IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


මුහුදු රකුසා පල්ලියවත්ත දූපත ගිලගනී

පද්මා කුමාරි කංකානම්ගේ 

කල්පිටි අර්දද්දීපයට අයත්,පල්ලිය වත්ත දූපත බරපතළ ලෙස මුහුදු ඛාදනයට ලක්වෙමින් පවහින බැව් වාර්තා වේ.  මේ හේතුවෙන් බකිංහැම් පැලස්,අරලිය ගහ මන්දිරය ඇතුලු ධීවර නිවාස සහ වාඩි රැසක් ද මුහුදු ඛාදනයට ලක්ව ඇත.  දූපත සිතියමෙන් මැකී යන තරමටම මුහුදු ඛාදනය වැඩිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

කල්පිටිය ජෙටියේ සිට කිලෝ මීටර 33ක් දුරින් පිහිටි මෙම දූපත බත්තලංගුන්ඩුව දූපතට කිලෝ මීටර තුනක් දුරින් පිහිටා ඇත. ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට කිලෝ මීටර අසූවක දුරකි.

හෙක්ටයාර හැටයි දශම අටයි නවයක බිම් වපසරියකින් යුතුව,ධීවර පවුල් පන්සියයකට පමණ සෙවන සැලසූ පල්ලිය වත්තේ බිම් වපසරියේ  මේ වන විට   හතරෙන් එකකට පමණ අඩු වී ඇතැයි දූපත්වාසී ධීවර ප්‍රජාව පවසති.  

 මේ පිළිබදව පුත්තලම දිසා ලේකම් චිත්‍රා නන්ද මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ,මෙම දූපත් මුහුඩු ඛාදනය පිළිබදව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඇතුළු  අදාල බළධාරීන් දැනුම්වත් කර ඇතිබවය. 



අදහස් (8)

මුහුදු රකුසා පල්ලියවත්ත දූපත ගිලගනී

gagana Sunday, 07 May 2017 07:25 AM

දැන් ඉතින් මුහුදෙන් වැලි අරගෙන දූපත උස්සන එක තමා කරන්න තියෙන්නේ...

:       1       6

ravin Sunday, 07 May 2017 08:23 AM

එතකොට ඔය ප්‍රදේශයේම (කිට්ටුවම) තව හරියක් තිබුණානේද? මූදු වැලි ගොඩගහල මෝය කටවල් එහෙම වැහෙන හරියක්... එහෙමනම් මේ සිද්ධිය ස්වාභාවික පරිසර විනාසයක් නේද?

:       0       1

shan saudi Sunday, 07 May 2017 11:53 AM

මිනිසුන්ගේ අවිධිමත් ක්‍රියාකාරකම් හා පරිසරය ගැන නොසැලකිලිමත්කම පුද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් මිනිසා විසින් කරනු ලබන නොමනා ක්‍රියා පිළිවෙත් නිසාත් බිම වටා ඇති කඩොලාන විනාශ කිරීම අපට දැකිය හැකිය. තමන් ජීවත්වන වටපිටාව හා එහි ආරක්ෂාව හොඳින්ම කල හැක්කේ එහි වෙසෙන ජනතාවට මිස රජයේ කාර්යාල වල ඉන්න නිලධාරීන්ට නොවේ. උදාහරණයක් ලෙස ගත්විට අපේ රටේ වැසි වනාන්තර විනාස වන්නේ එකී වනාන්තර ආරක්ෂා කරන හා සංවර්ධනය කරන ආයතන වල නිලධාරීන් නිසා නොවේ. එම වනාන්තර වටා ජීවත්වන මිනිසුන්ගේ නොමනා ක්‍රියා කාරකම් නිසාවෙනි. අතීතයේ ගම්වල තිබු මාවත් පිළිසකර කලේ ගමේ ජනතාවයි අද අලියෙක් වැටුණත් ගොඩවන්නට නොහැකි වලක් තිබුණත් පස් පිඩැල්ලක් එයට දමන්නට කිසිවෙක් කටයුතු නොකරයි.. මෙය සමාජයේ පිරිහීම වන්නේය.

:       0       15

arschfikaa Sunday, 07 May 2017 12:44 PM

ඔබ හරි ශාන් සෞදි... කාර්යාලවල සැපට ඉන්න අයට මේක කරන්න බැහැ. ඒ අය ඉන්නේ පත්තරවලට අත්සනක් කරන්නට විතරයි. එ්කටත් ලක්ෂ ගණන් අල්ලස් දෙන්න ඕනේ.... මේ විනාශයට එහෙම විකල්පයක් හොයනවා තියා,...මේක පිහිටලා තියෙන තැනවත් දන්නැති අය තමයි ඔතන ඉන්නේ...

:       0       1

sisira Sunday, 07 May 2017 01:03 PM

අර ඉස්සර කාලේ හිටපු පොළොන්නරුවේ පස් කන යකා කල්පිටියටත් අවිල්ලාවත්ද?

:       1       6

dias Monday, 08 May 2017 02:05 AM

මෙම දුපත වේල්ල ගොඩකර ටිකක් පීඩනයට ඔරොත්තු දෙන්න හැදුවොත් හොඳයි. ධීවරයන් වෙනුවට සංචාරක කර්මාන්තය සඳහා යොදවමු. මෙයින් වැඩි අදායම ලබාගත හැකියි. දුපතත් ආරක්ෂා කළ හැකියි.

:       0       0

abayasekara Monday, 08 May 2017 05:07 AM

නොරෝච්චෝලි ගල් අගුරු නිසා කල්පිටිය අර්ධදීපයම මෙලෙසම මුහුදට දියවීයාමට හැකි බවට කළ ප්‍රකාශ ගණන් නොගත්ත අපි කවද පාඩම් ඉගෙන ගනීද ?

:       0       0

Shafeek Hameed Tuesday, 09 May 2017 11:47 AM

"මේ හේතුවෙන් බකිංහැම් පැලස්, අරලිය ගහ මන්දිරය ඇතුළු ධීවර නිවාස සහ වාඩි රැසක් ද මුහුදු ඛාදනයට ලක්ව ඇත." .....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6688 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6299 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18379 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1332 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 404 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site