IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


යුද හමුදාවේ කාබනික වී වගාව සරු වී

(ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග)

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 වැනි සොනංකය සහ කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරුවල අස්වැන්න නෙළීම මේ දිනවල සිදු කරයි.

 58 වන සේනාකයේ සෙබළුන් සාම්ප්‍රදායික ක්‍රම යොදා ගනිමින් වගා අක්ක 12ක අස්සනු නෙළීම හා කොළමැසීමේ කටයුතු සිදු කළේය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ඩබ්ලිව්.ඒ.එස්.එස්.වනසිංහ මහතාගේ මූලිකත්වයෙන් අස්වනු නෙළීම ආරම්භ කළේය.

දෑකැති භාවිතා කර අස්වනු නෙළීම කටයුතු  සිදු කළ අතර ගොයම් පෑගීම අම්බරුවන්  යොදා ගැනීම විශේෂ සිද්ධියක් විය.

කන්දකඩු යුද හමුදා ගොවිපළේ අක්කර 180ක වී අස්වනු නෙළීම ද පසුගියදා සිදු කෙරිණි.  3 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බළකායේ අණ දෙන නිලධාරී ලුතිතන් ජනරාල්  ඩී.එල්.සී.එන්. මුතුතන්ත්‍රිගේ මහතාගේ උපදෙස් මත එම බළකායේ සෙබළු අස්වනු නෙළීම සිදු කළහ.

(ඡායාරූප: සිතුම් චතුරංග)


කන්දකඩු යුද හමුදා ගොවිපළේ අස්වනු නෙළීම



අදහස් (19)

යුද හමුදාවේ කාබනික වී වගාව සරු වී

Pradeep Kumara Friday, 28 January 2022 02:13 PM

ගොයම් කැපුවාට පසුව කොළ වේලෙන තුරු දවසක් දෙකක් තියෙන්න හැරියා නම් කොළ මැඩීමේදී වී ඇටය ඉක්මණින් ගසෙන් වෙන්වෙනවා..

:       21       22

MaheshFriday, 28 January 2022 02:52 PM

ඔවුන් අක්කර 180ක් වගාකරලා තියෙන්නේ ඔය කරුණ දන්නේ නැතුව වෙන්න ඇති. අපරාදේ, ඔයා ඕක කිව්වේ නැත්නම් අස්වැන්න ඔක්කොම ඉවරයි...

:       11       44

Pradeep KumaraFriday, 28 January 2022 04:39 PM

ඔබට සිංහල භාෂාව නොවැටහීම ගැන කණගාටුයි..

:       0       0

Pradeep KumaraFriday, 28 January 2022 10:02 PM

ඔබට සිංහල භාෂාව නොවැටහීම ගැන කණගාටුයි මහත්මයා. මම අස්වැන්න අපතේ යාමක් හෝ නාස්තියක් ගැන කියලා නෑ. සාමාන්‍යයෙන් ගවයින්ගෙන් හෝ ට්‍රැක්ටර් වලින් කොළ මඩිනවිට ගොයම් ගහ වියළිව තිබීමෙන් එම ක්‍රියාව පහසුවෙනවා. මෙතන කොළ මඩින්නේ ගවයින්ගෙන්... ඉතින් ගොයම් ගහ අමුවෙන් තියන නිසා ගවයින්ට සහ ඔවුන් හසුරුවන පුද්ගලයින්ට දැනෙන වෙහෙස වැඩියි. යාන්ත්‍රික කොළ මැඩීමකදී නම් ගහ අමුවෙන් තිබුණාට ගැටළුවක් නෑ. අපි පාරම්පරික ගොවියෝ නිසයි මේ ගැන අදහසක් දුන්නේ...

:       2       9

nimalSaturday, 29 January 2022 10:34 PM

තාක්ෂණය දියුණු යුගයක ගවයින් යොදවා ගොයම් පෑගීම වෙනුවට, ට්‍රැක්ටර් හෝ මැෂින් යොදා නොගන්නේ මන්ද? ගවයින්ට සහ ගවයින් පසුපස කොපමණ වෙලාවක් ගත වන්නේද? සැතපුම් ගණනක් ගමන් කරන්නේද? එසේ කිරීමෙන් ගවයින් සහ පසුපස ගමන් කරන සෙබළුන් හට වන වෙනත් රාජකාරියක් කිරීමට හැකියාවද පවතී..

:       3       2

jay Friday, 28 January 2022 02:32 PM

ඇත්ත තත්වය තේරුම් ගන්න ඕනේ. හමුදාවට ඕනෑතරම් සම්පත් තිබෙනවා. මානව සම්පත් තිබෙනවා. ඒත් අහිංසක ගොවියා මොකද කරන්නේ? කාබනික ගොවිතැන නෙමෙයි ප්‍රශ්නේ... ඒ වෙනුවෙන් යොදපු වැඩපිළිවෙළ...

:       6       33

samanFriday, 28 January 2022 03:28 PM

අමාරුවෙන් හරි කාබනික වගාවට යොමු වෙන එකරටක් වශයෙන් දිගු කාලීනව හොඳයි. මේ වැඩේට අකුල් හෙලන්නේ කම්මැලි ගොවියන්, කෘෂි රසායන අලෙවි කරන සමාගම් සහ බලයට කෑදර විරුද්ධ පක්ෂ සහ බැරි බැරියාවෙන් පෙලෙන නිලධාරීන් වාණිජ වගාව නිසා පසෙන් ඉවත්වන අත්‍යාවශ්‍ය සංඝටක හා අත්‍යාවශ්‍යම ප්‍රමිතියෙන් යුතු පලිබෝධ නාශක පමණක් නියමිත ප්‍රමාණවලින් ගොවීන්ට ලබා දෙන්න.

