විතරයි තියෙන්නේ... ගෞරවය ගැනවත්, උන්වහන්සේලාගේ සුව පහසුව ගැනවත් හිතල නැහැ.
himal Monday, 01 May 2017 08:32 AM
කොහොමද මේ පුටු සැපද නැද්ද කියලා තීරණය කරන්නේ? ගෙදරක තියෙන සාමාන්‍ය ඇඳි පුටු එක්ක කුෂන් කරපු පුටු තියලා තියෙනවා. කිසිම කෙනෙක් අපහසුවෙන් ඉන්න බවක් පේන්න නෑ.
mahinda Monday, 01 May 2017 11:38 AM
වරද පෙන්වාදීම හොඳයි. නැවත නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සංවිධායිකයින් ආගමික නායකයින්ට ආරාධනා කරනවා නම් ඒ විධියට සැලකිය යුතුයි...