( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වනාතවිල්ලුව මොරපතාව ගම්මානයේ අක්කර 5 ක භුමියක රුපියල් ලක්ෂ 12 ක් වියදම් කරමින් වගාකළ මාළු මිරිස් වගාවෙන් රුපියල් 12 ක් වත් ආදායමක් ලබා ගැනිමට නොහැකි බව මහා පරිමාණ වගාකරුවකු වන ඩි.අජිත් අප්පුහාමි මහතා පවසයි.
අජිත් අප්පුහාමි මහතා පවසන්නේ ඉතාමත් සරුසාර පෙළවක් වන වනාතවිල්ලුව මොරපතාව ගම්මානයේ මෙවර අක්කර 5 ක මාළු මිරිස් වගා කළ බවයි.
කාබනික පොහොර යොදා බිම් සැකසිම සිදු උවත් මාළු මිරිස් ගස් වර්ධනයට රසායනික පොහොර නොමැති විමත් මාළු මිරිස් ගස් වගාවට කුඩිත්තන්ගේ හානි හේතුවෙන් කොරිඩෑ විම සිදුවු බවත් ඒ සදහා කෘමිනාශක සොයා ගැනිමට නොහැකි විමත් සමග වගාව සම්පුර්ණයෙන් වි ඇති බව වගාකරු පවසයි.
මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු අජිත් අප්පුහාමි මහතා .
“ඇත්තටම මම වගා කරන්නේ කල්පිටියේ නමුත් මේ වනාතවිල්ලුවෙ මිළදි ගත්ත ඉඩමේ මාළු මිරිස් දැම්මේ සාරවත් පසක් නිසා , මේ වගාවට මේ වෙද්දි කුඩිත්තන්ගෙන් හානි වෙලා ගස් කොරිඩෑ වෙලා මේ සදහා යෙදිය යුතු කෘමිනාශක නොමැති විම නිසා අක්කර පහක මාළු මිරිස් වගාව සම්පුර්ණයෙන් විනාශ වෙලා.
වගාව මේ මට්ටමට ගෙන එන්න විතරක් රුපියල් ලක්ෂ 12 කට වැඩිය ගියා.
වල් අලින්ගෙන් වගාවන් ආරක්ෂා කරගන්න ඉඩම වටේ අලි අගල් අරින්න තවත් ලක්ෂ 5 ක් විතර වියදම් වුනා සේරම ගනන් බලපුහාම ලක්ෂ 17 ක් විතර වගාවට වියදම් කරලා මගේ මහන්සිය නැතුව. මෙච්චර වියදම් කරලාත් වගාවෙන් රුපියල් 12 ක් ගන්න බැරි තත්වයක් තිබෙන්නේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාළු මිරිස් වගාවෙන් ගොවියා කබළෙන් ලිපට
kamal Tuesday, 22 February 2022 12:31 PM
සර්ට කියන්න, මල්ලිගෙන් ඉල්ලලා පැඩුවට වන්දි ගෙවයි.
Sunil Tuesday, 22 February 2022 01:22 PM
මේ රජය තව වසර 3ක් පැවතුණොත් ලංකාවෙන් කෘෂිකර්මය චුතවෙයි...
පැරකුම් Tuesday, 22 February 2022 05:17 PM
හමුදා භටයින්ට නියෝග දෙන විදියට ගොවීන්ට නියෝග දුන්නාට වැඩක් නැති බව නැවතත් පෙනීගොස් ඇත...
fairoos Tuesday, 22 February 2022 05:57 PM
සර් ෆේල්...!
ajith Wednesday, 23 February 2022 12:45 AM
මාළු මිරිස් වගාවෙන් ගොවියා පමණක් නොව රටම කබළෙන් ලිපට...!