:       19       62

lakvidu Saturday, 29 January 2022 08:29 PM

ඉතින් ඔයාම කරලා පෙන්නන්නකෝ මහත්තයෝ, නිකන් වැදිබණ දෙසන්නේ නැතිව...

:       5       7

Pradeep Friday, 28 January 2022 03:25 PM

මෙහි නිෂ්පාදන වියදම කීයද? සාමාන්‍ය ගොවියෙකුට මෙතරම් පඩියක් ගෙවන්න අධික ශ්‍රමයක් යොදාගත හැකිද? 

:       19       33

ගොවිරාළFriday, 28 January 2022 04:35 PM

ප්‍රදීප් හරි මේ කන්නයේ කුඹුරු වැඩ පටන්ගත් දවසේ සිට වැඩකළ අයගේ වැටුප් සමග සියලු වියදම් (මෙම උත්සවයටත් සමග) සහ ලැබුණු අස්වැන්නේ වටිනාකම සසඳා සාර්ථක අසාර්ථක බව කියන්න ගොයම් කපන දර්ශන සරු ගොයමකින් ගත්තා නම් අපිටත් සතුටක් දැනේවි.. මේ කපන ගොයම නම් සරුබවක් ගොවීන්ට පෙනේද මන්දා...?

:       3       7

Dulan Friday, 28 January 2022 03:59 PM

එක ලියැද්දක් කරන්න කීදෙනෙක් ඉන්නවද? රටේ සාමාන්‍ය මිනිස්සුත් ඔහොම 100ක් විතර දාගෙන ගොවිතැන් කරනවා කියලද හිතන්නේ.. රටේ මිනිස්සුන්ගේ බදු මුදල් නේද මේ මරි මොට්ට වැඩවලට විනාශ කරන්නේ... කාබනික ගොවිතැන වගේ උත්තම සංකල්පයක් ක්‍රියාත්මක කරනකොට ඔය වගේ දවසෙන් දෙකෙන් ගහෙන් ගෙඩි එන්නා වගේ කරලා රටේ ගොවිතැන නැති භංගස්ථාන කරන්නේ බූරු පාලකයින්... එව්වා කරන්න ඕනෑ හරියට ප්ලෑන් කරලා ගොවි සංවිධාන හරහා ගොවියා දැනුවත් කරලා. රටේ කාබනික පෝර නිෂ්පාදනය ඉහළ නංවලා.. මේක රටට ගේන පෝර වලිනුත් මාටියා ගහලා ගොවිතැනත් විනාසම කරලා දැම්මා. අපි දැන් බෝංචි කරලකට රුපියල් 50ක් ගෙවන්න වෙලා. බූරු පාලකයින්, අපේ කරුමෙට මේ අයට ඡන්දේ දුන්නේ ...

:       19       29

යෝගා Saturday, 29 January 2022 05:51 AM

ඕවා පුහුතර්ක... ඉස්සර මේ රට පෙරදිග ධාන්‍යාගාරය වුනේ, පිටරටට හාල් යැව්වේ යූරියා ගහලාද?...

:       9       31

lakvidu Saturday, 29 January 2022 08:21 PM

ඒ කාලේ ජනගහනය ලක්ෂ 5ක් විතර... ඉතින් හාල් ඉතිරි වෙනවා තමයි. අනික අපේ රටෙන් හාල් කොච්චරක් පිටරට යැව්වා කියලා තියෙන ඓතිහාසික සාධක මොනවද?

:       2       8

Sudath Friday, 28 January 2022 04:14 PM

දැන් කාව සතුටින් තියන්නද? රවට්ටන්නද? මේ වගේ පොටෝ දාන්නේ.. ඔහොම නොකර අතින්ම බිම ගහලා වී ඇට ගැලෙව්වා නම් තවත් හොඳයි.. කාබනිකයි, ස්වභාවිකයි කියලා මේ වගේ විහිළු සපයන්නත් රටේ හමුදාවම යොදාගන්න එක වෙන්න ඇති සර්ගේ හොඳටම කෙරිල්ල..

:       4       7

sene Saturday, 29 January 2022 08:04 AM

"මැදිරගිරි මහ අඹගස්වැව යායනවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගාකළ කුඹුරු අක්කර 200ක් පමණ ගොයම ගොවීන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය." "යුද හමුදාවේ කාබනික වී වගාව සරු වී" මට නම් පිස්සු වගේ... !

:       12       5

gamini Saturday, 29 January 2022 10:41 AM

හැම ගමකටම හමුදාවේ කෙනෙක් දාමු... උපදෙස් දෙන්න ගොවීන්ට..!

:       2       38

RathnaSaturday, 29 January 2022 11:51 AM

ගමක් ගානේ යුදහමුදා කඳවුරු දැමීම සුදුසුයි.

:       2       26

පිටිගල මිලානෝ Saturday, 29 January 2022 11:59 AM

සියලු පහසුකම් සහ මූලධනය උපරිමව ඇති හමුදාව මේ සංදර්ශන පෙන්නන්නේ එදා වේලවත් සපුරාගන්න බැරි කබලෙන් ලිපට වැටී ඉන්න ගොවියාටද..? ලැජ්ජයි මහත්වරුනේ... ලැජ්ජයි...!!!

:       31       10

fairoos Sunday, 30 January 2022 01:12 PM

මේක සර්ගේ ෆොටෝ ෂූට් එකක්.. බයියන් හුරේ දානවා...!

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 105 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6637 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7689 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18354 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1317 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 81 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 879 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site