(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර මහ නගර සභාවේ 2022 වර්ෂ අයවැයට එහි විපක්ෂය වන පොදුජන පෙරමුණ විරුද්ධ නොවුනැයි කියමින් විපක්ෂයෙ මන්ත්‍රීවරයකු තම පක්ෂයේම මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතාට පහර දීම නිසා සභාව දැඩි උණුසුම් කාරි තත්ත්වයක් ඇති විය.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහ නගර සභාවේ 2022 වර්ෂය සඳහා වූ අයවැය ඡන්දය විමසීමකින් තොරව සම්මත විය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් (පොහොට්ටුව) පවසා සිටියේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මහනුවර මානකඩ සභාව දැඩි මුදල් අර්බුදයකට මුහුණ පා සිටින බැවින් අයවැයට විරුද්ධ නොවන බව කියා සිටියේය.
ඒ බව සමුප්‍රදායානුකූලව විපක්ෂ නායෙවරයා සභාවට දැනුම් දුන්නේය. විපක්ෂ නායකවරයාගේ කතාවෙන් පසු පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධම්මික පෙරේරා අදහස් ප්‍රකාශ කිරීම සඳහා කාලය ඉල්ලා සිටි අවස්ථාවේ එය සම්ප්‍රදායට පටහැනි බවට දැනුම් දීමත් සමග සභාව දැඩි උණුසුම් විය.
එහි දී පොදු පෙරමුණ මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතාට පහරදීමක් සිදු වූ අතර එම මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක්ද කළේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහනුවර සභාවේ විපක්ෂය ගුටි කෙළියක
Hafeel Wednesday, 22 December 2021 10:40 AM
එයාලා එකට හොරකම් කරනවා. එයාල යාලුවෝ. එයාල විනෝද වෙනවා. එයාල නුවරඑලිය මන්ත්‍රී බංගලාවේ එකට නිවාඩු ගත කරනවා. එයාල ඉතින් ඉඳල හිටල පොඩ්ඩක් ගහ ගන්නවා.
පැරකුම් Wednesday, 22 December 2021 11:28 AM
ඔය ගහගන්නෙ බොරුවට අපට පේන්න. ඕවට රැවටෙන්න එපා. ඕකතමයි අපි චන්දෙ දීල පත් කරගන්න දේ්‍රශපාලුවන්ගෙ සැබෑ තත්වය. වැරැද්ද අපේ අතේ. අවාසනාවට කවුරුත් ඒක තේරුම් ගන්නෙ නෑ.
RaveendraWednesday, 22 December 2021 12:05 PM
සහතික ඇත්ත. මුන් ඔක්කොම පට්ට හොරු...දියවනාව පට්ටියේ ඉන්නේ මුල්පෙළේ තක්කඩි හොරු මේ ඉන්නේ දෙවෙනි තුන්වෙනි පෙලේ "ගොල්ළෑ " හොරු.... අනාගතේ මේ "ගොල්ළෑ " හොරුම තමයි දියවනාව පට්ටියේ මුල් පෙලේ තක්කඩි හොරු වෙන්නේ. මෙම අදහස් අප රටේ තිබෙන උපන් රට ගොඩනගනවා යයි සෑමදාම උඩුබුරනනිල් ම කොළ රතු, වලත්ත පක්ෂ සියල්ලටම අදාලය.
kusumalatha Wednesday, 22 December 2021 11:50 AM
තු නෙදකින් මේ වගේ මිනිස්සු.මුන් වැදගත් විදියට හැසිරෙන්න දන්නේ නැති පිස්සෝ ටිකක් .නගරවැසියෝ මුන්ට ගහලා එලවන්න ඕනේ
fairoos Wednesday, 22 December 2021 04:02 PM
පොලිසියේ වෙලාව නාස්ති කරන්නැතුව අවවාදයක් කරලා ඉවර කරන්න,
hesa Thursday, 23 December 2021 03:22 PM
අප්පට සිරි, වාව්! නියම ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කියමන්නේ..