(දයාරත්න ඇඹෝගම)
මහවැලි එච් කළාපයේ අලුත් සහල් මංගල්‍යය උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අවුකන පිළිම වහන්සේ අභියසදී අද (25) පැවැත්විණි.
මහවැලි එච් කළාපයේ ගොවි ගෙවිලියන් සාම්ප්‍රදායිකව වාර්ෂිකව පසුගිය මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් කළාවැව් පාමුල පිහිටි අවුකන බුදුරුවට පූජා කිරීමේ පිංකම අවුකන විහාරාධිපති ශාස්‌ත්‍රවෙල්ලියේ ධම්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදී මහවැලි එච් කළාපයේ කොට්ඨාශ කළමනාකරණ කාර්යාලය මගින් සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට අවුකන රාජ මහා විහාරාධිපති ශාස්‌ත්‍රවෙල්ලියේ ධම්මකීර්ති හිමියන්, මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර අයි.එම් උභය කළ්‍යාණ කුමාර මහතා ඇතුළු රාජ්‍යය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් හා ගොවි ගෙවිලියන් විශාල පිරිසක් සහභාගී වූහ.



2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහවැලි එච් කලාපයේ අලුත් සහල් මංගල්‍යය අවුකන පිළිම වහන්සේ අභියසදී